වාරි කර්මාන්තය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

"වාරි කර්මාන්තය" යනු වගා බිම්වලට කෘත්‍රිම ජලය සපයා දෙන ක්රමයයි. බෝග නිෂ්පාදනයේදී මෙම ජලය සැපයීම වැසි හිඟ කාලවලදීත් ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් ඇති ප්‍රදේශවලටත් ක්රියාත්මක කරයි. එලෙසම වගාවන් හිම පතනයෙන් වැළැක්වීම උදෙසාත් ජලය මෙලෙස කෘත්‍රිමව සැපයීම කරයි.

ඊට අමතරව වගාබිම්වල විශේෂයෙන්ම වී වැවෙන ප්‍රදේශවල වල්පැලෑටි වර්ධනය වාරිමාර්ග හෝ මෙම ජල සැපයුම් තුළින් පාලනය කරයි. මීට ප්‍රතිවිරුද්ධව වැසි ජලයෙන් පමණක් යැපෙමින් කරන්නා වූ වගාවන් වැසි ජලයෙන් පෝෂණය වූ වගාවන් ලෙස සලකයි. මෙසේ වාරිමාර්ග ඔස්සේ ලබාදෙන ජලය ඇලමාර්ග පද්ධතියක් ඔස්සේ යමින් ලබා දෙන බව අධ්‍යයනය කළ හැකිය.

ඉතිහාසය[සංස්කරණය]

පුරා විද්‍යා සොයාගැනීම්වලට අනුව ක්‍රිස්තු පූර්ව 6වන සියවසටත් පෙර මෙසපොටේමියානු (දෙගැම් බැදි රාජ්‍යය) හා ඊජිප්තු ශිෂ්ටාචාරයෙහි වාරිකර්මාන්තය පැවති බව ඔප්පු වී ඇත.වැඩි ජලය ප්‍රමාණවත් නොවූ බාර්ලි වගා කළ ප්‍රදේශයන්ට මෙසේ ජලය සැපයීම කර ඇත. ක්‍රි.පූ. 4වන ශත වර්ෂයේ සිට ක්‍රි.පූ. 9 වන ශතවර්ෂය දක්වා කඳුවැටියේ සානු හා නිම්නයේ ( Zana Valley)පැවති ඇලමාර්ගයක නටඹුන් සොයාගැනීමක් සිදුකර ඇත. වර්තමාන ලෝකයේ ආදිතම වාර්තා හැටියට මෙම ඇල මාර්ගය හැඳින්විය හැකිය. ක්‍රි.පූ 5වන ශතවර්ෂයට අයත් වාරිමාර්ගයක ලක්ෂණ14වන වන ශතවර්ෂයේ නිර්මාණය කළ ඇල මාර්ගය තුළින් දැකිය හැකි විය. ජලමාර්ග වලින් ජලය බෙදාහැරීම හා ජලය රැස්කර තබා ගැනීමේ තාක්ෂණය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේත්(පාකිස්ථානය ) හා උතුරු ඉන්දියාවෙන් දියුණුව පැවති බවට සාක්ෂි ඇත Girnar හි පිහිටි ජලාශද ක්‍රි.පූ.2600 දී පැවති ඇල මාර්ග වාරිකර්මාන්තයද මෙම වාරිමාර්ග ජලය සඳහා පැවතියේ විශාල ඇල මාර්ග සංඛ්‍යාවක් සේම විශාල වගාබිම් සංඛ්‍යාවක්ද යොදාගෙන තිබේ.

පැරණි ඊජිප්තු ඉතිහාසයෙන් ලැබෙන සාක්ෂි අනුව පාරාවෝ පෙළපත් තුන්වන ඇමෙනෙම්හෙට් රජ විසින් (දොලොස්වන අධිරාජ්‍යයේ) ක්‍රි.පූ. 1800 දී පමණ ෆ්යියුම් (faiyum) ක්ෂේම භූමි ප්‍රදේශයේ වියලි කාලයේදී ප්‍රයෝජන ගත හැකි ලෙස වැඩිපුර වූ ජලය තැන්පත් කරන තුන්වන ස්වභාවික ජලාශයක් ලෙස භාවිතා කළ බව පෙනේ. මෙම වැඩිපුර ජලය මෙහි රැස්වනුයේ වාර්ෂිකව පිටාර ගලන්නා වූ නයිල් ගංගාවෙනි.

ක්‍රි.පූ. 800 දී පර්සියාවේ ක්වාන්ට්ස්වරු විසින් භාවිතා කළ වාරිමාර්ග ක්‍රම උපාංගයන් පැරණිම ක්‍රමවේද ලෙස අදටත් භාවිත ‍ෙකරේ. අද එම ක්‍රමවේදයන් ආසියාවේ මැදපෙරදිග හ‍ා උතුරු අප්‍රිකාණු රටවල ද දැකිය හැකි වේ. මෙම ක්‍රියාවලියේ දී භූමි ගතව ඇති ජලය නල මාර්ග ඔස්සේ තද බෑවුම්වල හා ප්‍රපාතයන්ට විහිදී ඇති උමං මාර්ග හා සෘජුවම තැනූ ළිංවලින් සමන්විත ජලය ලබා ගැනීමේ දාමයක් ලෙස ක්‍රියාත්මක විය.

නොරියා(Noria) ජල චක්‍ර ක්‍රමයට (දිය පහරක ගලායන වේගයට අනුව ක්‍රියාත්මක වූ) ජලය භාවිතයක්ද මේ අවධියේදීම භාවිතයට ගැණුනි. ඒ උතුරු අප්‍රිකාවේ සිටි රෝමාණුවන් විසිනි. ක්‍රි.පූ. 150 වන විට පෙර වළල්ලක් වටා සවිකර තිබූ බැහැලුම් ක්‍රමයට අමතර පීල්ලක සවිකල බැහැලුම් වලට වඩා ක්‍රමිකව ජලය පිරවෙන ලෙස දියුණු කරණ ලදී.

ක්‍රි.පූ. 300 දාතමින් පටන් ගත් ශ්‍රී ලංකාවේ පෞරාණික වාරිකර්මාන්ත ක්‍රමය පණ්ඩුකාභය රජ තුමාගේ කාලයේ සිට ඉදිරි ශතවර්ෂ 10ක් පුරා ලෝකයේ පැවති ක්‍රමවේදයන්ගෙන් විශිෂ්ටම හා සංකීර්ණම ක්‍රමයක් ලෙස පැවතුණි. උමං මාර්ග ඔස්සේ ජලය ගෙන යන මාර්ගවලට අමතරව සම්පූර්ණයෙන්ම කෘත්‍රීම ජලාශයක් ප්‍රථමවරට ඉදිකිරීමේ ‍ෙගෟරවය ද සිංහලයන් සතුව ඇත. පරාක්‍රම රජ සමයේ මෙම ක්‍රමවේදය වඩා පුළුල්ව පනගන්වන ලදී.

ඉතා පැරණි ජල ඉන්ජිනේරුවන් ලෙස ක්‍රි.පූ. 6වන ශත වර්ෂයේ වසන්ත හා සිසිර කාලයන් හි සිටි සුන්ෂු ආවෝද වොරින් රාජ්‍යසමයේ සිටි (ක්‍රි.පූ. 5වන ශතවර්ෂය) එක්සුමන් බයෝද විශාල වාරිමාර්ග ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළෝය. ක්‍රි.පූ. 256 දී චිනයේ ක්වින්(Qin) අධිරාජ්‍යයේ යෙච්වාන්(szechwan) ප්‍රදේශයේ Dujiangyan වාරිමාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක ‍ෙකරිණි. එයින් අදටත් විශාල වගා බිම් ප්‍රමාණයකට ජලය සැපයේ.

ක්‍රි.පූ. 01වන ශතවර්ෂයේ හැන් අධිරාජ්‍ය සමයේ පහත් බිමක සිට උස් බිමකට ජලය ඇද ගන්නා පොම්ප ක්‍රමයක් භාවිතා කරන ලදී. මේවා පනගන්වන ලද්දේ පයෙන් පෑගීමෙන් ,ජල චක්‍ර හෝ ගවයන් විසින් ඇදන් යනු ලැබූ යාන්ත්‍රික රෝද වලිනි.මෙසේ සපයාගත් ජලය නාගරික නිවාසවල සාමාන්‍ය කටයුතු සඳහා,උයන්වතු සඳහා භාවිත කළ අතර ප්‍රධාන වශයෙන් වගා බිම් සඳහා ඇති. වාරිමාර්ගයන්ට ජලය සැපයීමට‍යොදා ගැණින.

ක්‍රි.පූ.1441 දී එනම් 15වන ශතවර්ෂයේ දී කොරියානු ජාතිකයන් විසින් ප්‍රථම වරට ජලය මනින උපකරණයක් නිපදවන ලදී.ඒ චෝසන් අධිරාජ්‍ය සමයේ සිටි සේ යොන්ග් අජුගේ අනුග්‍රහය ඇතිව ජාන්ග් යන්ග් සිල් නැමති කොරියානු ඉංජිනේරුවකු විසිනි. මෙම උපකරණය වැසි ජලය ලැබෙන ජලාශවල භාවිතා කරන ලදී. මින් ලබාගන්නා තීරණ අනුව සැලසුම් ශිල්පීන්ට හා ගොවියන්ට සිය කටයුතු හොඳින් සංවිධානය කර ගැනීමට හැකි විය.

වාරිමාර්ග කටයුතු වල වර්තමාන[සංස්කරණය]

20 වැනි ශත වර්ෂය වන විට ඩීසල් සහ විදුලි මෝටර් වල පැතිරීමත් සමග පලමු වතාවට භූගත ජලය පොම්ප කිරීමෙන් පොළව මතුපිටට ලබාගැනීම පෙරට වඩා කාර්යක්ෂම අන්දමින් සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස භූගත ජල ප්‍රමාණය විශාල ලෙස අඩුවීම, ජලයේ තත්වය බාල වීම, පොළව ගිලා බැසීම සහ වෙනත් ගැටලු මතු වයි. එමෙන්ම උතුරු චීන තැනිතලාව පන්ජාබ් ප්‍රදේශය සහ එක්සත් ජනපදයේ මහා නැති තලා ප්‍රදේශය වැනි කලාපයන්හි අනාගත ආහාර නිෂ්පානදය තර්ජනයට ලක්විය.

වර්ෂ 2000 දී පමණ ලෝක මට්ටමින් වර්ග කි‍ලෝ මීටර් 2788000 (අක්කර මිලියන 689) ක කෘෂි කාර්මික ඉඩම් වල‍ට වාරිමාර්ග පහසුකම් සදහා සුදානම් කළ 68% ක ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ ආසියාවේ වන අතර 17% ක් ඇමෙරිකාවේ ද, 9% ක් යුරෝපයේද, 5% අප්‍රිකාවේ ද, 1% ඕස්ට්‍රේලියානු කලාපයේද පිහිටා ඇත. මේවා යින්ද ඉතා හොඳින් වාරි පහසුකම් සපයා ඇති ඒකාබද්ධ ප්‍රදේශ වශයෙන් උතුරු ඉන්දියාවේ සහ පකිස්තානයේ ගංඟා සහ ඉන්දු නදී අසබඩ ප්‍රදෙ‍්ශ, චීනයේ හායි හෙ හුආන්ග් හෙ සහ සැංග්සි ද්‍රෝණියේ ප්‍රදේශ, ඊජිප්තුවේ සහ භූතානයේ ගඟබඩ ප්‍රදේශ, මියුරි - මිසිසිපි ගංඟා ද්‍රෝණිය සහ කැලිෆෝනියාවේ සමහර ප්‍රදේශ හඳුනාගෙන ඇත. ලෝකයේ ජන ගහණය වැඩි ප්‍රදේශ සියල්ලේම වාගේ කුඩා වාරිමාර්ග පහසුකම් වලින් යුත් ප්‍රදේශ පැතිරී ඇත.

වාරි ජලයේ ජල සම්පාදන මූලාශ්‍ර[සංස්කරණය]

උල්පත් වලින් හා ළිංවලින් ලබා ගන්නා භූ ගත ජලය, ගංගා, විල්, ජලාශ වලින් ලබා ගන්නා ජලය, සාම්ප්‍රදායික ක්‍රමයක් නොවන අපද්‍රව්‍යය පිරිසිදු කිරීමෙන් පසු ලබා ගන්නා ජලය වැඩිපුර තිබෙන ලවණ ඉවත් කිරීමෙන් සහ වැසිකිලි අප ජලය පිරිසිදු කිරීමෙන් ලබා ගන්නා ජලය ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබා ගන්නා මූලාශ්‍ර විය හැක.වාරි ජලය ලබා ගැනීමේ විශේෂ ක්‍රමයක් වන්නේ ජල ගැලීම් අවස්ථාවලදී එක් රැස් කර ගන්නා ජලයයි. මෙම ජලය වේලි, ඇල මාර්ග,අමුණු , උපයෝගී කර ගනිමින් වියළුණු ගංගා පතුල්වලට හරවා විශාල ප්‍රදේශයකට බෙදා හරිනු ලැබේ. ඉන්පසු බිමෙහි රැඳී .තිබෙන තෙතමනය වගා කටයුතු සඳහා යොදා ගනු ලැබේ. ජල ගැලීම්වලදී එකතුකරගන්නා ලද ජලය යොදා ගෙන කරන ජල සම්පාදන ක්‍රමය විශේෂයෙන් භාවිතා වන්නේ අර්ධ ශුෂ්ක, ශුෂ්ක ප්‍රදේශ සහ කඳු ආශ්‍රීත ප්‍රදේශවලයි. ජල ගැලීම් අවස්ථාවලදී වැසි ජලය (එකතුකර ගන්නා ජලය ) ප්‍රයෝජනයට ගැනීම පිළිගත් ජල සම්පාදනය කිරීමේ ක්‍රමයක් වන නමුත් වැසි ජලය එවැන්නක් ලෙස සාමාන්‍යයෙන් පිළි නොගැනේ. වැසි ජලය එකතු කර ගබඩා කිරීම යනු නිවෙස්වල වහලවල්වලට , මුඩු ඉඩම්වලට වැටෙන වැසි ජලය එකතු කිරීමයි. පසුව මෙම ජලය වගාබිම්වලට අරපරිස්සමෙන් යෙදීමයි. එබැවින් මෙම ක්‍රමය ජලය එක් රැස් කොට අරපරෙස්සමෙන් භාවිතා කරන ක්‍රමයක් ලෙස සැලකේ.


උද්‍යාන වාරිමාර්ග පද්ධති - භූමි වාරිමාර්ග පද්ධතියක් ක්‍රියාත්මක වන ආකාරය[සංස්කරණය]

බොහොමයක් වානිජමය හා ගෘහස්ථ වාරිමාර්ග පද්ධති වේ. එනම් සියළු දේ භූමිය තුළ වළ දමා ඇත. ජල නළ, වතුරමල් හා වාරිමාර්ග වෑල්ව සඟවා ඇති එමඟින් වඩා පිරිසිදු හා ප්‍රදර්ශනාත්මක භූ දර්ශනයක් සපයන අතර ගෙවතු නළ හෝ අනිකුත් අංග අතින් එහි මෙහා රැගෙන යාමට සිදු නොවේ.

ජල ප්‍රබව හා ජල නළ එලීම

ජල විදින පද්ධතිවල ආරම්භය වන්නේ ජල ප්‍රබවයකි. එය සාමාන්‍යයෙන් පවතින ජල මාර්ගයකට වූ ජල කරාමයක් හෝ ළිඳකින් හෝ පොකුණකින් ජලය ඉවතට අදින ජල පොම්පයක් විය හැකිය. ජලය පයිප්ප හරහා ජල ප්‍රබවයේ සිට වෑල්ව තුළින් ජල විදින වතුර මල්වලට ගමන් කරයි. ජල ප්‍රබවයේ සිට වාරිමාර්ග වෑල්ව දක්වා ඇති ජල නළ ප්‍රධාන ජල මාර්ග ලෙස හා වෑල්වවල සිට වතුර විදින දක්වා නළ මාර්ග ආංශික ජල මාර්ග ලෙස හඳුන්වනු ලැබේ. වර්තමානයේ දී යොදා ගන්නා ජල නළ එලීම් වන්නේ HDPE හා MDPE හෝ PVC හෝ PEX ය. එයට හේතුව ඒවා ස්ථාපනය කිරීමට ඇති පහසු බව හා විඛාදනයට ඒවා දක්වන ප්‍රතිරෝධයයි. ජල ප්‍රබවයෙන් පසුව සාමාන්‍යයෙන් ජලය පරීක්ෂා වෑල්වයක් හරහා ගමන් කරයි. මෙමඟින් වාරිමාර්ග පද්ධතියේ ඇති ජලය නැවත ඇදීම වළක්වන අතර පිරිසිදු ජල සැපයුම් අඛණ්ඩව පවත්වා ගනී.

පාලක, ප්‍රදේශ හා වෑල්ව

බොහොමයක් වාරිමාර්ග පද්ධති ප්‍රදේශවලට බෙදා ඇත. ප්‍රදේශයක් යනු තනි වාරිමාර්ග වෑල්වයක් හා නළ මඟින් එකිනෙක සම්බන්ධ වී ඇති වතුර විදින එකක් හෝ කිහිපයකි. මෙලෙස වාරිමාර්ග පද්ධතියක් ප්‍රදේශවලට බෙදා ඇත්තේ මුළු යායකට හෝ ක්‍රීඩාංගනයකට එකවර වතුර විදීම සඳහා ප්‍රමාණවත් තරම් පීඩනයක් හෝ ගැලීමක් ලබා ගත නොහැකි නිසාය. එක් එක් ප්‍රදේශයට වාරිමාර්ග පාලකයක් මඟින් වයරයක් හරහා පාලනය වන පරිනාලිකා වෑල්වයක් ඇත. වාරිමාර්ග පාලකයක් යනු යම් නිශ්චිත වේලාවක දී යම් ප්‍රදේශයකට ක්‍රියාත්මක වීමට හා එය විශේෂිත කාල පරාසයක් පුරාවට පවත්වා ගැනීමට සංඥා කරන යාන්ත්‍රික හෝ විද්‍යුත් උපාංගයකි. පාරිසරික තත්ව වලට අනුව ජලය දැමීමේ කාලය එමඟින්ම තීරණය කිරීමේ හැකියාව ඇති පාලක හැඳින්වීමට යෙදෙන වර්තමාන වදන වන්නේ ස්මාට් පාලක යන්නයි. ස්මාට් පාලක මඟින් වර්තමාන තත්ව තීරණය කරනු ලබන්නේ අදාල ප්‍රදේශය සඳහා වූ ‍ඓතිහාසික කාළගුණ දත්ත මඟින් එය ආර්ද්‍රතා සංවේදකයක් (ජල විභවය හෝ ජල අන්තර්ගතය) කාළගුණ ස්ථානයක් හෝ මේවායේ සංයුක්තයක් විය හැක.

ජල විදින‍

යම් ප්‍රදේශයක් ක්‍රියාත්මක වීමේ දී ජලය ආංශික මාර්ග හරහා පැමිණ ජල විදිනවල හිස් අසලින් අවසන් වේ. බොහොමයක් විදිනවල පතුලෙහි පොට සහිත ඇතුළත් කිරීම් ඇති අතර එමඟින් එයට නලයක් සම්බන්ධ කිරීමට ඉඩ ලබා දෙයි. ජල විදින සාමාන්‍යයෙන් ස්ථාපනය කර ඇත්තේ ඒවායේ හිස භූමි මට්ටමේ පවතින ලෙසය. ජලය පීඩනය භාජනය කළ විට එම හිස් භූමිය ඉවතට මතු වී වෑල්ව වැසී ජලය ගැලීම නවතින තෙක් අදාල ප්‍රදේශයට ජලය විදීම සිදු වේ. ආංශික මාර්ගයේ තවදුරටත් ජල පීඩනය නොපවතින විට ජල විදින හිස නැවත භූමිය තුළට කිඳා බසිනු ඇත.

වාරි ක්‍රම වල ගැටළු[සංස්කරණය]

  • මතු පිට ජල අයිතීන් සඳහා තරඟය.
  • භූගත ජලය ක්ෂය වීම.
  • පොළව කිඳා බැසීම (උදා- නිව් ඕර්ලියන් , ලුසියානා)
  • ඉහල වාෂ්පීකරණයක් සහිත ප්‍රදේශ වල විශ සහිත ප්‍රදේශ වල ලුණු තැන්පත් වීම. මෙම තත්වයෙන් මිදීම සඳහා එම ලවණ ක්ෂය කිරීමේ ක්‍රමයක් හෝ ලුණු දියවී ගලා යෑමට පරිවහන ක්‍රමයක් යෙදිය යුතුය. නැතහොත් වාෂ්පීකරණය අවම කිරීම සඳහා ආවරනයක් යෙදිය යුතුය.
  • වැඩිපුර ජල සම්පාදනය, බෙදාහැරීමේ සමානාත්වය දුර්වල වීම හෝ කළමණාකරනය නිසා ජලය රසායන ද්‍රව්‍ය අපතේ යෑම ජල දූෂණයට හේතුවක් වීම.
"https://si.wikipedia.org/w/index.php?title=වාරි_කර්මාන්තය&oldid=357336" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි