වාරණය යනු කුමක්ද

විකිපීඩියා වෙතින්

වාරණය යනු[සංස්කරණය]

සරලව කිවහොත් යම් නිර්මාණයක් නීතිමය තහනමකට යටත් කිරීම වේ. එනම් ප්‍රසිද්ධියේ භාවිතා කිරීමට නොහැකි තත්වයට පත් කිරීම මෙමගින් සිදුවේ.

පාලනය කරනු ලබන පිරිසක් හෝ එම පිරිස විසින් පනවනු ලබන මණ්ඩලයක් විසින් හෝ ජනතාවගේ හිතසුව පිණිස වාරණ නීති මාලාවන් වරින් වර පනවනු ලැබේ. ඒ අනුව ඇතැම් ලේඛන පරික්ෂා කිරීම තහනම් කිරීම, ඇතැම් ජනමාධ්‍ය පාලනය කිරීම, හා ඒවා මගින් ප්‍රකාශ කරනු ලබන දේ පාලනය කිරීම හෝ තහනම් කිරීම යන කාර්‍යයන් ක්‍රියාත්මක වේ යැයි මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් වාරණය නිර්වචනය කරයි.

වාරණයේ ප්‍රභේද ගණනාවක් ඇත. ඉන් සමහරක් මෙසේය..

 * මුද්‍රිත මාධ්‍ය වාරණය     
 * රාජ්‍ය වාරණය 
 * හමුදාමය වාරණය 
 * අන්තර්ජාල වාරණය 
 * රුපවාහිනි වැඩසටහන් වාරණය 
 * ආගමික වාරණය 
 * දේශපාලන වාරණය 
 * සිනමා වාරණය  
 * ගීත/සංගීත වාරණය

වැඩිදුර කියවීම් සදහා - තොරතුරු සමාජයේ මාධ්‍ය භාවිතය හා වාරණය


Tashi Perera 11:00, 31 අගෝස්තු 2015 (UTC)

"https://si.wikipedia.org/w/index.php?title=වාරණය_යනු_කුමක්ද&oldid=470086" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි