වාඩියමංකඩ
කළුතර වස්කඩුව ප්‍රදේශයේ පිහිටි සුවිශේෂී මංසන්ධියක් වන්නේ වාඩියමංකඩයි.ගාළුපාරේ තිස් හත්වන කිලොමීටර් කණුව පසුකරමින් ගාල්ල දෙසට ගමන් කරන විට වාඩියමංකඩ මංසන්ධියට පිවිසිය හැක.යටත් විජිත සමයේ ගැල්වලින් බදුඅයකල මුහන්දිරම් වරයෙකු වූ කවිරත්න මුහන්දිරම් විසුවේ මෙම මංසන්ධියට පසෙකිනි. වාඩියමංකඩ නාමය කී සැණෙන් ඇතමෙකු බියට පත්කරවීමට සමත් ස්ථානයකි.ජනප්‍රවාදයට අනුව මෙම භූමිය බිලි භාරගන්නා වූ භූමියකි. තවත් ජනප්‍රවාදයක සඳහන් වන්නේ බ්‍රාහ්මණ කෝවිලක් මෙම භූමියට පසෙකින් පැවති බවත් එහි බිලි පූජා ශාන්තිකර්ම මෙම භූමියේ පැවති බවත් ය.
ඉතිහාසය
[සංස්කරණය]දහනවවන සියවසට පෙරදී වස්කඩුබද්දේ ගොවිගම සහ සලාගම ඉහල ප්‍රභූන්ගේ වරිග සභා මංඩපය පිහිටා තිබී ඇත්තේ මෙම මංසන්ධියේ ය. එය හැඳින්වූවේ වාඩිය ලෙසිනි. වාඩියේ මුල්පුටු හොබවන ලද්දේ ධර්මසේන රාළලාගේ පවුල විසිනි. අනෙක් සුවිශේෂී පරිවාර වූවේ වස්කඩුවේ අගම්පොඩි කවිරත්න මුහන්දිරම් පරපුර, අරඹේවත්තේ කවිරත්න පරපුර, මහවස්කඩුවේ කරුණාමුණි පරපුර,වාහලමුණි පරපුරක් සහ මොල්ලිගොඩ වලිමුණිගේ ජයසිංහ අබේසේකර ගම්පති පරපුරයි. එම පරපුරුවල පිරිස් එක්ව තම ගැටළු මෙම සභාවේදී කතා බහ කළේය. සුළු වශයෙන් පාරම්පරික දඬුවම් ලබාදීම්ද සිදුකළේය. වරිග සභාවේ පිරිස් විසින් පිළිගත් සාමාජිකයන් විසින් මෙම සභාව පාලනය කළේය. 1824 වසර වන විට මෙම වරිග සභාවේ පාලනය අත්පත් කරගෙන සිටියේ වලිමුණිගේ දෝන ඉල්ලේනා රශෙල් ද සිල්වා ජයසිංහ ධර්මසේන ළමාතැනීය. වස්කඩු බද්දේ විරිත් ප්‍රකාරව තෝරාගත් ගොවිගම සලාගම පවුල් කීපයක් හැර අනෙක් අන්තර්කුල විවාහය මෙහි වූ රදළයන්ට තහනම් විය. නමුත් ධර්මසේන ළමාතැනීගේ දියණියක් වූ යකුන්දූවේ හිටිරාළලාගේ දෝන මාරියා පෙරේරා ධර්මසේන මොල්ලිගොඩ සුසෙව්හේවගේ හාමියෙල් ප්‍රනාන්දු සමග විවහපත් වූවේ හොරරහසේමය. වරිග සභාව විසින් ඇයට පෙළපතේ නාම අහෝසි කරවා අනෙක් සියළු වරප්‍රසාද නැති කළ යුතු බවට පවසා සිටියත් වරිග සභාවේ මුල්පුටුව හෙබවූ ධර්මසේන ළමාතැනී ඒ කිසිඳු උපදෙසක් නොසලකා හැර දියණිය ගේ පක්ශය ගත්තේය. මෙය මහා ගැටුමක පෙර නිමිත්තවිය. කෝපාවිශ්ඨ වූ වරිග සභාවේ කාරක සභිකයක් විසින් ධර්මසේන ළමාතැනීව සභාව තුලදීම ඝාතනය කළේය. එම ගැටළුව පාර්ශව ගණනාවක් අතට පත්වීම නිසා විසිතිස් දෙනෙකුට මරු කැඳවූ කේදවාචකයක් විය.වාඩිය වරිග සභාව කැඩී විනාශ විය.එහි විසූ නෑ සනුහර එකිනෙකා සතුරන් බවට පත් විය. මංකඩ පිහිටියා වූ වාඩියේ නාමයෙන් වාඩියමංකඩ නාමය පමණක් ශේෂ වී තිබේ.
මූලාශ්‍ර
[සංස්කරණය]වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර 1875 වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි/ පොතුපිටිය රජමහ වෙහෙර 1998 බද්දේගම සුමන හිමි