ව්‍යාපාර ක්ෂේත්‍රයේ ආචාරධර්ම

විකිපීඩියා වෙතින්

සමාගම් ආචා‍ර ධර්ම හා ප්‍රතිපත්ති[සංස්කරණය]

ආචාර ධර්ම වැඩසටහනක කොටසක් ලෙස ඇතැම් සමාගම් සිය සේවකයන්ට අදාළ වන අභ්‍යන්තර හැසිරීම් මාලාවක් සකස් කර ඇත. පුළුල් වශයෙන් සළකන කල මේ ප්‍රතිපත්ති සාමාන්‍ය දිරිගැන්වීම් ලෙස සැළකිය හැකිය. වඩාත් පුළුල් ලෙස සාමාන්‍ය භාෂාවෙන් කීවොත් එය සමාගමේ ආචාර ධර්ම පිළිබඳව සකසන ලද ලේඛනයකි. එසේම මෙය තවත් සවිස්තරාත්මක ලෙස සමාගමේ එදිනෙදා ආචාර ධර්ම සංග්‍රහය ලෙසද හැඳින්විය හැකිය. මෙය ව්‍යාපාර කටයුතු වලදී පැන නගින එදිනෙදා ගැටළු වලට උපදෙස් ලබා දෙන අතරම සමාගමේ සේවකයන්ගේ අපේක්ෂා හඳුනාගැනීමට ද ඉවහල්වේ. මෙවැනි ප්‍රතිපත්ති පැවතීම නිසා ගැඹුරු අවබෝධයක් ලබනට සේවකයින්ට හැකිවන අතරම ක්‍රියාකාරිත්වයේදී එකිනෙකට අනුකුල සංයෝජනයක් ඇති වේ. එමඟින් අනාගත ව්‍යාපාරික ආචාර ධර්ම බිඳ වැටීම් නිසා සිදුවන ව්‍යසනයන් වළක්වා ගැනීමටද හැකිවේ.

තම සේවකයන් සම්මන්ත්‍රණ වලට කැඳවා සමාගමේ ප්‍රතිපත්ති, විශේෂිත සිද්ධි අධ්‍යයනයන් , නීතිමය අවශ්‍යතාවයන් සහ ව්‍යාපාරික ක්‍රියාදාමයන් පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන සමාගම් ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. ඇතැම් සමාගම් විසින් තමන්ද සමාගමේ හැසිරීම් නීති සංග්‍රහයට අනුකුලව ක්‍රියා කරන බවට ගිවිසුමකට අත්සන් කරනු ලබයි.

සිය සේවකයන් ව්‍යාපාරයේ ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීමට තුඩු දෙන වාතාවරණික සාධක පිළිබඳවද බොහෝ සමාගම් තක්සේරු කර බලයි.

ආචාර ධර්ම පාලනය කරන ආයතනික ප්‍රතිපත්තියට සියළු දෙනාම එකඟ නොවි ඔවුන් පවසන ආකාරයට එවැනි අවස්ථාවල සේවකයන්ට සිය තීන්දුවට අනුව ක්‍රියාකරන්ට ඉඩ දීමෙන් වඩා ‍හොඳ ප්‍රතිඵල ලැබිය හැකිය.

වෙනත් අය පවසන්නේ මෙය මූලික වශයෙන් ප්‍රායෝගික උවමනාව මත කරන්නක් බවත් එය හේතු කොට ගෙන ව්‍යාපාරයේ නීතිමය වගකීම අඩුවන බවත්ය. එසේම තමන් හොඳ ආයතනික සාමාජිකයෙකු බව පෙන්වා පොදු ජනතාවගේ හොඳ හිත දිනා ගැනීමේ අදහසින් මෙසේ කරන බවත් ඔවුහු අදහති. හැම අතින්ම බලන කළ සේවක පක්ෂය, නීත්‍යාකූලව ක්‍රියා කරන විට සමාගමට නඩු හබ වළක්වාගත හැකිවේ. එසේම අධිකරණයට ගියවිටකදී පවා සිය සේවකයා සමාගමේ ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා නොකළා නම් මෙවැන්නක් සිදුනො‍වන බවද සමාගමට කිව හැකිවේ.

සමහර විටක සමාගමේ ආචාර ධර්ම හා සමාගමේ සැබෑ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය අතර සම්බන්ධය බිඳී තිබිය හැකිය. මෙහිදී කළමනාකරුවන් විසින් මෙවැනි හැසිරීමක් ගැන ප්‍රකාශිතව නීති පනවා තිබුණත් නැතත් , විය හැකි නරකම දෙය නම් මෙය සමාගමේ සිදුකළ (වංචාවක්) ලෙසද පාරිභෝගිකයා විසින් සිතනට ඉඩකඩ තිබේ . වියහැකි හොඳම දෙය නම් මෙය සමාගමේ ව්‍යාපාරික මෙවලමක් ලෙසට පාරිභෝගිකයා විසින් අවබෝධ කර ගැනීමයි.

සැබැවින්ම සාර්ථක වීමට නම් පහත සඳහන් ආචාර ධර්ම ප්‍රතිපත්ති තිබිය යුතු බව ආචාරධර්මවාදීහු තර්ක කරති.

  • වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද කළමනාකරුවන්ගේ අනුමාන රහිත සහය ලැබිය යුතුය.
  • කලින් කලට සිදුකරන වෙරගැන්වීම් වලදී එය වාචිකව මෙන්ම ලිඛිතව ලබාදිය හැකිය.
  • කරන කටයුතු සේවකයන්ට අවබෝධ කළ හැකි මෙන්ම ක්‍රියාත්මක කළහැකි ඒවා විය යුතුය.
  • ඉහළ කළමනාකාරිත්වය විසින් අනුපිළිවෙලකට කළයුතු එකඟවීම් හා සංවර්ධනය කිරීම් සහිත අධීක්ෂණයක් පවත්වා ගත යුතුය.

ජාත්‍යන්තර වෙළඳාමට සහ ආර්ථික ක්‍රමයන්ට අදාල ආචාරධර්‍ම[සංස්කරණය]

මෙය ක්ෂේත්‍ර දෙකක් වුවත් එක්ව ගෙන සළකා බැලෙනුයේ එකිනෙකට ඇති බැඳීම සලකා බැලීමෙනි.


ජාත්‍යන්තර වෙළඳාමට අදාල ආචාර ධර්‍ම[සංස්කරණය]

ව්‍යාපාරයන්ට අදාල ආචාර ධර්‍ම විෂයක් වශයෙන් මතුව ‍ආයේ 1970 දී වුවත් , 1990 අග භාගය වනතුරු ජාත්‍යන්තර වෙළඳාමට අදාල ආචාර පද්ධතියක් ගොඩනොනැගුණි.

පසුකාලීනව ජාත්‍යන්තර වෙළඳාම් සංදර්භයට අදාලව නව ප්‍රායෝගික ගැටළු රැසක් මතුවිය. සංස්කෘතින්ට අදාල ආචාර ධර්‍ම මෙයින් මුල් තැනක් ගත්තේය. මුල සිටම විවාදයට පාත්‍ර වූ අනෙකුත් ප්‍රශ්න පහත සඳහන් අයුරු කොටස් කළ හැක.

  • ජාත්‍යන්තර වෙළඳ හැසිරීම් රටාවේ සමස්ථ අගයන් පිළිබඳ කරන පර්යේෂණ
  • විවිධ රටවල ව්‍යාපාරික ආචාර ධර්‍ම සසඳා බැලීම
  • විවිධ ආගමික දෘෂ්ටි කෝණයන්ගෙන් ව්‍යාපාරික ආචාර ධර්‍ම සසඳා බැලීම
  • ජාත්‍යන්තර වෙළඳාමේ දී ඇතිවන ආචාර ධර්‍ම ගැටළු

උදා: ඖෂධ නිෂ්පාදනයේ දී පාරම්පරික ඖෂධ යොදා ගැනීම, තුන්වන ලෝකයේ රටවල් වලින් ජාන සහ තාක්ෂණය ආදිය සොරා ගැනීම, සාධාරණ මිලක් පවත්වා ගැනීම, අනුබද්ධිත සමාගම්වලට භාණ්ඩ හෝ සේවා සැපයීමේ දී මිල නියම කිරීම.

  • ගෝලීයකරණය සහ සංස්කෘතික අධිරාජ්‍යවාදය
  • වෙනස්වන ගෝලීය තත්ත්වයන් උදා: ළමා කම්කරුවන් යොදා ගැනීම
  • බහුජාතික සමාගම් අඩු වැටුප් ගෙවන රටවලින් සේවා සහ සැපයුම් ලබා ගැනීම උදා: ඇඟලුම්, සේවාවන්
  • නොසැලෙන රාජ්‍යයන් හා ජාත්‍යන්තර වෙළඳාමට ඇති අවසරය


ආර්ථික ක්‍රමවලට අදාල ආචාර ධර්‍ම[සංස්කරණය]

සෘජු සම්බන්ධතාවයක් නැති ව්‍යාපාරික ආචාර ධර්‍ම වලට මෙය සම්බන්ධය. ආර්ථික ප්‍රතිලාභ බෙදා හැරීමේ දී විවිධ ක්‍රමයන්හි දේශපාලනික ආර්ථිකය සහ දේශපාලනික සොයා බැලීම මෙහිදී සිදුකෙරේ. මේ විෂය සම්බන්ධයෙන් ජෝන් රෝල්ස් (1921 – 2002) විශාල මෙහෙයක් ඉටු කළේය.


සටහන්[සංස්කරණය]

Business ethics International business ethics and ethics of economic systems