ව්‍යාපාර ආචාර ධර්මයන්හි න්‍යායාත්මක තත්ත්වයන්

විකිපීඩියා වෙතින්

පරස්පර රුචිකත්වයන්[සංස්කරණය]

ව්‍යාපාර ආචාර ධර්ම විවිධ පැතිකඩවල් වල සිටිමින් පරීක්ෂා කළ හැක. ඒවා නම් සේවකයන්ගේ දෘෂ්ඨියෙන් වානිජ ආයතන වල දෘෂ්ඨියෙන් හෝ සමාජ එක්ව ගත් කල එම දෘෂ්ඨියෙන් බොහෝ විට එක් පාර්ශවයක් තවත් පාර්ශවයකට අවාසියක් හෝ හානියක් වන දෙයක් සිදු කිරීම තුළින් පාර්ශව 2 ක් හෝ ඊට වැඩි ගණනක් අතර ගැටුම් කාරී තත්ත්වයන් උද්ගත වේ. උදාහරණයක් ලෙස ඇතැම් විට මෙහි ප්‍රතිඵලයන් සේවකයන්ට සුභදායි වන විට ආයතනයට හෝ සමාජයට අවාසිදායක විය හැක. එසේ නැතහොත් එහි අනෙක් පස සිදුවිය හැක. ඇතැම් ආචාර ධර්ම වාදීන් (හෙන්රි සිග්රික්) ආචාර ධර්ම වල මූලික ප්‍රදාන කාර්යය ලෙස පරස්පර රුචිකත්වයන්ගේ එකමුතු කිරීම් හා සමගි කිරීම් ලෙස දැක්විය හැක.


ආචාර ධර්ම ගැටළු හා ප්‍රවේශය[සංස්කරණය]

දර්ශන වාදීන් හා අනෙක් අය සමාජයේ පවතින ව්‍යාපාර ආචාර ධර්ම වල අරමුණු සමග එකඟ නොවෙයි. උදාහරණයක් ලෙස ඇතැම් අය පවසන්නේ ව්‍යාපාරයන්හි අරමුණ ලෙස අයිතිකරුවන්ගේ ඉපැයුම උපරිම කිරීම හෝ පොදු වෙළද දෘෂ්ඨියෙන් බැලුව හොත් කොටස් කරුවන්ගේ ඉපයුම උපරිම කිරීමයි. එමනිසා මෙම දැක්ම යටතේ දිරිගැන්විය යුතු වන්නේ ලාභදායිත්වය හා කොටස් හිමියන්ගේ අගය වැඩි කිරීම සදහා වන ක්‍රියාකාර කම් පමණි. ඇතැම් අය විශ්වාස කරන පරිදි තරඟකාරී වෙළද පොළ තුළ වඩාත් හොදින් ස්ථාපිත වී ඇති ආයතනයන් වන්නේ අනෙක් ඉහත සියල්ලටම වඩා ලාභ දායිත්වය උපරිම කිරීම කෙරෙහි සැලකිලිමත් වන ආයතනයන්ය. කෙසේ වෙතත් ඇතැම් අය පෙන්වා දෙන පරිදි නීතින්ට කිකරුවීමට හා මූලික සදාචාරාත්මක නීතීන් පිලිපැදීමට ව්‍යාපාර තුළ ස්වකැමැත්තක් තිබිය යුතුය. මෙය පිලි පැදීමට නොහැකි වීමේ ප්‍රතිවිපාක ලෙස ඉතා ඉහල දඩ ලැබීම බලපත්‍ර අහිමිවීම එම ආයතනයේ පිලිගැනීම අඩුවීම සිදුවිය හැක. මිල්ටන් ෆ්රිග්ම යන ආර්තික විද්‍යාඥයා මෙම දැක්මෙහි ප්‍රධාන යෝජකයෙකි.

අනෙක් න්‍යාය වාදීන් තර්ක කරනුයේ ව්‍යාපාරයට ආයතනයේ හිමිකරුවන්ගෙන් හා කොටස් කරුවන්ගේ රුචිකත්වය සලකා බලනවාට වඩා දීර්ග වු සදාචාරාත්මක වගකීම් ඇති බවයි. එසේම මෙම වගකීම් නීතියට මුලිකව එකඟ වීමට වඩා එහා ගිය දෙයකි. ඔවුන් විශ්වාස කරනුයේ ව්‍යාපාරයකට එකි කොටස් කරුවන් ව්‍යාපාරයක් ගෙනයාමට කැමති පුද්ගලයන්, සේවකයන්, පාරිභෝගිකයන්, විකුණුම් කරුවන්, දේශීය ප්‍රජාව හෝ සමස්ත සමාජය කෙරෙහි සධාචාරාත්මක වගකීම් ඇති බවයි. ඔවුන් පවසන පරිදි ව්‍යාපාරයට ඇල්ම ඇති පාර්ශවයන්ට ව්‍යාපාර මෙහෙයුම් කටයුතු පිළිබදව යම් අයිතියක් ඇති අතර ඇතැම් විටි මෙහි පාලන අයිතියක් පිළිබදව පවා කියවේ.

ව්‍යාපාර මෙහෙයුම් කටයුතු වලට සම්බන්ධ වන අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් වු ආයතන සේවකයන් හා අනෙක් පාර්ශවයන් තුළ සමාජ ගිවිසුම් න්‍යාය (Social Contract Theory) ඇතැම් න්‍යායා වාදීන් විසින් භාවිතා කරයි. ජෝන් රොල්ගේ A Theory of Justice හේතුවෙන් බෝහෝවිට දේශපාලන දර්ශනය තුළ පවත්නා ගිවිසුම් න්‍යායට වඩා ප්‍රතිවිරුද්ද ලෙස මෙම ප්‍රවේශය ප්‍රචලිත වන්න්ට විය. එසේම 1980 දශකයේ ගුණත්ව විචලනයේ පැතිකඩක් ලෙස මතුවී පැමැණි සම්මුති පාදක වු ප්‍රවේශයන්ට ළගා විය. මහාචාර්ය තෝමස් ඩොනල්සන් හා තෝමස් ඩන්ෆික් විසින් ඒකාබද්ධ සමාජ ගිවිසුම් න්‍යාය නමින් ව්‍යාපාර සදහා වු ගිවිසුම් න්‍යායට නව අනුවාදයක් යෝජනා කරන ලදී. ඔවුන් ප්‍රකාශ කරන්නේ පහත සදහන් ආකාර සංයෝගාත්මකව භාවිතයෙන් පාර්ශව අතර ඉතා හොද එකඟතාවයක් ගොඩනැගීම තුලින් පරස්පර රුචිකත්වයන්ට ඉතා හොද විසදුම් ලබාගත හැකි බවයි.

  1. විශ්වීය ප්‍රතිපත්තියක් මත සිට තාර්කකිව මිනිසුන් එකඟ වු සාර්ව ප්‍රතිපත්තිය යි.
  2. රුචිකත්වය සහිත පාර්ශව අතර සත්‍ය ලෙස එකඟ වීමෙන් ගොඩනගාගත් සුක්ෂම ප්‍රතිපත්ති

විවේචකයන් පවසන්නේ ව්‍යාපාරයක් යනු පුද්ගලයෙකුගේ දේපලක් බව හා එය බෙදී යාම කෙරෙහි සමාජ සාධාරණත්වයක් ඇති කරන කුඩා රාජ්‍යයක් නොවන බවට වු වැදගත් සිද්ධාන්තය ගිවිසුම් න්‍යාය මගින් අමතක කර ඇති බවයි.



Reference: http://en.wikipedia.org/wiki/Business_ethics#Theoretical_issues_in_business_ethics