ව්‍යාපාරික සංස්ථාවන්හි හැසිරීම් රටාවේ මුලික නෛසර්ගික ලක්ෂණ

විකිපීඩියා වෙතින්

මුලික නෛසර්ගික ලක්ෂණ පහත සඳහන් අයුරු වේ.

· ලාභය - ලාභ ලැබීම ව්‍යාපාරයන්හි මුලික පරමාර්ථය වේ. මහපරිමාණ ව්‍යාපාරික සංස්ථාවන් අවම වශයෙන් දීර්ඝ කාලීනවත් අඩු ලාභයක් වෙනුවට වැඩි ලාභයක් ලැබීමට කැමැත්තක් දක්වයි.

ලාභ ලැබීමේ පරමාර්ථය අත්‍යාවශ්‍යයෙන්ම සමාජයට සුභ සාධනයක් සැලසිම නොවුවත්, ලාභ නොලබන ආයතනයකට වඩා වැඩි සේවක සංඛ්‍යාවකට රැකියා සැපයීම එයින් ඉටුවේ. මෙම ව්‍යාපාරයන් පවත්වාගෙන යාමේ දී ව්‍යාපාරයට වාසිදායක වුවත්, පරිසරයට, සේවකයන්ට හා රාජ්‍යයට හානිකර නොවිය යුතු කරුණු සම්බන්ධයෙන් ගැටළු ඇති විය හැක.

තීරණ ගැනීමේ අයිතිය ජ්‍යෙෂ්ඨ කළමණාකරණය හිමිව ඇති ආයතන වල ජ්‍යෙෂ්ඨ කළමණාකරු සමහර අවස්ථාවලදී ලාභ ලැබීමේ පරමාර්ථ පසෙකලා සිය රැකියාව ආරක්ෂා කරගැනීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළඹේ. ව්‍යාපාරික සංස්ථාවන් සිය ව්‍යාපාරයන් පුළුල් කිරීමට කැමති වුවත්, සමහර අවස්ථාවලදී එසේ කිරීමට යෑමේ දී කොටස් වලට කැඩී ගිය අවස්ථාවද දැකිය හැක.


· අනාචාර ධර්‍ම - ප්‍රාණියෙක් නොවන බැවින් සංස්ථාවන්ට ආචාර ධර්‍ම හෝ පරහිතකාමී අරමුණු ‍නොමැත. එසේ වුවත් ඒවා පවත්වාගෙන යන්නන් අදාල රාමුව තුල ආචාර ධර්‍මයන්ට නතුවේ.

· ආධිපත්‍යය - ව්‍යාපාරික ආධිපත්‍ය විවිධ මට්ටම් වලින් ඇති අතර සීමිත ව්‍යාපාර කීපයක් තුල පමණක් කළමණාකරුවන් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී අයිතිවාසිකම් හිමිවී ඇත. බ්‍රසීලයේ ජිකාඩෝ සෙම්ලර් සිය සේවකයන්ට කළමණාකරුවන් සහ ක්‍රමෝපායන් සොයා ගැනීමේ අයිතිය පවරා ඇත. එපමණක් නොව ඔහුද ප්‍රධාන විධායක තනතුර සඳහා තරඟ වදියි. එය එවැනි ආයතනයකට හොඳ නිදසුනකි.


· සංවිධානයේ ලාභ රාමුව - ලාභ ලැබීම අරමුණු කරගත් සංවිධානයක අරමුණු ලාභ ලැබීමය. එම ලාභ ලැබීම සඳහා උපකාර වනුයේ ඒවාහි නිෂ්පාදන ක්‍රියාවලින් හා ක්‍රමෝපායන් පිටුපස සිටින සේවකයන්ය. ලාභය සහ ලාභ ලැබීම තීරණය වන්නේ ඔවුන්ගේ නිර්මාණ කෞෂල්‍ය, නව සොයා ගැනීම්, ජවය යොමුවීම සහ කැපවීම මතය.

එසේ වුවත් හොඳම සේවකයන් බඳවා ගැනීමෙන්ම පමණක් සාර්ථකත්වයක් නොලැබේ. එවැනි සමහරෙක් සේවයට පැමිණියත් ප්‍රධානීන්ගේ සහෝදර සේවකයන් සමඟ ගැටළු ඇතිවීම නිසා ඉවත්ව යති. නිසි මානව සම්පත් දායකත්වයෙන් පමණකි ආයතනයක සාර්ථකත්වය රඳා පවතින්නේ. ලාභ ලැබීමේ රාමුවක් තුල සාමුහික ක්‍රියාකාරීත්වය තුලින් සාර්ථකත්වය ලැබීම, මනෝ විද්‍යාව අවබෝධ කර ගැනීමත් සාර්ථක විය හැකි බව ලාභ රාමුවේ නිර්මාතෘ ජේමිස් ලියොන් චැන් ෂු ගේ අදහසයි.

ලාභ ලබන නෛසර්ගික ලක්ෂණයෙන් යුතු ආයතනයක සාර්ථකත්වය කෙරෙහි පහත කරුණු 6 බලපායි. 1. විශාල අරමුණු

2. ඒකාබද්ධ අනන්‍යතාවය

3. වෙනසක් ඇති කළ හැකි ක්‍රම වේදයක්

4. පොදු භාෂාවක්

5. අනෝන්‍ය සහයෝගය ලබාගත හැකි පරිසරයක්

6. මුල්‍යමය දැනුම

සටහන්[සංස්කරණය]

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Corporate behaviour Key characteristics of for profit Corporate