ව්‍යවහාරය

විකිපීඩියා වෙතින්

’කලාව’යන වචනයේ ඉතාමත්ම සාමාන්‍ය ව්‍යවහාරය ප‍්‍රසිද්ධියට පත්වූයේ 1750 න් පසුවය. එහිදී සෞන්දර්යාත්මක ඵලයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන කුසලතාවය හැඟවීම පිණිස ‘කලාව’ යන වචනය යොදාගනු ලැබිණි. බි‍්‍රටැනිකා විශ්වකෝෂය ‘කලාව’ අර්ථ නිරූපනය කරන්නේ ‘අන්‍යයන් සමග බෙදාහදාගත හැකි සෞන්දර්යාත්මක වස්තූන් පරිසරයන් හෝ අත්දැකීම් නිර්මාණය කිරීමේදී හැකියාව සහ පරිකල්පනය යොදාගැනීම’ ලෙසිනි. ‘කලාව’ වචනය පිලිබඳව වන කුමණ අර්ථනිරූපනය අනුව බැලූවද පූර්ව ඵෙතිහාසික චිත‍්‍රවල සිට වර්තමාන චිත‍්‍ර දක්වා වූ සෞන්දර්යාත්මක නිර්මාණයන්ට මිනිස් වර්ගයා තරම්ම දිගු ඉතිහාසයක් ඇති බව පෙනීයයි. ‘කලාව’ නැමැති සංකල්පය පිලිබඳව බොහෝ දේ ලියැවී ඇත. 1970 දී ඇඩර්නෝ කියා සිටියේ ‘දැන් පිලිගතයුතු කරුණ වන්නේ කලාව සම්බන්ධ කිසිවක් තවදුරටත් එසේ යැයි පිලිගත යුතු නොවන බවයි’ යනුවෙනි. කලාව පිලිබඳ මුල්ම සහ වඩාත් පුළුල් අර්ථය වන්නේ දළ වශයෙන් ‘හැකියාව’ නොඑසේනම් ‘කෞෂල්‍යය’ ලෙසින් පරිවර්තනය කරනු ලැබිය හැකි පැරණි ලතින් වචනය වේ. එමෙන්ම මෙම අර්ථයට සමාන අර්ථයක් ‘සැකසුම’ හෝ ‘පිළියෙල කිරීම’ යන අර්ථය ගැබ්වූ ඉන්දු යුරෝපීය මූල වචනයෙහිද ගැබ්ව ඇත. මේ අනුව බැලූකල කිසියම් කර්තෘවරයකු විසින් වුවමනාවෙන්ම සිදුකරන ලද්දාවූ සකස් කිරීමේ කි‍්‍රයාවලියකට බඳුන් වූ ඕනෑම දෙයක් කලාව යනුවෙන් හැඳින්විය හැක. මෙම තේරුම්ගැනීමේ ඉතා පුළුල් එකක් බව ඔප්පු කිරීම සඳහා උදාහරණ ලෙස ඉංගී‍්‍රසි භාෂාවේ කලාව සඳහා යෙදෙනි්රඑ’ යන වචනය ඇසුරුකොටගෙන බිහිවී ඇති artifact (මානවකෘතිය), artificial (නිර්මාපිත), artifice (ප‍්‍රයෝගය), artillery (කාලතුවක්කු), medial arts (මාධ්‍යයීය කලාවන්) සහ military arts (යුධකලාවන්) යනාදී යෙදුම් දැක්විය හැක. කෙසේවෙතත් මෙම යෙදුමේ වෙනත් බස්වහරෙහි යොදාගනු ලබන වෙනත් යෙදීම් රැසක්ද පවතින අතර ඒවායින් සමහරක් නිරුක්ති ශාස්ත‍්‍රය හා සම්බන්ධිත ඒවා වෙයි.

’කලාව‘ යන වචනයේ දෙවන සහ වඩාත් මෑතකාලීන අර්ථය වන්නේ නිර්මාණාත්මක කලාව සහ ලලිත කලාව යන දෙකෙහි සංක්‍ෂිප්තකරණයක් ලෙසිනි. කලාකරුවගේ නිර්මාණශීලීත්වය ප‍්‍රකාශකිරීම සඳහා හැකියාව යොදාගැනීම හෝ රසවිඳින්නන්ගේ සෞන්දර්යාත්මක සංවේදනාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම හෝ ලාලිත්‍යමය දේ අවධානයට ලක්කිරීම සඳහා රසවිඳින්නන් පෙළඹවීම ලලිත කලාව යනුවෙන් හැඳින්වේ. බොහෝවිට හැකියාවන් සාමාන්‍ය හෝ ප‍්‍රායෝගික ආකාරයෙන් යොදාගනු ලබන්නේ නම් ජනතාව එවැනි නිර්මාණයන් කලාව ලෙස නොව ශිල්පයක් ලෙස සලකනු ලබයි. එමෙන්ම හැකියාව වානිජමය හෝ කාර්මික ස්වරූපයකින් යොදාගනු ලබන්නේ නම් එය කලාව ලෙස නොව වානිජ කලාව ලෙස හඳුන්වනු ලැබේ. අනෙක් අතට සමහර අවස්ථාවන්හිදී ශිල්පීය නිර්මාණයන් සහ සැලසුම් ව්‍යවහාරික කලාව ලෙසින්ද සලකනු ලබයි. සමහර කලා අනුගාමිකයින් කියා සිටින්නේ ලලිත කලාව සහ ව්‍යවහාරික කලාව අතර වෙනස තීරණය කළයුත්තේ කලාව පිලිබඳ වටිනාකම පදනම් කොටගෙන මිස පැහැදිලි අර්ථනිරූපනමය වෙනස්කමක් පදනම් කරගෙන නොවන බවය. කෙසේ නමුත් හුදු ශුද්ධ නිර්මාණාත්මක බව සහ ස්වයං ප‍්‍රකාශනය අභිබවාගිය අරමුණු ලලිත කලාවට පවා ඇත. කලාකෘතීන්හි අරමුණ දේශපාලනික ආධ්‍යාත්මික හෝ දාර්ශනික අදහස් සන්නිවේදනය සුන්දරත්වය පිලිබඳ සංවේදනයක් නිර්මාණය කිරීම සන්තෘෂ්ඨිය සඳහා හෝ ප‍්‍රබල භාවයන් ජනනය කිරීම වියහැක. එමෙන්ම සමහර විටෙක එහි අරමුණ බැලූබැල්මට විද්‍යමාන නොවන්නක්ද වියහැක.

සොංග් රාජවංශික චිත‍්‍රශිල්පියකු වූ මා ලින් ගේ සිතුවමක්, 1250, සෙ. මී. 24. 8 × 25. 2

ලලිත කලාවේ ලලිත යන යෙදුම නිරුක්තිය ආරම්භවන්නේ යමක් පැහැදිලි කිරීමේදී හේතූන් හතරක් යෝජනා කරසිටි ඇරිස්ටෝටල්ගේ දර්ශනයෙනි. ඊට අනුව ඕනෑම යමක් පිලිබඳව වන අවසාන හේතුව වන්නේ එහි පැවැත්මේ අරමුණයි. ලලිත කලාව යන යෙදුම නිරුක්තිය ලබන්නේ මෙම සංකල්පයෙනි. කලාකෘතියක අවසාන අරමුණ එම කලාකෘතියම නම්, වෙනත් කිසිදු අරමුණක් වෙනුවෙන් නොවේනම් එනම් ‘කලාව කලාව උදෙසාම’ නම්, එකී කලාකෘතිය වඩාත් නිවැරදි ලෙස ලලිත කලාවක් ලෙසින් හැඳින්විය හැක. මීට සමීප සම්බන්ධයක් ඇති සුන්දරත්වය පිලිබඳ සංකල්පය ශාස්තී‍්‍රයව ‘එය කවර කල්හි දුටුවද සන්තෘෂ්ඨිය ඇතිකරන්න’ ලෙසින් අර්ථනිරූපනය කරනු ලබයි. සුන්දරත්වයේ අවසාන නිෂ්ඨාව සන්තෘෂ්ඨිය ඇතිකිරීම වන අතර ඒ අනුව එහි වෙනත් කිසිදු අරමුණක් නොමැති අතර එහි එහි අරමුණ වන්නේ එයමය.

නිර්මාණාත්මක හැකියාව පිලිබඳ අධ්‍යනය, නිර්මාණාත්මක හැකියාව යොදාගැනීමේ කි‍්‍රයාවලිය හෝ නිර්මාණාත්මක හැකියාව පිලිබඳ රසවිඳින්නාගේ අත්දැකීම ආදී වශයෙන් කලාවට බොහොමයක් දේ විස්තර කළහැක. නිර්මාණාත්මක කලාවන් (කලාව දැනුම් පද්ධතියක් ලෙස) වූ කලි පුද්ගලික හඹායාමක් (කලාව කි‍්‍රයාකාරකමක් ලෙස) විසින් මෙහෙයවනු ලැබූ සහ නරඹන්නාට අර්ථ නිරූපනය කිරීම සඳහා (කලාව අත්දැකීමක් ලෙස) පණිවුඩයක මනෝභාවයක හෝ සංකේතවාදයක පිලිබිඹුවක් හෝ අනුනාදයක් වන්නාවූ කලාකෘතීන් (කලාව විෂය වස්තුවක් ලෙස) නිෂ්පාදනය කරන (කලාත්මක) දැනුම් පද්ධතීන්හි එකතුවකි. යම් අදහසක් තවත් අයකුට සන්නිවේදනය කිරීම සඳහා වන සීමාරහිත සංකල්පයන් හෝ දහස්වල අරමුණු සහගත නිර්මාණාත්මක අර්ථනිරූපනයන් ලෙසින් කලාකෘති හැඳින්විය හැක. එමෙන්ම එය අදහසක් පිලිබඳ ප‍්‍රකාශනයක් වන අතර එය විවිධාකාරයන් ගතහැකි වනවා මෙන්ම එය විවිධ අරමුණු වෙනුවෙන් එය සේවය කරනු ලැබිය හැක. නව විද්‍යාත්මක න්‍යායක් බිහිකිරීම සඳහා විද්‍යාත්මක න්‍යායන් යොදාගැනීම සඳහා හැකියාව මෙන්ම අලූතින් යමක් ‘නිර්මාණය කිරීම’ කළයුතු වන අතර එය නියෝජනය කරන්නේ විද්‍යාව පමණක් වන අතර එය කලාව ලෙස සලකනු නොලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යවහාරය&oldid=472241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි