වල්පරයිසෝ

විකිපීඩියා වෙතින්

වල්පරයිසෝ යනු, චිලි රාජ්‍යයේ, නගරයක්, වරායක්, සහ ප්‍රජාසංඝයක් වන අතර, එහි තුන්වන විශාලතම නාගරික සාමුහිතයේ (මහා වල්පරයිසෝ) මධ්‍ය කේන්ද්‍රය වෙයි. සන්තියාගෝ නගරයට 69.5 සැතපුමs (111.8 කිමී) වයඹ දෙසට වන්නට පිහිටි මෙය [1] රටෙහි ඉතා වැදගත් වරායන් අතුරින් එකක් වෙයි. මෙම නගරය, වල්පරයිසෝ පළාතෙහි සහ වල්පරයිසෝ ප්‍රදේශයෙහි අගනුවර වෙයි. සන්තියාගෝ නගරය, චිලි රාජ්‍යයේ නිල අගනගරය වුවද, චිලියේ ජාතික කොංග්‍රසය 1990 වසරෙහි පටන් රැස්වන්නේ වල්පරයිසෝ නගරයෙහිය.

වල්පරයිසෝ විසින් 19වන සියවසෙහි දෙවන භාගයෙහිදී අතිශය වැදගත් භූ-දේශපාලන භූමිකාවක් ඉටු කලේ, මැගලන් සමුද්‍ර සන්ධිය තරණය කරමින් අත්ලාන්තික් සහ ශාන්තිකරය සමුද්‍රයන් අතර ගමන්ගත් නෞකා සඳහා ප්‍රධාන නැවතුම්පොළක් ලෙසින් ක්‍රියා කරමිනි. යුරෝපියානු සංක්‍රමණිකයන්ට මහත් ආකර්ෂණයක්වූ වල්පරයිසෝ, එහි ස්වර්ණමය යුගයෙහිදී මහත් සමෘද්ධියට පත්වූ අතර, ජාත්‍යන්තර නාවිතයෝ එකල එය හැඳින්වූයේ “කුඩා සැන් ෆ්‍රැන්සිස්කෝ” හෝ “ ශාන්තිකරයේ මැණික” ලෙසිනි.

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වල්පරයිසෝ&oldid=593295" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි