වර්සායිහි ඩයනා

විකිපීඩියා වෙතින්
(වර්සේල්ස්හි ඩයනා වෙතින් යළි-යොමු කරන ලදි)
වර්සායිහි ඩයනා එය තැන්පත් කිරීමට නිර්මාණය කළ ලූවර් ගැලරියේ ඩෙස් කැර්යටිඩ්ස් තුළ

වර්සායිහි ඩයනා යනුවෙන් හැඳින්වෙන්නේ පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති ජීව ප්‍රමාණයට වඩා මඳක් විශාල[1] ආර්ටිමිස් (ලතින්: ඩයනා) නම් ග්‍රීක දෙවඟනගේ කිරිගරුඬ ප්‍රතිමාවකි. මෙය ක්‍රි.පූ. 325 පමණ ලියෝචාරිස් නම් ශිල්පියා විසින් නිර්මාණය කරන්නට ඇතැයි අනුමාන කෙරෙන නැතිවූ ග්‍රීක ලෝකඩ ප්‍රතිමාවක රෝම පිටපතක් (ක්‍රි.ව. 1වන හෝ 2වන සියවස) ලෙස සැලකේ. මෙම ප්‍රතිමාව Diana à la Biche, Diane Chasseresse ("ඩයනා නම් දඩයම්කාරිය"), ලුහුබඳින ආර්ටිමිස්, සහ මුවදෙන සමග සිටින ආර්ටිමිස් යන නම්වලින් ද හැඳින්වේ.


සටහන්[සංස්කරණය]

  1. ප්‍රතිමාවේ උස මීටර 2.01කි

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Maxime Collignon, Manual of Mythology, in Relation to Greek Art, H. Grevel & Co., 1890. Page 94.
  • Francis Haskell and Nicholas Penny, 1981. Taste and the Antique: The Lure of Classical Sculpture 1500-1900 (Yale University Press) Cat. no. 30.
  • Martin Robertson, 1975. A History of Greek Art (Cambridge University Press) vol. I, pp 460–61

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වර්සායිහි_ඩයනා&oldid=593288" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි