වර්ධනය

විකිපීඩියා වෙතින්

වර්ධනය


මීර් පර්යන්ත ගොඩනැගිලි පද්ධතියේ ඉදිරි කෙලවරේ ගෝලීය පෘෂ්ටය මත ඇති නැවතුම් පොළ 5 ද සමග එහි ඡායාරුවක්

පෙබරවාරි 17, 1976 දී සැල්යුට් Dos-17k අභ්ය වකාශ නැවතුම් පොළෙහි වැඩි දියුණු කරන ලද ආකෘතියක් නැමැවීමට තීරණය වූ අතර මීර් එහි ප්ර්තිඵලයක් මෙන්ම සෝවියට් අභ්යාිවකාශ පද්ධතියේ තුන්වන පරම්පරාවේ කොටසක් ද වේ. 1971 පටන් සැල්යුට් අභ්යා්වකාශ මධ්යතස්ථාන හතරක් දියත් කර ඇත. මීර් සංවර්ධනය කෙරෙන අතරතුර තවත් 3 ක් දියත් කෙරිණි. එය සැලසුම් කෙරුණු අවධියේදී පර්යන්ත පද්ධති දෙකෙහි (DOS-7, DOS-8) නැවතුම් ‍පළ 4 ක් ඉදිරිපත් කිරීමට අදහස් විය. සැල්යුට් මධ්යනස්ථානයේ මෙන් දෙකෙළවරෙහි හා මධ්යපස්ථානයේ ඉදිරිපස ඇති ගෝලීය තාටාකය දෙපස තවත් දෙකක් වශයෙනි. 1978 වන විට මෙය පසුපස එක් නැවතුම් පොළක් හා ඉදිරිපස ගෝලීය කොටසෙහි නැවතුම් පොළ 5 ක ආකෘතියක් බවට විකාශනය වී තිබුණි.



සොයුස්(z) අභ්යා වකාශ යානයෙන් ලබාගත් ටොන් 7.5 මොඩියුලවලට නැවතුම් පළ සම්බන්ධ කිරීමට මුලදී සැලසුම්කර තිබුණි. මෙම මොඩ්යු්ල (“සොයුස්” හි මෙන් සොයුස් ප්ර චාලන මොඩියුලයක් හා අවගමන මොඩියුලයක් ද කක්ෂීය මොඩයුලය) වෙනුවට ප්ර්තිස්ථාපිත පරීක්ෂණාගාර මොඩියුලයක් ද භාවිතා කිරීමට ඉඩ ඇත. ස්වෙස්ඩා සර්විස් මොඩියුලය මීර් 2 හි ගර්භය වන අතර මීර් හි ගර්භයයි. මීර් වැඩසටහන 1979 පෙබරවාරි හිදී යෝජනා වූ විලැඩ්මර් චෙලෝම්ගේ අල්මාස්(z) යුධමය අභ්යාතවකාශ නවාතැන් වැඩ සටහන සමග ඒකාබද්ධ වූවකි. TKS අභ්යාාවකාශ යානය මත පදනම්ව, ටොන් 20 අභ්යඒවකාශ මොඩියුල රැඳවීමට මෙහි තටාක ගත කිරීමේ පර්යන්ත වැඩි දියුණු කෙරිණි. අභ්ය,වකාශ මධ්යටස්ථානය පිළිබඳ සමස්ත වගකීම දැරුවේ NPO Energia විසිනි. කෙසේ වුවද Energia, Salyut 7, Soyuz-T හා Progress අභ්යවවකාශ යානාවෙහි ඒ වන විට කෙරෙමින් තිබූ වැඩ කටයුතු නිසා Khrunichev හි සංවර්ධන ශාඛාව වූ KB – Salyut ට අතු කොන්ත්රාඩත්තුවක් පැවරිණි. KB-Salyut 1979 දී වැඩකටයුතු ආරම්භ කළ අතර සැලසුම් 1982 – 1983 නිකුත් කෙරිණි. Kurs ස්වයංක්රී ය මුණගැසීම් පද්ධතියක්, Altair චන්ද්රිටකා සන්නිවේදන පද්ධතියක්, Elektron ඔක්සිජන් උත්පාදනයක් Vozdukh කාබන්ඩයොක්සයිඩ් වායු පිරිසිදු කරණයක්, විභ්ර ම ඩයින ජවරෝද (Almoz ගෙන් ගන්නා ලද), Salyut SB සංඛ්යාංුක පියාසැරි පාලන පරිගණකයක් ඇතුලු අලුත් පද්ධති කිහිපයක් අභ්යාවකාශ නැවතුම් පළට අතුළත් විය.

1984 මුල භාගයේදී Buran අභ්යතවකාශ ෂටලට පියාසැරි පරීක්ෂාවකට සුදානම් කිරිම සඳහා වූ Buran වැඩ සටහන සඳහා සියලු සම්පත් යෙදවීම නිසා මීර් වැඩ සටහනේ කටයුතු ඇණ හිට තිබිණි. නමුත් 1986 27 වන සමාජවාදී පක්ෂ කොන්ග්රසසය වන විට Mir කක්ෂගත කිරීම සඳහා අභ්යnවකාශ හා ආරක්ෂාව පිළිබඳ මධ්යවම කොමිටි ලේකම් විසින් Valentin Glushko හට කරන ලද නියෝගය නිසා 1984 දීම ඒ සඳහා නැවත මුදල් සම්පාදනය කෙරිණි.

සැලසුම් කරන ලද ක්රිායාවලිය අනුගමනය කිරීම හා 1986 අවශ්යි දිනයේදී දියත් කිරීමට නොහැකි බව පැහැදිලි විය . ඉන්පසු Cosmonaut’s day (අප්රේ්ල් 12) දී පියාසැරි ආකෘතියද baikonur වෙත ගෙනයාමටත් එහිදී පද්ධති පරීක්ෂා කිරීම් හා ඒකාබද්ධ කිරීම් කිරීමට තීරණය විය. Khrunichev හිදී භූමි පරීක්ෂා ආකෘතිය මත කරන ලද පරීක්ෂාවන්හි ප්රතතිඵල හේතුවෙන් කේබල 2500 න් 1100 නැවත අලුතෙන් සකස් කිරීමට සිදුවිය. ඔක්තෝබර්යේදීම මීර් එහි පිරිසිදු කිරීමේ කාමරයෙන් එළියට ගන්න‍ා ලදී. 1986 පෙබරවාරි 16 දින ප්ර්ථම දියත් කිරීමේ උත්සාහය අභ්යයවකාශයානා සන්නිවේදනය දුර්වලවීම මත ව්යිර්ථ විණි.




http://en.wikipedia.org/wiki/Mir#Development

"https://si.wikipedia.org/w/index.php?title=වර්ධනය&oldid=471881" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි