වර්තමාන ලෝකයේ පූජනීය ගවදෙන්නු

විකිපීඩියා වෙතින්

හින්දු ජනයා බහුතරයක් වෙසෙන ඉන්දියාවේ සහ නේපාලයේ පවත්වනු ලබන ආගමික වතාවත් හි එළකිරි අදත් වැදගත් ස්ථානයක් හිමිකර ගනියි. දිල්ලිය වැනි ප‍්‍රධාන නගරවල පිහිටි කාර්ය බහුල වීදිවල පවා ගරු ගාම්භීර ලෙස ගවදෙන්නු නිදහසේ සැරිසරති. ඔවුනට කිසියම් ආහාරයක් හෝ පළතුරක් දීමට ලැබීම ඇතැම් දෙනා මහත් භාගයයක් කොට ද සළකති. ගවදෙනුන් ඝාතනය කිරීම තහනම් කර ඇති ප‍්‍රදේශවලදී කිසියම් පුද්ගලයෙකු ගවදෙනක ඝාතනය කිරීම හෝ ඇයට තුවාලයක් සිදු කිරීම ඒ පුද්ගලයා සිරගත කළහැකි වරදක් වෙයි.

ගවඝාතනය පිළිබද වර්තමාන තත්වය[සංස්කරණය]

බටහිර බෙංගාලය සහ කේරළය යන ප‍්‍රාන්ත දෙක හැරුණුවිට ඉන්දියාවේ අනෙකුත් ප‍්‍රදේශවල ගවදෙනුන් ඝාතනය කිරීමට අවසර දෙනු ලැබ ඇත්තේ යම් යම් සීමාවන්ට යටත්ව ය. ප‍්‍රාදේශීය දේශසීමා හරහා ඝාතනය කිරීම පිණිස දෙනුන් ප‍්‍රවාහනය කිරීම තහනම් වුව ද ඝාතනය සදහා මෙම ප‍්‍රාන්ත වෙත දෙනුන් ගෙනයාම් නිරතුරුව සිදුවෙයි. මුම්බායි වැනි මහා නගරවල පෞද්ගලික ඝාතනාගාර ද කි‍්‍රයාත්මක වෙයි. ඉන්දියාව තුළ නීත්‍යානුතූල ගවඝාතනාගාර 3,600 ක් පමණ කි‍්‍රයාත්මක වන අතර නිත්‍යානුකූල නොවන ඝාතනාගාර 30,000 ක් පමණ කි‍්‍රයාත්මක වෙතැයි ගණන් බලා ඇත. ඒවා වසා දැමීමට දරන ලද ප‍්‍රයත්න ද දැඩි ලෙස අසාර්ථක වී ඇත.

සටහන්[සංස්කරණය]

| Sacred_cow |-