වර්තමාන තත්වය

විකිපීඩියා වෙතින්

කිසියම් මාධ්‍යක්් වර්ණ පෙනෙන ආකාරය කෙරෙහි කෙසේ බලපාන්නේද යන්න පිලිබඳව නිශ්චිතව පැහැදිලි කිරීම දක්වා වර්ණ න්‍යාය වර්ධනය වී නොමැත. තීන්ත, සායම්, තෙල් සායම්, දිය සායම්, පාරද්‍රෘශ්‍ය තීන්ත ආදී වර්ණයන් හෝ මුද්‍රණයන් පරිඝණක ප‍්‍රදර්ශනයන් චිත‍්‍රපට ශාලාවන් හි පෙනෙන ආකාරය පිලිබඳව වෙන වෙනම සැලකිල්ලට ගනු ලැබ නැත. ජෝසෆ් ඇල්බර්ස් පාරදෘෂ්‍යභාවයේ මිත්‍යාව තුල පවත්නා වර්ණ වෙනස් සහ වර්ණ සන්තෘප්තිය පිලිබඳව විමර්ෂණය කළ නමුත් මෙය සාමාන්‍ය රීතියට ව්‍යතිරේඛයකි.

දෙවන ප‍්‍රමාදදෝෂය වන්නේ වර්ණ පෙනෙන ආකාරය කෙරෙහි සන්දර්භයේ බලපෑමයි. වර්ණ තීව‍්‍රතා වෙනසේ වැඩිවීම සහ සංතෘප්තිය නිර්මාණය වන්නේ දර්ශනයේ දීප්තිය වැඩිවීම හෝ අවට පරිසරයේ ළා පැහැය හේතුවෙන් වියහැක. උදාහරණයක් ලෙස කලාගාරයක යාන්තමින් ආලෝකමත් කළ බිත්තියක් මත එල්ලා ඇති සිතුවමක් මතට විශාල ආලෝක ධාරාවක් එල්ල කළහොත් සිතුවමේ වර්ණයන් වඩා උද්දීප්ත ලෙස පෙනෙනු ඇති අතර ඡායාරූපමය මුද්‍රණයක් කලූ පසුබිමකට වඩා සුදු පසුබිමක් මත ප‍්‍රදර්ශනය කිරීමේදී වර්ණ වෙනස ප‍්‍රබලව දර්ශනය වෙයි. දීප්තතාවයන්ගේ වෙනස්කම් හේතුවෙන් ඇතිවන්නාවූ බලපෑම් හේතුවෙන් වර්ණ සංජානනයේදී සිදුවන බලපෑම අකෘතිගත කිරීම සඳහා තනි උපකරණයක් නිර්මාණය කිරීමට (ඡායාරූපමය රූපයේ පෙනෙන ආකාරය පරිගණකයක ප‍්‍රතිනිර්මාණය කිරීම) වර්තමාන වර්ණ විද්‍යාඥයෝ උත්සාහ දරති. වර්ණ රූපගත කිරීිම, වර්ණ ප‍්‍රතිනිර්මාණය, සායම් නිර්මාණ සමීකරණයන් ආදී විවිධ කි‍්‍රයාවලීන් තුල මෙම තේරුම්ගැනීම් අන්තර්ගත වෙයි. කෙසේ වෙතත් සමකාලීන වර්ණ න්‍යාය වෙත ප‍්‍රවේශ වී ඇත්තේ මින් ඉතා සුළු ප‍්‍රමාණයකි.

"https://si.wikipedia.org/w/index.php?title=වර්තමාන_තත්වය&oldid=378785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි