වර්ණ න්‍යායේ නොහැකියාවන් රැසක් පෙන්වා දෙනු ලැබ ඇති වර්ණ වියුක්තනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

20 වන සියවසේ වර්ණ න්‍යායේ පදනම නිර්මාණය වී ඇත්තේ භෞතික ලෝකයේ ලක්‍ෂණ මත පදනම්ව නොව සංවේදන අත්දැකීම් විසින් පෙන්වාදෙන ‘ශුද්ධ’ හෝ ආදර්ශ වර්ණ මතය. මෙය විසින් සාම්ප‍්‍රදායික වර්ණ න්‍යායේ නොහැකියාවන් රැසක් පෙන්වා දෙනු ලැබ ඇති අතර නූතන න්‍යායගතකිරීම් විසින්ද මේ සමහරකට පිළිතුරු සපයා නොමැත.

වඩාත් තීරණාත්මක ගැටළුව වී ඇත්තේ ආකලන වර්ණ ලෙස හැඳින්වෙන ආලෝක මිශ‍්‍රණයන්ගේ හැසිරීම් සහ ව්‍යාකලන වර්ණ ලෙස හැඳින්වෙන සායම් හෝ තීන්ත මිශ‍්‍රණ (වියලි හෝ තෙත්) අතර පවත්නා වියවුලයි. මෙම ගැටළුව ඇතිවන්නේ භෞතික ද්‍රව්‍යාත්මක බව විසින් උරාගනු ලබන ආලෝකය ඇසට ලැබෙන ආලෝකය අනුගමනය කරන රීතීන්ට වෙනස් රීතීන් අනුගමනය කිරීම හේතුවෙනි.

දෙවන ගැටළුව වන්නේ ප‍්‍රබල දීප්තතාවයන්ගේ බලපෑම් මතුපිට වර්ණයන් හි (තීන්ත හෝ සායම් මෙන්) පෙනුම වෙනසකට ලක්කිරීමයි. ආලෝක මිශ‍්‍රණයන් තුල අළු, දුඹුරු හෝ සිවන්ගුරු පැහැයන් නොපෙනී යයි. ප‍්‍රබල දීප්තතාවය ප‍්‍රභාමත් සුදු පැහැය මැද මධ්‍යස්ථ කහ පැහැයක් පවතිනවිට කහ, කොළ හෝ දුඹුරු වර්ණයකින් පෙනෙනු ඇත.

තුන්වන ගැටළුව වන්නේ වර්ණයන්ගේ බලපෑම් සාකල්‍ය ලෙස හෝ නියත ලෙස විස්තර කිරීමේ ප‍්‍රවනතාවයයි. උදාහරණයක් ලෙස සියළු වර්ණයන්ට අදාල වන්නාවූ සාපේක්‍ෂ ගුණාංගයන් එනම් ලූහුවත් බව (ආලෝකය එදිරිව අඳුර හෝ සුදු එදිරිව කළු), සන්තෘප්තිය (තීව‍්‍ර සහ අඳුරු) සහ පැහැය (උදා රතු, කහ, කොළ, නිල් හෝ දම්) යන තුනෙහි වෙනස හේතුවෙන් බොහොමයක් වර්ණවල බලපෑම සිදුවුවද ‘කහ’ සහ ‘නිල‘’ වර්ණයන් අතර වෙනසට හේතුව ඒවා සමජාතීය වර්ණවීම ලෙස සැලකීම දැක්විය හැක. මෙලෙස ද්‍රෘෂ්‍ය නිර්මාණයක‘කහ’ එදිරිව ‘නිල්’ පැහැයන්හි හි දෘෂ්‍ය ගැටුම පැහැයන්ගේ ලූහුවත්බව සහ තීව‍්‍රතාවය අතර සාපේක්‍ෂ බව මත රඳා පවතී.

මෙම ව්‍යාකූලතාවයන් අර්ධවශයෙන් ඵෙතිහාසික වන අතර 19 වන සියවසේ අවසන් භාගය දක්වා සෞන්දර්යාත්මක මතයන් විසින් ආවරනය කොටගෙන සිටි වර්ණ සංජානනය පිලිබඳ විද්‍යාත්මක අවිනිශ්චිතතාවය හේතුවෙන් පැනනැගුනු ඒවා වෙයි. කෙසේවෙතත් වර්ණ සංජානනයේ පවත්නා සන්දර්භීය සහ නම්‍යශීලී හැසිරීම විස්තර කිරීම සඳහා දරන ලද උත්සාහයන්ද මීට බලපාන ලදී.

බොහෝ ඵෙතිහාසික ‘වර්ණ න්‍යායන්’ මඟින් මූලික ‘ශුද්ධ’ වර්ණයන් තුන සංයෝග කිරීම මඟින් අනෙකුත් පැවතිය හැකි සියලූම වර්ණයන් නිර්මාණය කළහැකි බවට උපකල්පනය කෙරින. යම්හෙයකින් මෙම දර්ශීය කි‍්‍රයාකාරීත්වය පෙන්වීමට කිසියම් සායම් වර්ගයක් හෝ තීන්ත වර්ගයක් අසමත් වන්නේ නම් එය සංශුද්ධ නොවීම හෝ වර්ණකයන්ගේ දුබලතාවයක් හේතුවෙන් සිදුවන්නක් ලෙස සැලකින. නමුත් යතාර්ථයේදී සියලූ දෘශ්‍යමාන වර්ණයන් නිර්මාණය කළහැක්කේ වර්ණමිතියේදී යොදාගන්නා පරිකල්පනීය ‘මූලික වර්ණයන්’ මිශ‍්‍ර කිරීමෙන් පමණකි. නමුත් ද්‍රෘෂ්‍යමාන වර්ණ පරාසයට එහා ගිය වර්ණයන් රැසක්ද පවතී. ආලෝකය තීන්ත හෝ සායම්වල සැබෑ ‘මූලික’ වර්ණ 3 ක් මිශ‍්‍ර කිරීමෙන් නිර්මාණය කළහැක්කේ සීමිත පරාසයක වර්ණ සංඛ්‍යාවක් පමණකි. එය හැමවිටම මිනිසාට සංජානනය කරගත හැකි සම්පූර්ණ වර්ණ පරාසයට වඩා කුඩාවූවකි.