වයිකින්ගේ ඕබිටර්ස්

විකිපීඩියා වෙතින්
වයිකින්ගේ ඕබිටර් (NASA)

වයිකින්ග් ඕබිටර් වල මුලික අරමුණ වුයේ අඟහරු කරා ගොඩබසින යානා , ගොඩ බෑම සිදුකර ප්‍රදේශ හදුනා ගැනීම හා තහවුරු කිරීමට මූලික සමීක්ෂණ සිදුකිරීම, ලැන්ඩර් සඳහා සන්නිවේදක පිළිවයන ලෙස ක්‍රියා කිරීම හා ඒවාට අදාල විද්‍යාත්මක පරික්ෂණ සිදුකිරීම ආදියයි. ඔ(ර්)බ්ටර් පදනම් වී ඇත්තේ පැරණි මැරිනර් 9 ගගන යානය මතයි. අෂ්ඨාශ්‍රයක් වන මෙය දලවශයෙන් 2.5m දිගින් යුක්ත වේ. මුළු දියත් කිරීමේ බර 2328kg වු අතර ඉන් 1445 kg ක්ම ප්‍රචාලක හා උත්තනාංශ පාලක වායු විය. මුදුවක් වැනි ආකෘතියේ මුහුණත් අට 0.4572 m උසකින් යුක්ත වු අතර මාරුවෙන් මාරුවට 1.397m හා 0.508m පළලින් යුක්ති විය. පතුලෙහි වූ ලැන්ඩර් ඈදුම් ස්ථානයේ සිට ඉහළින්ම වූ නික්මී‍ෙම් යානාව සම්බන්ධ ස්ථානයට සම්පූර්ණ උස 3.29m වේ. එහි නිදහස් ඒකක වලින් යුත් කාමර 16 ක් විය. දිග පැති 4 හි කාමර 3 බාගින්ද, කෙටි පැත්තක කාමරයක් බැගින්ද විය. සුර්යය පැනල 4 ක් ඕබිටර්හි අක්ෂ්‍යයෙන් පිටතට විහිදී ඇත. එක් පැනලයක අවසන් කෙළවරේ සිට ප්‍රතිවිරුද්ධ පැනලයේ කෙළවරට දුර 9.75m කි. ජවය සපයනු ලැබුවේ 1.37x 1.23m සුර්යය පැනල අටකිනි. සූර්යය පැනල සෑදී තිබුණේ සූර්යය කෝෂ 34800 කිනි. එය අඟහරු හීදි 640w ජවයක් නිපද විය. නිපද වූ ජවය නිකල් කැඩිමියම් 30-Ah බැටරි 2 ක කද ගබඩා කරන ලදී.

ප්‍රධාන ප්‍රචාලන ඒකකය ඕබිටර් බසයට උඩින් පිහිටුවා ඇත. ප්‍රචාලනය, ද්විප්‍රචාලන (මොනො‍මෙතිල් හයිඩ්‍රසීන් හා නයිට්‍රජන් ටෙට්‍රාමක්සයිඩ්) ද්‍රව ඉන්ධන භාවිතා කරන රොකට් එන්ජිමකින් යුක්ත විය. එන්ජිම 1323N (297 1bf) තෙරපුමක් සැපයීමේ හැකියාවක් ඇති අතර 1480m/s ක ඩෙල්ටා - v බවට පරිවර්තනය වේ. ස්ථායීතාව පාලනය කර ගෙන ඇත්තේ කුඩා නයිට්‍රජන් ජෙට් 12 ක් මගිනි. ඇක්වීසිෂන් සූර්ය සංවේදකයක්, ක්රූස් සූර්ය සංවේදකයක්, කැනෝපස් තාරකා හසුකර ගැනීමේ උපකරණයක් හා මිශ්‍ර මේක්ෂ 6 කින් සමන්විත අවස්ථිති සමුද්දේශ ඒකකයක් මගින් අක්ෂ 3 ම වටා ස්ථායීව පවත්වා ගනී. ත්වරණ මාපක දෙකක්ද මෙය තුළ අන්තර්ගත වේ. සන්නිවේදනය සිදු කරන ලද්දේ 20w TWTA දෙකක් මගිනි. ගුවන් විදුලි විද්‍යාව හා සන්නිවේදන පර්යේෂණ සිදුකිරීමට X - බෑන්ඩ් (8.4 GHz) ඩවුන්ලින්ක් එකක් ද අන්තර්ගත කර තිබිණි. අජ ලින්ක් අන්තර්ගත කර තිබුණේ S - බෑන්ඩ් (2.1 GHz) හරහාය. අක්ෂ 2 ක් වටා හැර විය හැකි 1.5m හා පරිධියකින්යුත් ලාභ පැරබොලික් ඇන්ටෙනාව ඕබිටර් පාදමේ එක් මුල්ලකට සවිකර ඇති අතර අඩු - ලාභ ඇන්ටනාව ඔස්සේ මුදුනින් එළියට විහිදී ඇත. ඒකක මෙගා බීටු 1280 ගබඩා කළ හැකි පටි පටිගත කිරීම් යන්ත්‍ර දෙකකින්ද A – 381 – Mltz රේඩියෝවකින් ද සමන්විත වේ.

http://en.wikipedia.org/wiki/Viking_program#Viking_Orbiters

"https://si.wikipedia.org/w/index.php?title=වයිකින්ගේ_ඕබිටර්ස්&oldid=462973" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි