වයිකිං කඩුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

වයිකිං යුගයෙහි කඩුව (වයිකිං කඩුව ලෙසින්ද) හෝ කැරොලිංජියන් කඩුව යනු මුල් මධ්‍යතන යුගයන්හිදී බටහිර සහ උතුරු යුරෝපය තුලදී බහුලව භාවිතා කෙරුණු කඩු වර්ගයකි.

වයිකිං යුගය (Viking Age) හෙවත් කැරොලිංජියන් අවධිය (Carolingian-era) ගොඩනැගී ඇත්තේ 8 වන සියවසේදී මිරොවින්ජියන් කඩු (Merovingian sword) (6 වන සහ 7 වන සියවසෙදී ෆ්රෑන්කිෂ් නිෂ්පාදන අසිපත, රෝමන් ස්පත (spatha) යන්නෙන් පැවත එන්නනකි.) ගෙන් වන අතර 11 වන සහ 12 වන සියවස් අතරතුරදී රෝමාකාර නයිට්වරුන්ගේ කඩුවක් (Knightly sword) දක්වා දියුණු විය. [1]


පාරිභාෂික ශබ්දමාලාව[සංස්කරණය]

C.830 වර්ගයට අයත් ; Stuttgart Psalter (fol.7v) හිදී හාමු වූ , අසිපත් වලින් සන්නද්ද වූ මිනිසුන් දෙදෙනෙක් නිරුපනය වන චිත්‍රය.

වයිකිංවරුන්ගේ අසිපත ලෙස ප්‍රචලිත වුවත්, මෙම වර්ගයේ අසිපත් නිෂ්පාදනය කලේ ෆ්රෑන්කිෂ් අධිරාජ්‍යයේ (Frankish Empire) කැරොලිංජියන් යුගයේදීය (Carolingian era) . 8 වන සියවසේදී ක්‍රිස්ටියන් ෆ්රන්සියා හි සොහොන් භාණ්ඩ (grave goods) අතුරුදහන් වීමත් , මහත්ද්වීපික යුරෝපයේ බොහෝ සොයාගැනීම් අහම්බෙන් ගo ඉවුරු වලින් හමුවන සොයා ගැනීම් වලට සීමා වුවත් වයිකිං යුගයේ (Viking Age) ස්කැන්ඩිනෙවියානු මිත්‍යාදෘෂ්ටික (pagan) සොහොන් තුල තිබී ෆ්‍රෑන්ක් නිෂ්පාදන කඩු තුල ගොනුවක් සොයා ගැනීමත් නිසා “වයිකිං” (Viking) යන නම මෙම කඩු සමග සම්බන්ධ විය.[2]


8 වන සහ 10 වන සියවස් වලදී අසිපත්, "කැරොලිංජියන් (Carolingian) කඩු" ලෙස නම් කළ අතර,[3] while swords of the late Viking Age and the beginning High Middle Ages (late 10th to early 12th centuries) blend into the category of Norman swords or the early development of the knightly sword.

ඉතිහාසය[සංස්කරණය]

Carolingian අසිපතේ කොපුවේ නිරූපිතය ( South Tyrol හි St.Benedict in Mals වෙත ප්‍රදනය කරන කරන ලදයි සැලකෙන ආලේඛි චිත්‍රය - 9 වැනි සියවසේ මුල්භාගයට අයත්ය).

චාර්ලිමේන්(Charlemagne) රාජ්‍ය සමයේදී, කඩු කොපුවක් සමඟ අසිපතක (ස්පාටා හෙවත් ලෝන්ග්ස්වර්ඩ්) වටිනාකම ඝන(Solidi) (Lex Ribuaria)හතක් විය. දැනට වුවද අසිපත්, අවි ආයුධ වලට වඩා මිල අධික නමුත් මිරොවින්ජියන් සමයේදී මෙන් සීමා කරන ලද්දක් නොවන අතර චාර්ලිමේන් රජුගේ තුරඟ සෙනාවේ සාමාජිකයන්ට පමණක් අසිපත් දරා සිටීමේ ඉඩ සලසා දී තිබිණි. 9 වන සියවස අගභාගයේදී රෙජිනෝ ගේ (Regino's Chronicle)ක්රොනිකල් සිදුකළ යෝජනාවකට අනුව තුරඟ සේනාවේ (Warhorse) ප්‍රධාන අවිය බවට අසිපත සළකන ලදි.

8 වන සියවසේ අග භාගයේ සිට 10 වන සියවස දක්වා කාලයේදී අනුක්රමයෙන් කටුපොරොව (Sax) වෙනුවට කඩුව යොදා ගැනුණි. මන්ද, 8 වන සියවසේදී ප්රංශයේ තව දුරටත් සුසාන භාණ්ඩ තැන්පත් නොකරන නිසා, මහාද්වීපික සොයා ගැනීම් බොහෝ දුරට ගං ඉවුරු (බොහෝ නිර්වායු තත්ව ඇති ස්ථාන ලෝහ භාණ්ඩ ආරක්ෂා වීමට හේතු වන නිසා) වලින් අහම්බෙන් හමු වෙන සොයා ගැනීමකට සීමා වූ අතර, කැරොලිංජියන් කඩු පිළිබඳ වර්තමාන අවශේෂ උදාහරණ උතුරු හා නැගෙනහිර සංස්කෘතීන්හි මිත්‍යා මත සුසාන චාරිත්‍ර වල බලපෑමට තවමත් ලක් වී ඇත.

9 වන සියවසේදී රටා පෑස්සුම් (Pattern Welding) භාවිතයත් සමඟ ගුණාත්මක බවින් ඉහල වානේ ලබා ගත හැකි විය. වඩා හොඳ වානේ, පටු තල නිෂ්පාදනය සඳහා යොදා ගත් අතර 9 වන සියවසේ අසිපත්, 8 වන සියවසට වඩා විෂධ තුඩකින්ද, සමබර වීමේ ලක්ෂය මිට දෙසටද යොමු වී ඇත. කප්ලන්ඩ්(1990) ඉදිරිපත් කර ඇති පරිදි මෙම සංවර්ධනය ක‍ටුපොරොව නැති වී යාම තවත් වැඩි කර ඇති සේම කඩුව ඉතා ඉක්මනින් කැපී පෙනෙන දෙයක් බවට පත් කර ඇත්තේ සංක්‍රමණික කාලයේදී බොහෝ හානිකර පලිස් හෝ ආයුධ පහර දීම් වලට යොදා ගන්නා අතරතුරදීය. වැඩි දියුණු කළ ඵලය, උපමාරු දැමීම හා බර ඒකාබද්ධ කොට තනි ආයුධයක් ලෙස තනා ඇත්තේ ක‍ටු පොරොව අනවශ්‍ය බව පෙනවා දෙමිනි.[4]


ෆ්රෑන්ක් කඩු වල බොහෝ විට ඛණ්ඩක තුනක් හෝ පහක් සහිත ගෝලාකාර හැඩයක් තිබුණි. මෙය 8 වන සියවසේ පූර්ව අවධියේ නොතිබූ ස්වදේශික ෆ්රෑන්ක් වර්ධනයක් වන අතර නිර්මාණයන්ගෙන් කාලය අනුව වෙනස් වන රූපමය කලාව නිරූපණය කෙරේ. උදා: ස්ටට්ගාට් ගීතිකා පොත ( Stuttgart Psalter), ඩිට්‍රැට් ගීතිකා පොත, ලොතර් ශුභාරංචි පොත් (Lothar Gospels) සහ බර්න් සයිකොමකියා (Bern Psychomachia) අත්පිටපත් මෙන්ම දකුණු තෛරොල් පළාතේ මැල්ස් සභාව ( the church in Mals, South Tyrol) තුළ පවුරේ බිතු සිතුවම්.මේ ආකාරයට කඩු තල තුල ශිලා ලිපි ලීවීමේ සිරිත ෆ්‍රෑන්ක් නව නිපැයුමක් ලෙස චාර්ලිමෙන් රජ සමයේ වන අතර අල්ෆ්බර්ට් (Ulfberht) තල ගොනුවල වුවත් ඉහල මධ්‍යතන යුගයේදී පැවතවිත් 12 වන සියවසේදී වඩාත් ජනප්‍රිය විය.වයිකිං යුගයේ තල ශිලා ලේඛණ බොහෝ පොදු වුවත්,වටිනා ලෝහ වලින් කඩු මිට සෑදීමේ සිරිත පවත ආවේ මිරෝවිජියන් කඩුවලින් (Merovingian sword) සහ පුළුල්ව පැතිරුනේ 8 වන සහ 9 වන සියවසයන්වලදී වුවත් 10 වන සියවස පුරාවට පරිහානියට පත් විය.දැනට ශුද්ධ රෝම අධිරාජ්‍යය ( Holy Roman Empire) ලෙස හදුන්වන 10 වන සියවසේ අගභාගයේ නිපදවන ලද බොහෝ කඩු,රුඋපමය වශයෙන් වයිකිං වලට අනුකුලව සරල වානේ මිටකින් යුතුය.[5]

කැරොලිංජියන් යුගයේ කඩු නිෂ්පාදනය පිළිබඳ ඉතා සුළු යොමු ප්‍රමාණයක් පවතියි,යොමු වලට අමතරව emundatores vel politores  ට ශාන්ත ගැල් කන්‍යාරාමයේ (Abbey of Saint Gall) .[6] Two men sharpening swords, one using a grindstone the other a file, are shown in the Utrecht Psalter (fol. 35v)වැඩමුළුවකදී ඉදිරිපත් කර ඇත ඩිට්‍රැට් ගීතිකා පොත (Utrecht Psalter) (fol. 35v)දී මිනිසුන් දෙදෙනෙක් කඩු මුවහත් කරන අකාරය පෙන්නුම් කරයි,එක මිනිසෙකු මුවහත් ගල පාවිච්ච් කරන අතර අනෙක් මිනිසා පීර භාවිතයෙන් කඩුව මුවහත් කරයි.

ස්කැන්ඩිනේවියානුව පුරා ෆ්රෑන්ක් තල බෙදාහැරීම සහ ඈත නැගෙනහිර වොල්ගා බල්ගේරියාව (Volga Bulgaria) තුල ෆ්රෑන්ක් අවි අපනයන සැලකිය යුතු වැදගත්කම සහතික කරයි , එසේ වුනත් කැරොලිංජියන් රජවරුන්864 දී සතුරන්ට ආයුධ අපනයනය වැළැක්වීමට උත්සාහ දරා ඇත; චාල්ස් වයිකිංවරුන්හට (Charles the Bald) අවි ආයුධ විකිණීම කෙරෙහි මරණ දඬුවම නියම කොට ඇත.[7] Ibn Fadlan in the 10th century notes explicitly that the Volga Vikings carried Frankish swords.[8] 10 වන සියවසේ විසු Ibn Fadlan  වොල්ගා වයිකිංවරු (Volga Vikings) ෆ්රෑන්ක් කඩු දැරුව බව පැහැදිලිවම සටහන් කරයි. 869 දී Camargue වැටලූ අරාබි ජාතිකයන් අගරදගුරු රොට්ලන්ඩ් (Rotland of Arles) සඳහා වන්දියක් වශයෙන් කඩු 150 ඉල්ලා සිටියේය.

කැරොලිංජියන් කඩු කොපු දැවයෙන් හා සම් වලින් කරන ලදී.කඩු කොපුවල තිබු සැරසිලි පිළිබඳව අත් පිටපත් කීපයක නිරූපණය කරඇත (Stuttgart Psalter, Utrecht Psalter, Vivian Bible).එහි  කුඩා රූප ගනනාවක් මගින් කඩුව කඩු පටිය මගින් එල්ලා තැබීමේ ක්‍රමය පෙන්වයි.ඔවුන් කඩු කොපු හා බද පටි කිසිදාක පාහේ ආරක්ෂා කරන අතරතුර,ඔවුන්ගේ ලෝහ සවිකිරීම ස්කැන්ඩිනේවියානු රිදී ගබඩා හා ක්රෝසියන් සොහොන්වල සොයා ගෙන තිබේ.[9] A complete set seems to have included two to three oval or half-oval mounts, one large strap-end, a belt buckle and a trefoil mount. Their arrangement on the sword-belt has been reconstructed by Menghin (1973).[10]

ඒ සම්පූර්ණ කට්ටලයට ඕවලාකාර හෝ අර්ධ ඕවලාකාර සවිකිරීම දෙකක් හෝ තුනක් ,එක් විශාල පටි අන්තයක්, ගාංචුවක් සහිත පටියක් සහ පෙති තුනේ සවිකිරීමක් ඇතුළත් වී ඇති බව පෙනේ.කඩු පටිය මත ඔවුන්ගේ සැකසීම් මෙන්ග්හින්(1973) මගින් ප්‍රතිසංස්කරණය කර ඇත.

පද විචාරය[සංස්කරණය]

B වර්ගයට අයත් "රන්-රෝද" විසිතුරු පළදන සහිත කඩු මිටි හිසක් සහිත අසිපත C.750-850 වර්ෂ වලට අයත් නෙදර්ලන්තයේ Den Bosch හි Meuse නදියෙන් හමුවිණි.
D වර්ගයට අයත් "රන් කම්බියෙන්" කරන ලද විසිතුරු පළදනා සහිත කඩු මිටි හිසක් සහිත අසිපත C.750-850 වර්ග වලට අයත් අතර , හමු වී ඇත්තේ නෙදර්ලන්තයේ Meuse නදියේ Alburg ට ආසන්න කොටසෙනි.
10 වැනි සියවසට අයත් , frankish අසිපතේ කඩු මිටි හිස හමුවුයේ , සුවිශේෂී ලෙස ඛන්ඩිකමය වන ලෙස සැදු කඩු මිටි හිසේ ගෝලාකාර කොටසක්ද සමගිනි.

මේ පිලිබදව විස්තරාත්මක අධ්‍යනයක් සිදුව ඇත්තේ ජෑන් පීටර්සන් (Jan Petersen) නිසයි.

කඩු මිටෙහි (hilt) හැඩයට අදාළ දර්ශීය අදාළ කඩුවල වියුහයක් හදුන්ව දී ඇත.පීටර්සන් විසින් ඉදිරිපත් කල වරගීකරණය A සිට Z දක්වා වන කැපිටල් අක්‍ෂර වලින් දක්වනු ඇත.නොර්වේ රාජ්‍යයෙන් හමු වූ නිදර්ශක 110 ක ප්‍රමාණයක් පීටර්සන් විසින් ලැයිස්තු ගත කොට ඇත.මේවා අතුරින් 40ක් කඩු තලයේ දෙපසම මුවහත් අතර,67 ක් එක් පසක් පමණක් මුවහත්ය.නිදර්ශක තුනක පමණක් එය නිර්ණය කල නොහැක.

R. E. M.වීලර්  (R.E.M. Wheeler) විසින් 1972 දී,පීටර්සන් විසින් ඉදිරිපත් කල කඩුවේ මිටි වලට අදාළ දර්ශීය විග්‍රහයක් කඩු තලයට අදාළ දර්ශීය විග්‍රහයක් ඒකාබද්ධකොට නවමු දර්ශීය විග්‍රහයක් ඉදිරිපත් කලේ I සිට IX දක්වා මට්ටම් 09 ක වර්ගීකරණයක් සමගිනි.

1991 වසරේදී ගෛබින් විසින් අතිරේක දර්ශීය ව්‍යුහයක් ඉදිරිපත් කලේ කඩු තල වල රූප  විද්‍යාත්මක ව්‍යුහයක් (1-4 දක්වා වර්ගීකරණයක් සහිත ) සහ කඩුමිට වල ගෝලාකාර කොටස පදනම් කොට ගත් දර්ශීය ව්‍යුහයක් (1-7 ක් දක්වා වර්ගීකරණයක් සහිත, අනු වර්ගද සහිතව ),ඒකාබද්ධ කරමිනි.මෙහිදී 8 වැනි සහ 12 වැනි ශතවර්ෂ වල ; නැගෙනහිර ෆ්රැන්සියා (East Francia) (වයිකිං සහ න්යිට්ලි කඩු අතර වන සංක්‍රමණික නිර්මිත අවස්ථාද ඇතුලත්ව) දේශසීමාවන් හි භාවිත වූ කඩු විශේෂයන් කෙරේ අවධානය යොමු කෙරිණි.

වීලර් දර්ශීය ව්‍යුහය[සංස්කරණය]

  • වර්ගය I: කඩු මිට වර්ග  F, G, M, P, Q, Æ; 9 වන ශතවර්ෂයේ සිට පූර්ව 11 වැනි ශතවර්ශය දක්වා,කඩු මිට වල අග කොටස , ගෝලාකාර කොටස රහිත.
  • වර්ගය II: කඩු මිට වර්ග  A, B, C, H, I.නොර්වේ සම්භවයක් සහිත 9 වන ශතවර්ෂයේ මැදභායේ සිට 10 වැනි ශතවර්ෂයේ  මැදභාගය තෙක්.(නොර්වේ?);බරැති, ත්‍රිකෝණාකාර කඩු මිටි හිස සහිත,(මෙය මෙරෝවින්ගියන් කඩු (Merovingian sword) වර්ගයට අදාල සම්භවයක් සහිතයි).
  • වර්ගය III: කඩු මිටි වර්ග  D, E, R, S, T, U, V,9 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ සිට 10 වැනි ශතවර්ෂයේ මාධ්‍ය භාගය තෙක් (ඩෙන්මාර්ක?);ගෝලාකාර ත්‍රිත්ව - ඛණ්ඩිඛාමය කඩු මිටි හිස් සහිත.
  • වර්ගය IV: කඩු මිටි වර්ග  K, O, 8 වැනි සියවසේ අගභාගයේ සිට 10 වැනි සියවස දක්වා (ෆ්රන්කිෂ් ?);ගෝලාකාර ඛණ්ඩිකා 5 හෝ 07 ක් සහිත කඩු මිටි හිස් ඇත.
  • වර්ගය V, කඩු මිටි වර්ග  L, 9 වන සියවසේ මේද භාගයේ සිට 10 වැනි සියවසේ අගභාගය තෙක් (ඉන්ග්ලිෂ් );අතිශය දුර්ලභ "වලින්ග්ෆොර්ඩ් වර්ගයේ " කදුමිටි සහිත , ස්වදේශික ඇන්ග්ලෝ -සක්සෝන් සංවර්ධනයක් සහිත.
  • වර්ගය VI, කඩු මිටි වර්ග   L, 10 වන සියවසේ මුල් භාගයේ සිට 11 වන සියවසේ සියවසේ මද භාගය දක්වා  (ඩෙන්මාර්ක); ඛන්ඩිකා තුනක් සහිත ව්‍යුහයක් ව්‍යුත්පන්න කරන ලදී, ඩෙන්මාර්ක සම්භවයක් සහිත.
  • වර්ගය VII: කඩු මිට වර්ග  N, W, X;9 වැනි ශතවර්ෂයේ මැදභාගයේ සිට 11 වැනි ශතවර්ෂයේ අගභාගය තෙක්;ඔට්ටෝනියන් කල්ච්චේදයට අර්ධ ගෝලාකාර කඩු මිටි හිසක් සහිත සහ ඉහල මධ්‍යත යුගයේ සිට පැවත ආ "බිම් මලක " රූපාකාර කඩු මිටි ව්‍යුහය.
  • වර්ගය VIII සහ  IX,10 වැනි ශතවර්ෂයේ සිට 13 ශතවර්ෂය තෙක්,"බ්‍රසිල්- නට්" හෝ "ටී-කෝසි"නම් ඉහළ මධ්‍යතන යුගයට අයත් ගෝලාකාර කඩු මිටි හිස් ව්‍යුහ වල වර්ධනයක් සිදු විය.

ඕකෙෂොට් දස්ර්ශීයවාදය (Oakeshott typology) යනු වීලර්ගේ දර්ශීවාදයට ඉහළ මධ්‍යතන කඩු ( high medieval swords) වර්ගය ඇතුළත් කිරීමෙන් ව්‍යුත්පන්න වූවකි.

Artilength, fuller length, තලයේ පළල සහ තලය තියුණු වීමේ තීව්‍තාව..

  • ආර සංක්‍රමණික යුගයේ හා පුරව වයිකින් යුගයේ (8 වන සියවස) පළමු වර්ගයට අයත් අසිපත්හි තලයේ දිග 70-80 cm අතර වුයේ උපරිම පළල 60 cm ට අදාලව කඩුව මුවහත් වන ශිග්‍රතාව 80% ක් වන ලෙසිනි.අසිපතේ වලකටුව (fuller) නොගැබුරු හෝ සම්පුර්ණයෙන්ම නොමැති හෝ වියහැකියි.මෙහි තලය බොහෝ විට බැමි 4 ක් හෝ 5 ක් එක පසෙක දෘශ්‍යමාන වන ලෙස ,රටා පෑස්සුමකින් සරසා ඇත.
  • දෙවන වර්ගය,8 වන සියවසේ මැද භාගයේ සිට 10 වන සියවසේ මැද භාගය දක්වා විහිදේ.පළමු වර්ගයේ තලයට වඩා තරමක් දිගින් යුක්තයි, 74 සිට 83 cm වේ,සුවිශේෂී ලක්ෂණය නම් ඉතා පැහැදිළි මුවහත් වීමේ ශීග්‍රතාවයි.
  • තෙවන වර්ගය,දෙවන වර්ගය හා සමකාලීන සහ සමාන දිගකින් යුක්ත වේ (74 සිට 85 cm) නමුත් පළල් තලයක් සහිතයි(කඩු මිට 52 සිට 57mm පමණ වන).
  • සිව්වෙනි වර්ගය අපර වයිකිං යුගය දක්වා (10 වන සියවසේ මැද භාගයේ සිට 11 වන සියවසේ මැද භාගය දක්වා) අයත්ය මෙය 63-76 cm පමණ වන ලෙස කුඩා තලයන් අඩංගු වන ප්‍රවනතාවක් පෙන්වයි.
  • පස්වන වර්ගය 10 වැනි සියවසේ මෙදභාගයේ දී සම්භවය වී, 11 සිට 12 වැනි සියවස වන විට Knightly නම් අසිපත් වර්ගයට වන සංක්‍රාමී ලක්ෂණ පෙන්වයි.වයිකින් යුගයේ වඩාත්ම දිගැති අසිපත් තල සහිත කඩු මේ වර්ගයට අයත් වන අතර , තලයේ දිග 84-91 cm පමණ වේ.මෙම තලයන් 12 වැනි සියවසේ කදුතල අභිලේඛන කලාවන්ට අයත් ME FECIT හා IN NOMINE DOMINI රටාවන් හදුන්වා දෙයි.'


ලෝහ විද්‍යාව[සංස්කරණය]

මුල් කාලීන සහ ඉහල මධ්‍යතන යුගයනහිදී යුරෝපිය කඩු වර්ගයන්ගේ දියුණුවට හේතු වුයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු වනේ පැවතීමයි.සංක්‍රමණික කාලපරිච්චේදයේ සේම, මුල් ම්ධ්‍යකාලීන කඩු තලයකින්ද ප්‍රාථමික වශයෙන් නිපදවූයේ රටා පෑස්සුම් (pttern welding) නම් ක්‍රමවේදනි,[11]මෙය "ව්‍යාජ ධමස්කස් "වානේ නමින්ද හැදින්වේ.ස්වස්ථ කඩු තලයක්ම නිපදවීමට තරම් වන, ඉහළ ගුණාත්මක තත්වයේ වානේ නිෂ්පාදනය යුරෝපයේ එවකට සුලභ නොවිණි.බොහෝදුරට මේවා ගෙන්වුයේ මාධ්‍ය ආසියාවෙන් වූ අතර, හේතු වුයේ 8 වන සියවසේ සිට කොව වනේ කර්මාන්තය ස්ථාපිතව පැවතීමයි.ක්‍රි.පූ 1000 ට අනුව නිපදවු ඉහළ තත්වයේ කඩු කෝව වනේ වලින් සුසැදි තල වලින් සමන්විත විණි.අල්ෆ්බර්ට් කඩු නම් වූ වර්ගය නිපදවූයේ වඩා විවිදත්වයකින් යුතු වානේ සහ නිෂ්පාදන ක්‍රම වලිනි.එක් උදාහරණයක් වනුයේ මොරේවියාවේ නෙමිලනි නම් ප්‍රදේශයේ ඇති 10 වන සියවසට අදාළ සොහොන් ගැබකින් සොයාගත් කඩුවක් සතුව සවිගන්වූ කැපුම් තල මත පෑස්සුම් කල රටා-පෑස්සුම් හරයක් තිබීමයි.තවත් උදාහරණයක් වනුයේ ඉහළ තත්වයේ hypoeutectoid වානේ වලින් තනන ලද කඩුවක් හමුවීමයි.(මෙය බොහෝ දුරට මාධ්‍ය ආසියාවෙන් ආනයනය කරන ලද්දක් විය හැකියි.)[12]

විශිෂ්ට උදාහරණ[සංස්කරණය]

  • Sæbø කඩුව (Sæbø sword) යනු 1825 දී නොර්වේහි (Sogn) පළාතේ Sæbø, Vikøyri හිදී සොහොන් ගොඩල්ලකින් හමු වූ 9 වැනි සියවසට අයත් C වර්ගයේ අසිපතකි.මෙහි තලයේ කොටන ලද අභිලේඛනය නිසා සුවිශේෂී වන අතර එය රූනික (Runic) අක්ෂර වලින් කොටා ඇති බව Geoege Stephens (1867) පැවසයි.මේ නිසාම එය සුවිශේශී වන්නේ වයිකින් යුගයේ අසිපත් වල මිටි හිස්ද රූනික අක්ෂර වලින් අභිලේඛනය කොට ඇති නිසාවෙනි.
  • වත්මනෙහි පවා විද්‍යමාන වන, වවයිකින් යුගයට අයත් අතිශයින්ම බරැති කඩුවක් Fla හිදී හමු වූ අතර එය 9 වැනි සියවසට අයත් වේ.මුළු දිග 102.4 cm හා බර 1.9 kg වන මෙය දැනට ඔස්ලෙන්හි, සංස්කෘතික ඉතිහාසය කෞතුකගරයෙහි තැන්පත්කොට ඇත.[13]
  • ශාන්ත ස්ටෙෆන් අසිපත පීටර්සන්-T නම් වර්ගයට අයත් 10 වැනි සියවසට අයත් මෙම අසිපත තල්මස්දළ වලින් තැනු අසිපත් මිටි හිසකින් තනා Mammen නම් රටාවෙන් අලංකෘත කොට ඇත.මෙය දැනට ප්‍රග්හි (Prague) ශාන්ත විටස් (st.vitus) කැතිඩුලයේ භාණ්ඩාගාරයේ තැන්පත් කොට ඇත්තේ ශාන්ත ස්ටෙෆන් නම් හංගේරියානු රජුගේ මෞලී මංගල්‍යයේදී භාවිත කළ අසිපත වශයෙනි.[14]
  • ලින්කන් අසිපත (විතම් නදියේ අසිපත) 10 වැනි සියවසට අයත් ජර්මානු/ඔටෝනියානු නිෂ්පාදිත තලයක් අඩංගු පීටර්සන් -L වර්ගයට (එවිසන්ගේ "Wallingfard Bridge" වර්ගය) අයත් සහ ඇන්ග්ලෝ-සැක්සන් ශිල්පියෙක් අතින් එක් වූ අසිපත් මිටි හිසක් සහිත ,මෙම අසිපත සොයාගනු ලැබුවේ ලින්කන්හි Monks Abbey ට ප්‍රතිවිරුද්ධව ඇති විතම් නදියෙනි.ඒ 1848 වසරේදීය.[15]Peirce (1990) විසින් ඒ අසිපතට විශේෂ සදහනක් එක්කරන්නේ breath-taking නොහොත් "හුස්ම පැහැරගන්නා" නමිනි.[16]වත්මනෙහි විද්‍යමාන වන ඉතා සුවිශේෂී වයිකින් අසිපත් වන මෙය ,Leutfrit නම් අසිපත් තල අභිලේඛනය දරන්න වූ ලොව ඇති අසිපත් දෙකකින් එකක්ද වේ.අනෙක් අසිපත Tatarstan හි, kazan ඉතිහාසය කෞතුකාගාරයෙහි (එවකට Volga Bulgeria නමින් හැදින්වේ ) තැම්පත් කොට ඇත.මෙම අසිපතෙහි පසුපිටෙහි ද්විත්ව ලියවැල් ආකාර කැටයමක්ද දක්නට ඇත.[17]
  • Essen අසිපත Essen Abbey හි සංරක්ෂණය කොට ඇති මෙය 10 වන සියවසට අයත්ය.එම සියවසටම ආසන්න කලකදීම ගලවන ලද රන් අලෙපයකින්ද මෙය ඔපවත් වේ ඇත.
  • Cawood අසිපත සහ ඊට ආසන්නම ගැලපෙන Korsoygaden අසිපත මේවා වයිකින් අවධියට අයත් සුවිශේෂී කඩු වර්ගය ඉහළ මද්යතන අසිපත් වලින් පැවත එන මේ කඩු "වයිකින් අසිපත්" දර්ශවාදයට ඉතා හොදින් අනුකූලය.නමුත් Oakeshott (1991) විසින් 10 වැනි සියවසට අයත් මුලාරම්භයක් සහිත යැයි අදහස් කරයි.[18]
පීටර්සන් ගෙන් වූ අභිලේඛනයක් සහ එහි සිතුවමක්.(1919)

වැඩිදුර කියවීම්[සංස්කරණය]

  • සංක්‍රමණ කාලය තුල අසිපත්.
  • වියිකින් යුගයේ ආයුධ.
  • Ulfberht
  • Ingelrii

යොමු[සංස්කරණය]

  • Alfred Geibig, Beiträge zur morphologischen Entwicklung des Schwertes im Mittelalter (1991).
  • P. Paulsen, Schwertortbänder der Wikingerzeit (1953).
  • Ian G. Peirce, Swords of the Viking Age, 2002.
  • Jan Petersen, De Norske Vikingsverd, 1919 (archive.org).
  • Mechthild Schulze-Dörrlamm, "Schwerter des 10. Jahrhunderts als Herrschaftszeichen der Ottonen", Jahrbuch des Römisch-Germanischen Zentralmuseums 59 (2012) 609–651

External links[සංස්කරණය]

  • Oakeshott, R.E. (1996). The Archaeology of Weapons, Arms and Armour from Prehistory to the Age of Chivalry. New York: Dover Publications Inc.. ISBN 978-0-486-29288-5. 
  • V. D. Hampton,"Viking Age Arms and Armor Originating in the Frankish Kingdom", The Hilltop Review 4.2 (2011), 36–44.
  • Goran Bilogrivić, Carolingian Swords from Croatia – New Thoughts on an Old Topic, Studia Universitatis Cibiniensis X (2013). Madeleine Durand-Charre, "Merovingian and Carolingian swords", Microstructure of Steels and Cast Irons, Engineering Materials and Processes, Springer Science & Business Media (2013), 16ff.
  • Simon Coupland, "Carolingian Arms and Armor in the Ninth Century", Viator: Medieval and Renaissance Studies 21 (1990).
  • Schulze-Dörrlamm (2012:623): "In den Waffenschmieden des Reiches sind während des  10. Jahrhunderts  offenbar  nur  sehr  schlichte, unverzierte Eisenschwerter (Typ X) 84 mit einteiligem, halbkreisförmigem Knauf und gerader Parierstange, wenngleich mit gut geschmiedeter, damaszierter Klinge  hergestellt  worden,  wie  z. B.  das  Schwert  aus  dem  Lek  bei  Dorestad  (prov.  Utrecht / NL). Deshalb mögen den Kaisern der damaligen Zeit typische »Wikingerschwerter« mit ihren prächtig ausgestalteten, wuchtigen Griffen für Repräsentationszwecke besser geeignet erschienen sein."
  • W. Horn and E. Born, The Plan of St. Gall, 3 vols. (Berkeley 1979) 2.190.
  • Capitulare missorum in Theodonis villa datum secundum, generale c. 7; Capitulare Bononiense 10, 167; both decrees were included by Ansegisus in his collection of laws, as articles 3.6 and 3.75 respectively; Edictum Pistense c. 25.
  • cited after J. Brondsted, The Vikings, ed. 2 (Harmondsworth 1965) 265.
  • E. Wamers, "Ein karolingischer Prunkbeschlag aus dem Römisch‑Germanischen Museum, Kö1n," Zeitschrift fur Archäologie des Mittelalters 9 (1981) 91-128.
  • W. Menghin, "Aufhängevorrichtung and Trageweise zweischneidiger Langschwerter aus germanischen Gräbern des 5. bis 7. Jahrhunderts," Anzeiger des Germanischen Nationalmuseums (1973).
  • Maryon, Herbert (1948). "A Sword of the Nydam Type from Ely Fields Farm, near Ely". Proceedings of the Cambridge Antiquarian Society. XLI: 73–76. doi:10.5284/1034398.
  • David Edge, Alan Williams: Some early medieval swords in the Wallace Collection and elsewhere, Gladius XXIII, 2003, 191-210 (p. 203).
  • Universitetets Oldsaksamling, Oslo C777 length: 102.4cm, blade length: 86 cm, weight 1.9 kg. Peirce (2002:36): "it is extremely rare to find a Viking Age sword with an overall length of more than 1 metre. Even considering the huge pommel, this weapon has a very poor balance and consequently does not handle easily. [...] Petersen determined the weight of C777 as a massive 1.896 kg (4.17 lb)."
  • Schulze-Dörrlamm (2012:630)
  • British Museum 1848,10-21,1 Antiquities from the River Witham, Archaeology Series No. 13, Lincolnshire Museums Information Sheet (1979)
  • Peirce, Ian (1990), "The Development of the Medieval Sword c.850–1300", in Christopher Harper-Bill, Ruth Harvey (eds.), The Ideals and Practice of Medieval Knighthood III: Papers from the Fourth Strawberry Hill Conference, 1988, Boydell & Brewer Ltd, pp. 139–158 (p. 144).
  • British Museum 1848,1021.1. Kendrick, T. D. (1934): 'Some types of ornamentation on Late Saxon and Viking Period Weapons in England', Eurasia Septentrionalis Antiqua, ix, 396 and fig. 2; Maryon, Herbert. (1950): 'A Sword of the Viking Period from the River Witham', The Antiquaries Journal, xxx, 175-79; '
  • "the runes inscribed upon the bronze collars which once held the grip at top and bottom [...] rather roughly incised in a rather 'home-made' style, have been positively dated as being no later than 1150 and unlikely to be much earlier than 1100. These datings have been made by two extremely eminent Runologists, Eric Moltke and O. Rygh, each independently corrobating the other's finding. On stylistic grounds and on the circumstances of its burial, Jan Petersen dated the sword to c. 1050" Oakeshott (1991:76)
  • "https://si.wikipedia.org/w/index.php?title=වයිකිං_කඩුව&oldid=393315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි