වනුෂි වෝල්ටර්ස්

විකිපීඩියා වෙතින්

වනුෂි සිටාංජලී වෝල්ටර්ස් (උපත අගෝස්තු 1981) නවසීලන්ත නීතීඥවරියක්, දේශපාලනඥයෙක් සහ අපර් හාර්බර් (Upper Harbour) මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන කම්කරු පක්‍ෂයේ නියෝජිත මන්ත්‍රීවරියකි. [1]

මුල් ජීවිතය[සංස්කරණය]

වෝල්ටර්ස් උපත ලැබුවේ 1981 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේදීය. ඇය ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයෙකු වූ සහ කොළඹ ප්‍රථම උපන් නගරාධිපති වූ රත්නසෝති සරවනමුත්තුගේ සහ ලංකාවේ දෙවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන නයිසුම් සරවනමුත්තුගේ මී මුණුබුරු දියණියයි. වයස අවුරුදු පහේදී ඇය සිය දෙමාපියන් වන ජන රාජනායගම් සහ ප්‍රීතිවා රාජනායගම් සමඟ නවසීලන්තයට ගියාය.[2]

වෝල්ටර්ස් ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.[3]

වෘත්තීය[සංස්කරණය]

නීති[සංස්කරණය]

වෝල්ටර්ස් මානව හිමිකම් නීතිවේදියෙකු වන අතර පුද්ගලික පරිචය, රාජ්‍ය අංශය සහ ලාභ නොලබන සහ ප්‍රජා සංවිධාන සඳහා සේවය කර ඇත. ඇය YouthLaw Aotearoa හි සාමාන්‍යාධිකාරීවරිය වූ අතර ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර මණ්ඩලයේ සාමාජිකාවක් වූවාය. ඇය මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක වූ අතර, උතුරු පදනමේ භාරකාරියක වූවාය.[2][4]

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

වෝල්ටර්ස් රයිස් වෝල්ටර්ස් සමඟ විවාහ වී සිටින අතර එලියට්, ලූකා සහ සචා යන පුතුන් තිදෙනෙකු සිටී. ඇය ජීවත් වන්නේ බටහිර ඕක්ලන්ඩ් හි Titirangi හි ය.[5]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වනුෂි_වෝල්ටර්ස්&oldid=593273" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි