වනාන්තර කැබලිවලට වෙන් වීම

විකිපීඩියා වෙතින්

වනාන්තර කැබලිවලට වෙන් වීම වාසස්ථාන කැබලි වලට වෙන් වීමේ එක් ආකාරයකි. මෙය සිදුවනුයේ ශාක පත්‍ර සාපේක්ෂව කුඩා කාලයේ වනාන්තර කැපීම මගිනි. මෙලෙස හුදකලා වූ වනාන්තර භුමි කොටස් වනාන්තර කැබලි හෝ ඉතිරි වූ වනාන්තර කොටස් ලෙස හදුන්වයි. මෙලෙස ඉතිරි වන වන ලැහැබ කොටස් ස්වභාව්ක විවෘත ප්‍රදේශ ගොවිපළවල් හෝ දියුණු ප්‍රදේශ විය හැක. දූපත් ජෛව ගෝලීය විද්‍යාෙවි මූලධර්මය අනුව යමින් මෙම ඉතිරි වූ වන ලැහැබ ප්‍රදේශ මුහුදු තණබිමි, කුඹුරු, උප කලාප, වෙළද සංකීර්ණවල පිහිටි වනාන්තර දූපත් ලෙස ක්‍රියා කරයි.

සංරක්ෂණය අනුමැතියන්[සංස්කරණය]

වනාන්තරය කැබලිවලට වෙන්වීම වනාන්තර ජෛව විවිධත්වයට එල්ල වන ප්‍රබල තර්ජනයකි. මෙය විශේෂයෙන් ඝර්ම කලාපීය වනාන්තරවලට බලපායි. වනාන්තර කැබලිවලට වෙන්වීමට හේතුවන සාධක අතර වාසස්ථාන විනාශ වීමේ ප්‍රශ්නය මුල් තැනට ඒමට හේතුවනුයේ,

  • තනි වනාන්තර කොටසකට, යම් පරිසර පද්ධතියක ජීවත් විය හැකි තරමි සතුන් සංඛ්‍යාවක් ජීවත් වීමට පහසුකමි සැලසිය නොහැක. උදාහරණ. විශේෂයෙන් ම කොදු ඇට පෙළක් සහිත විශාල සතුන්


  • අඩුම වශයෙන් එකදු වනාන්තර කොටසක්වත්, දේශීය වද වෙමින් යන වන සත්ත්ව විශේෂ වල සැලකිය යුතු තරමි වන සත්ත්ව ගහනයකට ජීවත් වීමට පහසුකමි සැලසිය නොහැක.


  • මායිම්වලින් සිදුවන බලපෑමි වනාන්තර කොටස්වලට පිටතින් පිහිටි ප්‍රදේශවල තත්ත්වය වෙනස් කරන අතර එමගින් වනාන්තරවල වාසස්ථාන විශාල ලෙස අඩුවේ.


වනාන්තර කැබලිවලට වෙන්වීම මගින් ශාක හා සත්ත්වයන් හට සිදුවන බලපෑම රදා පවතිනුයේ


  • වනාන්තර කොටසේ ප්‍රමාණය
  • හුදෙකලා වීමේ ප්‍රමාණය මතය.

ආසන්නතම එක හා සමාන වනාන්තර කොටසට ඇති දුර හා අවට ප්‍රදේශය සමග ඇති බැදීම මත වනාන්තර කොටසක හුදකලා වීම රදා පවතී. උදාහරණයක් ලෙස යම් එළිකරන ලද ප්‍රදේශයක නැවත වන වගා කිරීමෙන් හෝ නැවත ශාක පැළ වීමට ඉඩ හැරියහොත් එමගින් ව්‍යුහාත්මක විවිධත්වය වැඩිවන අතර වනාන්තර කොටස් හුදකලා විම අඩුවේ. කෙසේ වෙතත්, නිල වශයෙන් ස්ථීරවම වනාන්තර භූමි තණබිම් ලෙසට, කෘෂිකාර්මික ඉඩම් බවට හෝ මිනිසුන් වාසය කරන දියුණු ප්‍රදේශ බවට පරිවර්තනය කළ විට ඉතිරි වනාන්තර කොටස් හා ඒවායේ වූ ජෛව සමුදාය ඉතා දැඩි ලෙස හුදකලා වේ.

විශාල හා එතරම් හුදකලා නොවූ වනාන්තර කොටස්වලට වඩා කුඩා ඉතා දැඩි ලෙස හුදකලා වූ වනාන්තර කොටස්වලට වන සත්ත්ව ව්ශේෂ නැති වීම වේගවත්ය. කුඩා වනාන්තර දූපත් විශාල සංඛ්‍යාවක් එකතු කළ විට ලැඛෙන ජෛව විවිධත්වයට සමාන ජෛව විවිධත්වයක් සහිත තනි අඛණ්ඩ වනාන්තරයකින් එහි ජෛව විවිධත්වයට දක්වන සහයෝගය කුඩා වනාන්තර දූපත් වලට දැක්විය නොහැක. ඇතැමි විට මෙලෙස වනාන්තර කොටස් රාශියක් එක් කල විට ලැඛෙන භුමි ප්‍රමාණ තනි වනාන්තරයකට වඩා විශාල විය හැක.


මුලාශ්‍ර[සංස්කරණය]

[Forest fragmentation]