වඩිම් රොගොවින්

විකිපීඩියා වෙතින්

වඩීම් සඛාරොවිච් රොගොවින් (රුසියානු: Вадим Захарович Роговин, 1937–1998) රුසියානු මාක්ස්වාදී (ට්‍රොට්ස්කිවාදී[1]) ඉතිහාසඥයෙක් හා සමාජ විද්‍යාඥයෙක් විය. දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිධරයකු වූ ඔහු රුසියානු විද්‍යා ඇකඩමියෙහි සමාජ විද්‍යා ආයතනයේ (Institute of Sociology of the Russian Academy of Sciences) ප්‍රධාන පර්යේෂකයා වශයෙන් කටයුතු කළේ ය. රොගොවින්, ජෝසෆ් ස්ටාලින්ගේ පාලන සමයෙහි 1923 - 1940 යුගය පිළිබඳ සම්පාදිත වෙළුම් 6කින් යුතු අධ්‍යයනයෙහි කතුවරයා ය. එහි දී ඔහු සෝවියට් සංගමය තුළ ට්‍රොට්ස්කිවාදී වාම විරුද්ධ පාර්ශ්වයේ භූමිකාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කොට තිබේ.

පිළිකාවකින් පෙළුණු වඩීම් රොගොවින් 1998 දී අභාවප්‍රාප්ත වන විට 61 වැනි වියෙහි පසු විය.[1]

ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

  • Two Lectures: Stalin's Great Terror: Origins and Consequences: Leon Trotsky and the Fate of Marxism in the USSR (1996) Mehring Books ISBN 1875639136
  • 1937: Stalin's Year of Terror (1998) Mehring Books ISBN 0929087771
  • Was There an Alternative? - Trotskyism: A Look Through the Years (2003) Mehring Books ISBN 0929087712
  • Was there an alternative to Stalinism in the USSR?: Two essays (1995) Labor Publications
  • Stalin's Terror of 1937-1938: Political Genocide in the USSR (2009) Mehring Books ISBN 978-1-893638-04-4 (pbk.) ISBN 978-1-893638-08-2 (cloth)
  • World War and World Revolution / Mirovaia revoliutsiia i mirovaia voina (1998) ISBN 5852720283 (රුසියානු)
  • The Party of the Executed / Partiia rasstreliannykh(1997) ISBN 5852720267 (රුසියානු)
  • 1937(1996) ISBN 5852720224 (රුසියානු)
  • Stalin's Neo-NEP / Stalinskii neonep (1994) ISBN 585272016X (රුසියානු)
  • Power and Opposition / Vlast i oppozitsii (1993) ISBN 5852720127 (රුසියානු)
  • Was There An Alternative? / Byla li alternativa?: Trotskizm, vzgliad cherez gody (1992) ISBN 5852551287 (රුසියානු)

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වඩිම්_රොගොවින්&oldid=593266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි