ලෝක වනජීවී දිනය 2014 තැපැල් මුද්දරය

විකිපීඩියා වෙතින්

මුද්දර නිවේදන අංකය 840[සංස්කරණය]

2014 ලෝක වනජීවී දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් කදුකර ගස් මැඩියා නිරූපිත රුපියල් 5 ක වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් 2014 මාර්තු 3 දින නිකුත් කරනු ලැබේ. [1]

ලෝක වනජීවි දිනය 2014[සංස්කරණය]

2013 මාර්තු 03 දින සිට 14 වෙනි දින දක්වා බැංකොක්දී පවත්වනු ලැබූ CITES පාර්ශවකරුවන්ගේ (COP 16) සමුළුවේ 16 වෙනි රැස්වීමේදී සත්කාරක තායිලන්ත රාජ්‍යය මාර්තු 03 වෙනි දිනය ලෝක වනජීවී දිනය වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ යෝජනාවට සිය අනුග්‍රහකත්වය ලබා දුන්නේය. මේ දිනය නම් සත්ව ප්‍රජාවේ පැවැත්මට වෙළදාම තර්ජනයක් නොවන බවට සහතික කිරීමේලා වැදගත් කාරයභාර්යක් ඉටුකරන, වදවීමේ තර්ජනයට ලක්වූ වන ජීවීන් හා ශාඛ පිලිබද ජාත්‍යන්තර සම්මුතිය (CITES) 1973 දී සම්මත කරන ලද දිනයයි. එය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට දැනුම් දෙන ලදී. මාර්තු 3 වෙනි දින ලෝක වනජීවි දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, ලෝක සත්ව හා ශාක ප්‍රජාවන් පිළිබද අවබෝධය ඇති කිරීමටත් 2013 දෙසැම්බර් 20 වෙනි දින පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 68 වෙනි සැසිවාරයේදී තීරනය කරන ලදී. ලෝක වනජීවි දිනය යනු වන සත්ව හා ශාඛ ජීවයේ විවිධ ස්වරූපයන් හී අලංකාරය සැමරීමටත් එයින් ජනතාවට ලැබෙන විවිධාකාර ප්‍රතිලාබ පිළිබද අවබෝධයක් ඇති කිරීමටත් ලැබෙන මහගු අවස්තාවකි. ඒ සමගම පුළුල් ආකාරයේ ආර්ථික, පාරිසරික හා සමාජ බලපැම ඇති කරන වනජීවි අපරාධ වලට එරෙහිව කරන සටන තවත් වැඩි කිරීමේ හදිසි අවශ්‍යතාවද මේ දිනය අපට සිහිපත් කරයි. වනජීවි සතුන් නිසග වටිනාකමක් පවතින අතර ම තිරසාර සංවර්ධනයේ මෙන්ම මානව සුබසිද්ධියේ පාරිසරික, ජානමය, සමාජීය, ආර්ථික, විද්‍යාත්මක, අධ්‍යාපනික, සංස්කෘතික, විනෝදාත්මක අංග කෙරෙහිද එය දායකත්වය ලබාදෙයි. මේ හේතූන් නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියළුම ජාතීන් හා අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන මෙන්ම සිවිල් සමාජයද, රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලයෝ ද මේ ගෝලීය වනජීවි සැමරුමට සිය සහභාගීත්වය ලබා දෙයි.

කදුකර ගස් මැඩියා[සංස්කරණය]

හැදින්වීම[සංස්කරණය]

Taruga නමැති ගණය (Genus) කලින් ඇතුලත් කරන ලද්දේ Polypedates ගණයටයි. දැනට අවබෝධ කරගෙන ඇති පරිදි Taruga ගණය නම් කර ඇති විශේෂ තුනකින් සමන්විත වෙයි. T.fastigo, T.eques සහ T.longinasus යනුවෙනි. Taruga eques විශේෂය ශ්‍රී ලංකාවට ආවේනිකය.

සංරක්ෂණ තත්වය[සංස්කරණය]

මෙය ආවේණික මෙන්ම වදවීමේ තර්ජනයට ලක් වූ විශේෂයකි. (2012 ජාතික රතු දත්ත ලේඛනය)

ජීව ඉතිහාසය[සංස්කරණය]

මෙය ප්‍රධාන වශයෙන්ම පදුරු හා ගස් කදන් වල දක්නට ලැබෙන නිසාචර සතෙකි. ගැහැනු සතා ජලයට ඉහලින් එල්ලී සිටිනසේ පෙණ වැනි කූඩුවක් සාදන අතර එය තුල බිත්තර දින කිහිපයක් මෝරයි. ඉන්පසු ජලයට වැටෙන ඉස් ගෙඩියෝ පරිණත තත්වයට පැමිණෙන තුරු තවදුරටත් වැඩෙති. ජලයෙන් උඩට මතුවන නොමේරූ මැඩියෝ ගස්මත ජීවිතයට හුරුවෙයි.

ව්‍යාප්තිය[සංස්කරණය]

තෙත් කලාපයේ උප කදුකර හා කදුකර වනාන්තර ප්‍රදේශවල මේ විශේෂය දක්නට ලැබෙයි. හෝර්ටන්තැන්න, කදු බිම් ප්‍රදේශ, නකල්ස් ලෝක උරුම ප්‍රදේශ සහ හක්ගල දැඩි ස්භාවරක්ෂිතය යන ප්‍රදේශ වලින් මෙම විශේෂය වාර්තා වී තිබේ.

තර්ජනය[සංස්කරණය]

මේ විශේෂය තර්ජන රාශියකට මුහුන දෙයි. වාසභූමිය අහිමිවීම, වනාන්තර අනවසරයෙන් අල්ලා ගැනීම, වරි වර ඇතිවන ගිනි ගැනීම්, නීති විරෝධී ලෙස ගස් කැපීම සහ කරදමුංගු වගාව ආදිය ඒවායි සමහරකි. එවැනි ක්‍රියාකාරකම් මේ විශේෂයට දැඩි ලෙස හානිකර විය හැකිය. ඊට අමතරව හෝර්ටන්තැන්න හා නකල්ස් කදු ප්‍රදේශයේ විශාල වශයෙන් සිදුවන වනාන්තර හානියද (ප්‍රතිමාරය) ඊට හේතුවී තිබේ.


නිකුත් කරන දිනය - 2014 මාර්තු මස 03 වැනි දින. වටිනාකම - රුපියල් 5.00. මුද්දර සැලසුම්කරු - පාලිත ගුණසිංහ. ප්‍රමාණය - මි. මී. 30 x මි. මී. 41. හැඩය - සිරස්. මුද්‍රණ ක්‍රමය - ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි. පත් සැකැස්ම - පත්‍රිකාවක මුද්දර 20 බැගින්. සිදුරු ප්‍රමාණය - 13 1/2 x 12 3/4. මුද්‍රණකරුවෝ - රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකාව. වර්ණ ( පාවිච්චි කළ ) - හතරයි. කඩදාසි වර්ගය - 102 ජී. එස්. එම්. ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි. මැලියම් - පීවීඒ. මුද්‍රණය කළ ප්‍රමාණය - 500,000. අලෙවි කරන අවසන් දිනය - 2015.03.02.

  1. මුද්දර කාර්යයංශය විස්තර පත්‍රිකාව