ලෝක බෞද්ධ මිත්‍රත්වය

විකිපීඩියා වෙතින්

1880 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී ජාත්‍යන්තර බෞද්ධ කොඩිය නිර්මාණය කරන ලදී. මේ සඳහා හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා අනුග්‍රහකත්වය දක්වන ලදී. මෙම බෞද්ධ කොඩිය පසුව ලෝක බෞද්ධ සංගමයෙහි සළකුණ ලෙස පමණක් නොව ලෝකයේ සියලු බෞද්ධ සංවිධානවල සංකේත ධජය ලෙස ද යොදා ගන්නා ලදී.

ලෝක බෞද්ධ සම්මේලනය (WFB) ලෝකයේ විශාලතම සහ බලවත් අන්තර් ජාතික බෞද්ධ සංවිධානය වෙයි. එය ශ්‍රි ලංකාවේ කොළඹදි 1950 වර්ෂයේ ආරම්භ කරන ලදි. මේ සඳහා ලෝකයේ රටවල් 27 ක නියෝජිතයෝ සහභාගී වූහ. මෙම සංවිධානය තුල ථෙරවාදි බෞද්ධයන් බලවත්ම කණඩායමි වශයෙන් තිබෙන නමුදු වෙනත් බෞද්ධ නිකායන් සහ සම්ප්‍රදායන්හි සාමාජිකයින්ද මේ තුළ ක්‍රියා කාරීව සිටිති. (මෙහි මූලස්ථානය තායිලන්තයේ තිබෙන අතර සභාපතිවරු ශ්‍රි ලංකාවේ හෝ ගිණිකොන දිග ආසියාවේ අය විසින් හොබවති) සාම්ප්‍රදායික බෞද්ධ රටවල් හැරුණු විට මෙම සම්මේලනයේ ප්‍රදේශීය මධ්‍යස්ථාන, ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව සහ යුරෝපයේ රටවල් කිහිපයකද ඇත්තේය.

ලෝක බෞද්ධ සම්මේලනයේ අරමුණු[සංස්කරණය]

01. සියලුම සාමාජිකයින් තුළ බුදුන්වහන්සේ උසස් මට්ටමක ගෙන ඒම
02. බෞද්ධ ප්‍රජාව අතර එක්සත් බව, සාමූහිකත්වය සහ සහෝදරත්වය ආරක්ෂා කිරීම.
03. ප්‍රචාරය කිරීම.
04. සමාජ, අධ්‍යාපනික, සංස්කෘතික, සහ අනෙකුත් ප්‍රජා සේවා කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීම, සංවිධානය කිරීම හා පවත්වා ගෙන යාම.
05. සතුට, එකමුතුව සහ සාමය පෘථිවි තලයෙහි පවත්වා ගෙන යාම සහ එම අපේක්ෂාවන් ඉටු කර ගැනීමට වෙනත් සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කිරීම.

තායිලන්තයේ ඵාන් වන්න මෙති වර්තමාන සභාපති ලෙස කටයුතු කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_බෞද්ධ_මිත්‍රත්වය&oldid=464164" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි