ලෝක පුවත් පත් සංගමය.

විකිපීඩියා වෙතින්

ලෝක පුවත්පත් සංගමය යනු ජාතික පුවත්පත් 76 කින් පුවත් ප්‍රාන්තයන් 12 කින්, ප්‍රාදේශීය මාධ්‍ය සංවිධාන 10 කින් සහ රටවල් 100 ක පුවත්පත් විධායකයන්ගෙන් සමන්විත, ලාභ අරමුණු කර නොගත්, රාජ්‍ය නොවන සංවිධානයකි.


1948 දී ඇරඹුණු මෙය මහද්වීප පහ තුළ ප්‍රකාශන 18000 ට වැඩි ගණනක් නියෝජනය කරයි. පුවත්පත් කර්මාන්තය යනු දිනකට පාඨකයන් 1.6 කින් යුතු, ඇ.ඩො. මිලියන 190 ක් ලොව පුරා උපයන ව්‍යාපාරයකි. එය ලොව දෙවන විශාලතම ප්‍රචාරණ මාධ්‍යය ( 29. 8% ) වන අතර රේඩියෝ, චිත්‍රපට, සඟරා සහ අන්තර්ජාල යන සියල්ලේ දැන්වීම් එකතුවට වඩා පුවත්පත් ගණන විශාල ය. සඟරා සමග එක්කළ විට ලොව විශාලතම ප්‍රචාරණ මාධ්‍යය මුද්‍රිත මාධ්‍යයයි.

ලෝක පුවත් පත් සංගමයේ ප්‍රධාන අරමුණු.

  • මාධ්‍ය නිදහස සහ එය රැක ගැනීමට අවශ්‍ය පුවත්පත් ආර්ථික ස්වායත්තතාව ඇති කිරීම.
  • විවිධ ප්‍රදේශ, සංස්කෘතීන් හා පුවත්පත් විධායකයන් අතර සබඳතා ගොඩනංවා ලොව පුරා පුවත්පත් ප්‍රකාශනය දියුණු කිරීම.
  • ජාතික, ප්‍රාදේශීය හෝ ලෝක මට්ටමේ සාමාජිකයන් අතර සහයෝගිතාව වර්ධනය කිරීම.

මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා ලෝක පුවත්පත් සංගමය ජාත්‍යන්තර මාධ්‍ය ගැටලුවල දී මාධ්‍ය නිදහස සහ වෘත්තීයමය සහ ව්‍යාපාරික සුභසිද්ධිය සුරකිමින් පුවත්පත් නියෝජනය කරයි.

  • හොඳ සහ ලාභදායී පුවත්පත් නිෂ්පාදනය සඳහා ලෝක මට්ටමේ තොරතුරු හුවමාරුවට මගපාදයි.
  • නිදහස් තොරතුරු ගණනය, පුවත්පත් සංසරණය සහ ප්‍රචාරණයට පනවන සීමාවන්ට විරුද්ධ වේ.
  • මාධ්‍ය නිදහස උල්ලංඝණය කිරීම සහ බාධාවන්ට එරෙහිව ක්‍රියා කරයි.
  • පුහුණුව සහ වෙනත් සහයෝගීතා ව්‍යාපෘති හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල පුවත්පත්වලට ආධාර සපපයි.
  • චෝදනාවලට ලක්වුණු ප්‍රකාශකයන්ට හා මාධ්‍යවේදීන්ට නෛතික, භෞතික හා මානුෂිකවාදී ආධාර සපයයි.


ලොව පුරා භාෂණයේ නිදහස කඩකෙරුණු අවස්ථා නිරීක්ෂණය කරන ලෝක ජාලයක් වන “ ඉන්ටර්නැෂනල් ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙශන් එක්ස්චේන්ප් ” හි සාමාජිකත්වය ලෝක පුවත් පත් සංවිධානය සතුය. එසේ ම මියුනිසියාවේ භාෂණයේ නිදහස වෙනුවෙන් කටයුතු කරන “ ටියුනිසයා මොනටරිමස් ගෘප් ”ද එයට අයත් ය.

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_පුවත්_පත්_සංගමය.&oldid=472174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි