ලුටන් දුම්රිය පොලේ-˝ ද ඔබ්සර්ව˝ එළිදරව්

විකිපීඩියා වෙතින්

2006 අප්‍රේල් 09වන දා ද ඔබ්සර්ව පුවත්පත විසින් අභ්‍යන්තර කටයුතු කාර්යාලය විසින් ඉදිරියේ දී එළි දැක්වීමට නියමිත ව තිබු ඉහළ පෙලේ රාජ්‍ය / සිවිල් නිළධාරියෙකු විසින් එවක අභ්‍යන්තර කටයුතු ලේකම් වන චාර්ල්ස් ක්ලාක් වෙත භාර දීමට නියමිත වු බෝම්බ ප්‍රහාර පිළිබද පළමු වාර්තාව ප්‍රකාශයට පත් කරන ලදී. එහි සදහන්වුයේ එහෙන් මෙහෙන් උපුටා ගන්නා ලද පුවත්පත් වාර්තා වන අතර එය කියවිය යුත්තේ සත්‍ය ප්‍රකාශ කරන වාර්තාවක් ලෙස සිතා නොගෙනයි. මෙම ලිපිය වාර්තා කරන අන්දමට ප්‍රහාරය සැළසුම් කරන ලද්දේ පවුම් සිය ගණනක පමණ අයවැයක් තුළ වන අතර එය අන්තර්ජාලයෙන් තොරතුරැ ලබා ගෙනපුද්ගලයන් සිව් දෙනෙකු විසින් සැළසුම් කරන ලද්දකි. ඔවුන් පතිස්තානයට සංචාරය කළත් සෘජු සහයෝගයක් හෝ සැළසුම් කිරිමක් අල්කයිඩා මගින් ලැබී නැත ; පකිස්තානය තුළ රැස්වීම මන:කල්පිත වන අතර එය ප්‍රායෝගික ද නොවන්නේය.

සියළු බෝම්බ කරැවන් මිය ගියෝය. ලුටන් දුම්රිය පොලේ අත්හැර දමා තිබු රථය තුළ භාවිතා කළ නොහැකි වු පුපුරණ දුව්‍ය රැගත් ගමන් මල්ල සතු බවට විශ්වාස කළ පස්වැනි සැකකරැවෙක් පොලිසිය විසින් ඇති බවට විශ්වාස කළත් පසුව එවැනි පස්වැන්නෙක් නැති බවට හෙළිදරව් විය. ප්‍රහාරයට පසුව මොහොමඩ් සිඩික් කාන් විසින් නිකුත් කළ විඩියෝ පටයේ ඔසාමා බින් ලාඩන්ගේ දෙවෙනියා ලෙස සැළකෙන අයිමන් අල් - සවාහිරිගේ දර්ශන තිබෙන නමුත් ඒවා ප්‍රහාරයට පසු සංස්කරණය කර අල් - කයිඩා සබදතාවක් ප්‍රහාරයට තිබෙන බව ඒත්තු ගැන්වීමට එය බෙදා හැර ඇති බවට අභ්‍යන්තර කටයුතු කාර්‍යයාලය විශ්වාස කරයි. කාන් ප්‍රධාන සැළසුම්කරැ වේ. නිතිමය හේතුන් මත අනෙක් සැකකටයුතු ත්‍රස්තවාදීන්ට ඇති සබදතා සාකජ්ජාවට ලක් කර නැත. බෝම්බකරැවන් විසින් ඉස්ලාමීය ආගමේ අන්තවාදී අර්ථකතනයක් අනුගමනය කළ යුතු වුවත්, මොවුන් විශේෂයෙන් ජෙරමයින් ලින්ඩිසේ බටහිරට හුරැ ජිවන රටාවකට ඉතා ප්‍රිය කලෝය. මෙම ප්‍රහාරයන් වලට හේතු වු මුලිකම කරැණ වුයේ බ්‍රිතාන්‍යය විසින් අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තියයි. එය සම්පුර්ණයෙන් මුස්ලිම් විරෝධී බවත් සහ එය සදාකාලිකත්වයේ පොරොන්දුවක් බවටත් අකින ලදී. මෙම වාර්තාව මගින් මොහොමඩ් සිඩික් කාන්ව ප්‍රහාරයට පෙර හදුනා ගත්තද ඔහුට විරැද්ධව කිසිදු පියවරක් නොගත්තේ ඇයිද යන ගැටළුව පිළිබද කිසිවක් නොකියයි. තවත් වාර්තාවක් මගින් M15 විසින් කාන් පිලිබ සුපර්ක්ෂාකාරිව නොසිටියේ ඇයිද යන ගැටළුව Commons බුද්ධිමය හා ආරක්ෂක කම්ටුව විසින් ප්‍රශ්ණ කරයි.



කළින් හෙළිදරව් වු ඔබ්සර්වර් වාර්තාව පිළිබද විවේචන...................

කොන්සර්වේටිව් පක්ෂ ප්‍රකාශක පැට්රික් මර්සර් පවසන පරිදි ˝ මෙවන් ආකාරයේ වාර්තා මගින් ත්‍රස්ත ප්‍රහාරයට පෙර අවම කර තිබු ත්‍රස්ත අනතුරැ සංඥා පිළිබදව අල් -කයිඩා සබදතාව හෝ ත්‍රස්ත සැළසුමට පෙර හා පසු වෙනත් සබදතා පිලිබදව පැහැදිලි පිළිතුරැ ලබා නොදේ ˝


මහ මොළකරැ පිලිබද පරික්ෂණ, මෙහොමඩ් සිඩික් කාන් 2007 මැයි 03 වන දින ගාර්ඩියන් අන්ලිමිටඩ් කලාපය ප්‍රකාශ කරන්නේ 2005 වසර තුළ දෙවතාවක් මොහොමඩ් සිඩික් කාන් ව පොලිසිය විසින් පරික්ෂණ සිදු කර ඇති බවයි. පුවත්පත වාර්තාකරන්නේ ˝2005 ජනවාරි 27 වන දිනදි ඛාන්ගේ මෝටර් රථය අළුත්වැඩියා කිරිම් සදහා යොමු කොට තිබු අතරවාරයේ ඔහුට ගෙව්ම් පිණිස මොටර් රථයක් ලබා දුන් ලිඩ්ස් හි පිහිටි ගරාජයක කළමණාකරැවෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

˝එය තවදුරටත් පවසන අන්දමට ...........

˝පෙබරවාරි 03 ව දා සවස්වරැවේ දී ස්කොට්ලන්ඩ්යාඩ් ත්‍රස්තවිරෝධි ශාඛාවේ නිළධාරියෙකු විසින් ඊට අවුරැද්දකට පමණ පෙර ඛාන් භාවිතා කළ මෝටර් රථයේ රක්ෂණ ආවරණය ලබා දුන් ආයතනයෙන් ප්‍රශ්න කිරිම් සිදු කර ඇත.˝ මෙවන් කරැණු පිළිබද පාර්ලිමේන්තු බුද්ධිමය හා ආරක්ෂක කමිටුව මගින් ඉදිරිපත් කළ වාර්තාවේ කිසිවක් සටහන් නොවේ. ස්කොට්ලන්ඩ්යාඩ් විසින් 2005 ප්‍රශ්න කිරිම් විසිතර කර තිබුණේ ඒවා ˝දෛනිකව˝ (දිනචර්‍යාවක් අනුව සිදු වු ) සිදුවු ඒවා බවත්ය. එමෙන්ම ආරක්ෂක අංශ මුලාශ්‍ර ප්‍රකාශ කර සිටින්නේ ඒවා පොහොර බෝම්බ කුමන්ත්‍රණය සම්බන්ධ බවයි.