ලිව්රෝ

විකිපීඩියා වෙතින්

ලිව්රෝ නවීන අංග වලින් සමන්විත අංග සම්පූර්ණ පුස්තකාල මෘදුකාංගයකි. පුස්තකාල පොත්පත්, සාමාජිකයින් සහ පුස්තකාලයට අදාල තොරතුරු පරිගණක ගත කිරීමට භාවිතා කරයි.

Livro
ගොනුව:Livro logo.png
සංවර්ධක(යෝ)NetLink System (Pvt) Ltd.
ප්‍රථම නිකුතුවDecember 2010
ක්‍රමලේඛන භාෂා(ව)PHP/Perl
මෙහෙයුම් පද්ධතියCross-platform
වර්ගයIntegrated library system
වෙබ් අඩවියwww.netlinksystem.com

විශේෂාංග[සංස්කරණය]

  • දත්ත ප්‍රවිශ්ඨ කිරීමේදී සිංහල දෙමළ යුනිකේත සඳහා පූර්ණ සහාය. මෙනිසාම සිංහල කෘතීන් හා දෙමළ භාෂා කෘතීන් එම භාෂාවෙන්ම ඇතුළත් කළ හැකිය. (ශ්‍රී ලංකාවේ බොහෝවිට පුස්තකාල දත්ත ඇතුළත් කරනුයේ Transliteration යොදා ගනී මෙනිසා ම දත්ත ඇතුළත් කිරීමේදී බොහෝ වැරදි සිදුවේ මෙම වරද මෙමගින් නිරාකරන‍ය වේ. සිංහල හා දෙමළ භාෂාවෙන් ඇතුළත් කළ දත්ත එම භාෂාවන්ගෙන්ම සෙවීමේ හැකියාව ඇත.)
  • දැනට භාවිතයේ ඇති පුස්තකාල මාදුකාංග දත්ත මෙම මෘදුකාංගය තුළට ලබා ගැනීමමේ ඇති හැකියාව. පුස්තකාලය තුල ඇති පොත් පිලිබඳ සුචිකරනයේදී තොරතුරු බොහෝවිට WinISIS මෘදුකාංගය භාවි‍තයෙන් ඇතුළත් කොට ඇත. යම් ලෙසකින් WinISIS මගින් දත්ත ඇතුළත් කොට ඇත්කනම් එම දත්ත සියල්ල අලුතින් එක් කිරීමකින් තොරව මෙම මෘදුකාංගය තුළට ආයාත කරගැනීමේ හැකියාවෙන් යුක්තය.
  • මෙම මෘදුකාංගය වෙබ් තාක්ෂණය මත පදනම්ව ක්‍රියාත්මක වේ. කිසිදු ලෙසකින් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වීම සඳහා අන්තර් ජාලය පරිගණකයේ තිබීම අනිවාර්යය නොවේ. නමුත් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වනුයේ වෙබ් තාක්ෂණය යොදාගෙනය.
  • Linux, Windows and MacOS මෙහෙයුම් පද්ධති වල මෙම මෘදුකාංග ස්ථාපිත කළ හැකි අතර ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ ඉතාමත් සාර්ථක පහසුකම් ‍ඇතුව ක්‍රියාත්මක වේ.
  • MARC21 සහ UNIMARC වැනි අන්තර්ජාතික සම්මත දත්ත පදනම් ආකෘතියක් මෙම මෘදුකාංගය විසින් භාවිත කරන බැවින් පුස්තකාල පුස්තකාල අතර දත්ත පදනම් හුවමාරුව අන්තර්ජාතිකවද කළ හැකි වීම.
  • එක් පුස්තකාලයක යම් කෘතියක තොරතුරු ඇතුළත් කොට ඇත්නම් එම කෘතිය පිළිබඳ තොරතුරු අලුතින් ඇතුලත් කිරීමෙන් තොරව z39.50 පහසුකම ඔස්සේ මෙම මෘදුකාංගය භාවිත කරන පුස්තකාල දත්ත පදනම වෙත ලබාගැනීමේ පහසුකම මෙහි ඇතුලත්ය. මෙහිදී අලුතින්ම කෘතීන් පරිගණකයට ඇතුලත් කිරීමේ අවශ්‍යථාවයක් ඇති නොවන බැවින් අඩු ආයාසයකින් මෙම දත්ත ගබඩා කොට ගත හැකිය.
  • මාර්ගගත මහජන ප්‍රවේශ සුචිය. Online Public Access Catalog (පුස්තකයන්ට පුස්තකාල ද්‍රව්‍ය සොයාගැනීමට පහුසුකම් ඇති හා පුස්තකාල ද්‍රව්‍ය වෙන්කරගැනීමේ හැකියාව ඇති අතුරු මුහුණත) පරිශීලකයින්ට තමන් කැමති ස්ථානයක සිට අන්තර්ජාලය ඔස්සේ පුස්තකාල පොත් පිළිබඳ තොරතුරු සෙවිය හැකිවීම මෙමගින් ලැබේ. යම් ලෙසකින් යම් කෘතියක් ‍අදාල පුස්තකාලය තුළ නොමැතිනම් එම පාඨකයාට එම කෘතිය පුස්තකාලය වෙත ලබාගන්නා ලෙස ඉල්ලීමක් කල හැකි අතරම මෙම ඉල්ලීම පුස්තකාලාධීපති වෙත ලැබේ.
  • ලිව්රෝ වැඩසටහන වෙත ඇතුළත් කරනු ලබන කෘතීන්ට අදාල පොත් කවර රූප ඇමසන් හා ගූගල් වෙතින් ලබා ගැනීම. මෙනිසාම කිසිදු ලෙසකින් පොත් කවර වැඩසටනට වෙනමම ක්‍රියාවලියක් ලෙස ඇතුළත් කළ යුතු නොවේ.
  • ඊමේල් මගින් පොත් ලබා ගන්නා හට ලබාගත් පොත් හා එම පොත් නැවත භාරදිය යුතු දින හා වෙනත් තොතුරු ආදිය ඊමේල් පනිවිඩ මගින් දැනගැනීමට සැලැස්වීම.
  • පෙර ඇණවුම් පිළිබඳ sms මගින් දැනුම් දීම.
  • පුස්තකාල පාලනය හා කලමණාකරනය සඳහා පූර්ණ සහය
  • පුස්තකාලය වෙත පොත් ලබාගැනීම් හා එම පොත් නිකුත් කිරීම එකම‍ මොහොතක කිරීමේ හැකියාව.
  • පුස්තකාල සම්පත් කළමනාකරණය අන්තර්ජාලයට සම්බන්ධව හා විසන්ධව කල හැකිවීම
  • ඔබේම බාර්කෝඩ් සැකසීමට හැකිවීම. විවිධවූ ආකාරයන්ගෙන් බාර්කෝඩ් සකසා ගැනීමේ හැකියාව මෙය සතුය. මෙහිදී ඔබට රිසි පරිදි මෙහි වෙනස්කම් කළ හැකිවේ.
  • පුස්තකාලය වෙත ලබාගත් නව කෘතින් පිළිබඳ තොරතුරු RSS මගින් දැනගත හැකිවීම. අලුතින් මිළදී ගත් කෘතින් කවරක්ද යන්න ‍දැනගත හැකිවීම මගින් පාථකයන් කියවීමට පෙළබවීමට වර්ථනය කිරීමට හේතුවේ.
  • කාණ්ඩ වශයෙන් නිකුත්වන වාර සඟරා, පුවත්පත් කළමණාකරණයට පහසුව.
  • පොත් පත් අලුතින් මිළදී ගැනීමේදී සඳහා සරල හා පාථක අවශ්‍යථා හදුනාගත හැකි පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ පහසුකම.
  • සෑම පරිශීලකයෙකුටම පහසුවන පරිදි සැකසූ සෙවීම් අතුරුමුහුණත. පුස්තකාල සතු සියලු පොත් පත් හා වාර සඟරා ඉතා පහසුවෙන් සොයාගත හැකි පහසුකම් වලින් යුත් අංග සම්පූර්ණ පරිශීලක සෙවුම් අතුරු මුහුණතකින් මෙය සමන්විත වේ.
  • සාමාන්‍ය හා විශේෂ පුස්තකාල සඳහාම සැකසූ මොඩියුලයන්
  • පුස්තකාල ලිපි ලිපි ලේඛන හෝ විද්‍යුත් මාධ්‍ය කලමනාකරණයට භාවිතා කල හැකිවීම


බාහිර ලිපි සහ තොරතුරු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලිව්රෝ&oldid=265493" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි