ලිපිඩ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
structure of common lipids

ලිපිඩ යන වදනෙහි විවිධාකාර අණු පරාසයක් අඩංගු වන අතර බොහෝ දුරට ඉටි , මේද අම්ල , මේද අම්ලවලින් ව්‍යුත්පන්න වූ පොස්පොලිපිඩ , (Phospholipds) , ස්පින්ගොලිපිඩ (sphingolopids) , ග්ලයිකොලිපිඩ (glycolipids) හා ටර්ප නොයිඩ (terpenoids) ඇතුළත්ව ජීව විද්‍යාත්මක පසුබිමක් ඇති සාපේක්ෂව ජල අද්‍රාව්‍ය හෝ නිර්ධ්‍රැවීය සංයෝග සියල්ලම ලෙසද සැළකිය හැක. සමහරක් ලිපිඩ රේඛීය ඇලිෆැටික අණු වන අතර අනෙක් ඒවා චක්‍රීය ව්‍යුහ වෙයි. සමහරක් ඇරෝමැටික වන අතර සමහරක් එසේ නෙවේ. සමහරක් සුනම්‍ය වන අතර සමහරක් දෘඩ වේ.

‍බොහොමයක් ලිපිඩවලට විශාල ලෙස නිර්ධ්‍රැවීය වුවත් යම්තාක් දුරට ධ්‍රැවීය ගුණ ඇත. සාමාන්‍යයෙන් ඒවායේ ව්‍යුහයෙන් විශාල කොටසක් නිර්ධ්‍රැවීය හෝ ජලභීතික වන අතර ජලය වැනි ධ්‍රැවීය ද්‍රාවක සමග හොදින් අන්තර්ක්‍රියා නොකරයි. ඒවායේ ව්‍යුහයේ තවත් කොටසක් ධ්‍රැවීය හෝ ජලාකර්ශක වන අතර ජලය වැනි ධ්‍රැවීය ද්‍රාවක සමග හොදින් ක්‍රියාකාරී වේ. මෙම නිසා ඒවා උභයගුණික අණු බවට පත්වේ. (ජලකර්ශක හා ජලභීතික ගති ගුණ දෙකම ඇති) පොස්පොලිපිඩහි පහත විස්තර කළ ඇති පරිදි ධ්‍රැවීය කාණ්ඩ සැළකිය යුතු තරම් විශාල හා වඩා ධ්‍රැවීය වේ.

ලිපිඩ යනු අපගේ දෛනික ආහාර පරිභෝජනයේ අත්‍යවශ්‍යය කොටසකි. බටර් , චීස් , ගිතෙල් වැනි අප විසින් පිසීමට හා ආහාරයට ගන්නා බොහොමයක් තෙල් හා කිරි නිෂ්පාදන මේද වලින් යුක්ත වේ. ‍එළවළු තෙල් විවිධ බහු අසංතෘප්ත මේද අම්ලවලින් (PUFA) පොහොසත්ය. ලිපිඩ අඩංගු ආහාර ශරීරය තුළදී ජීර්ණය වී මේද හා ලිපිඩවල අවසාන ජීර්ණ ඵල වන මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත්වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Biochemistry#Lipids බොහෝ ලිපිඩ අාකාර පැවතියද සත්‍ය ලිපිඩ ලෙස හැඳින්විය හැක්කේ මේද හා තෙල් පමණි. මේද හා තෙල් සෑදෙන්නේ මේද අම්ල අණු 3ක් එක් ග්ලිසරෝල් අණුවක් හා බැඳුනු විටය.මෙම බන්ඳන එස්ටර බන්ඳන යැයි හඳුන්වනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=ලිපිඩ&oldid=391403" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි