ලිනෙයස් ගේ වර්ගීකරණය හා තක්සෝන
මෙය ජීවී දේවල් වර්ගීකරණය සඳහා වන ක්‍රමයක් වන අතර කාල් ලිනේයස් විසින් යොදාගත් අතර ඔහුගේ අවධියට වඩා දැන් එය සැලකිය ලෙස වෙනස් වුවද අදටත් ඔහුගේ නමින් භාවිතා වේ. ලිනේයස්ගේ අලුත්ම යෙදීමක් වන අදට ද මෙම පද්ධතිය තුළ ඉතා වැදගත් පැතිකඩක් වන ද්විත්ව නාමකරණය ගොඩනැඟීමයි. ගණය හා එම ජීවියාගේ විශේෂ නාමය සම්බන්ධ කර තැනුවකි. උදා - ලෙස මානව විශේෂ ඔවුන්ටම විශේෂිත ලෙස හෝමෝ සේපියන්ස් නමින් හඳුන්වයි. වෙන කිසිම ජීව සංවිධානයක්ම මෙම හැඩය භාවිතා නොකරයි. ලිනෙයස් නාමකරණයට පළමුව සත්වයින් ඔවුන්ගේ චලන ආකාරය අනුව වර්ගීකරණය කරනු ලැබීය. සෑම විශේෂයක්ම විවිධ මට්ටම්වල ඇති මණ්ඩලයක් හෙවත් හයිරාකියක් රාජධානිවල සිට පටන් ගනී. නමුත් රාජධානිවලට වඩා ඉහල මට්ටමක් ලෙස අතීතයේ සිට රාජ්‍ය නම් ඒකක එකතු කර ඇත. රාජධානි/ වංශවලට බෙදේ. සත්තව රාජධානියට වංශ ලෙසත්, ශාඛා හා දිලීරවලට එය කොට්ඨාශ ලෙසත් යෙදේ. (ශාක විද්‍යාත්මක නාමකරණය ජාත්‍යන්තර සංකේතය අනුව වංශ/ කොට්ඨාශ යන ඕනෑම එකක් යෙදිය හැක) වංශ, වර්ගවලටත් එය ගෝත්‍ර ද, එය කුලය ගණය විශේෂය තෙක් බෙදී යයි. මෙම නාමකරණය ශක්තිමත් වන අතර දැණුමේ විස්ථාරණය මෙම පද්ධතියේ එක් එක් මට්ටම් ගණන විස්ථාරණය කරන අතර මෙම පද්ධතියේ සංවිධාන අවශ්‍යතාවයන් නංවාලයි. (උදා ICZN) වර්තමාන ජාත්‍යන්තර විද්‍යාත්මක අනුමැතිය ලත් එකම වර්ගීකරණ පද්ධතිය ද මෙයයි. පසුව ආ උප බෙදීම් නම් වංශ, උපරි ගෝත්‍ර, උප ගෝත්‍ර, කුල, උපරි කුල පෙළපතයි. කීට විද්‍යාව වැනි අධ්‍යයන තුළින් මෙම අතිරේක මට්ටම් පැමිණියේය. විශේෂ වලින් ගහණ ජීව විද්‍යාත්මක ඕනෑම ඒකකයක් හෝ දැනට පවත්නා විශේෂවල තත්වය පිළිබඳ පුනරීක්ෂණවලට ලක් වෙනම හා (ඒවායේ එකිනෙකට ඇති සබඳතාවය පිළිබඳවත්) අනිවාර්යෙන්ම අතිරේකව වර්ගීකරණ මට්ටම්වලට යෑමට සිදු වේ. විශේෂයෙන්ම පොසිල ආකාර ද වර්ගීකරණයට එක් වු විට, නව වර්ගීකරණ මෙවලම් ලෙස සත්වාෙලා්කන අධ්‍යයන ඇතුල් කළ විට ද මෙය සිදු වේ.
විශේෂයට පහලින් ඇති මට්ටම් නම් සත්ත්ව විද්‍යාවේ උප විශේෂ ශාක විද්‍යාවේ ප්‍රභේද ආකාර බොහෝ ශාක විද්වතුන් දැන් variety යන්නට වඩා උප විශේෂ යන්න භාවිතා කරයි. (නමුත් මෙය ඇත්ත වශයෙන්ම සමාන මට්ටම් 2ක් නොවේ) එමෙන්ම form යන්න දැන් භාවිතයේ නැති තරම් ඕනෑම මට්ටමක ජීවී කාණ්ඩ වර්ගීකරණ කාණ්ඩ තක්ෙසා්න විෙශ්ෂ නම් වේ.
ලීනියස්ගේ නාමකරණයේ වැදගත්කම
[සංස්කරණය]ලීනියස්ගේ නාමකරණයේ වැදගත්කම නම් එමගින් විෂමාකාර ජීවින් සරල ලෙස සහ ප්‍රායෝගික ලෙස සංවිධානය කර ගැනිමට හැකිවීමයි. මෙහිදි සෑම ජිවි විශේෂයකටම එයටම අනන්‍ය වු සහ ස්ථිර නමක්ද හිමිවේ. වෙනත් නම් අනන්‍ය හෝ නියත නැත. ඒවා තැනින් තැනට භාෂාවෙන් භාෂාවට වෙනස්වේ. මෙම අනන්‍ය හා ස්ථාවර බව නිසාම (Nummulities) තක්සෝනකරණය හා නාමකරණය වර්ගිකරණයන්ගේ පිළිගැනිමට ලක් වි ඇත. එය හුදෙක් ද්විපද නාමකරණයක් පමණක් නොව ඊටත් වඩා සංකීර්ණ නීති සහ ක්‍රියාපටිපාටිවලින් සමුහයක එකතුවකි.
මෙ නීති පාලනය කරන්නේ ජීව විද්‍යාත්මක නාමකරණයේ සම්මත නීති සංග්‍රහය මගිනි. දිලීර හා ශාක වර්ගීකරණය නාමකරණය පිළිබඳව නීති අඩංගු වන්නේ ශාක තක්සෝනකරණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන මගින් පාලනය කරන උද්භිද විද්‍යාත්මක ශාක නාමකරණයේ ජාත්‍යන්තර නීති සංග්‍රහයේය. වර්තමානයේ භාවිතා කරන නීති හෙවත් Sain - Lo- code මුල්වරට හඳුන්වා දුන්නේ වර්ෂ 1999 දිය. මේනිසා මුලින් භාවිතා කළ "Tokyo codes" නම් නීති මාලාව අභාවයට පත්විය.
මීට සමාන සත්ව නාමකරණය පිළිබඳ නීති මාලාවක් සන්ධ විද්‍යාත්මක නාමකරණය පිළිබඳ ජාත්‍යන්තර නීති සංග්‍රහය හෙවත් lczn ලෙස හඳුන්වයි. මේවාද 1999 බිහි වු අතර සත්ව විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර කොමිසම මගින් පාලනය වේ.
බැක්ටීරියා නාමකරණය පිළිබඳ ජාත්‍යන්තර නීති ICNB ලෙස හඳුන්වන අතර එය 1990 දි බිහි වු අතර ප්‍රාග් න්‍යෂ්ටික වර්ගිකරණය පිළිබඳව ජාත්‍යන්තර කොමිසම හෙවත් (ICSP) මගින් පාලනය වේ.
මීට අමරව වෛරස සදහා නාමකරණයක් ඇති අතර එය වෛරස තක්සෝනකරණය පිළිබඳ ජාත්‍යන්තර කොමිසමේ සාර්වත්‍ර වෛරස ලිපිගොනුව හෙවත් (ICTVDB) වේ. මෙය තරමක් වෙනස් මුලධර්මයක් මත පදනම් වුවක් වන අතර මෙයට මුලික හේතුව වෛරසවල පරිණාමික ඉතිහාසය පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති කමය.
වර්ගීකරණ විද්‍යාව
[සංස්කරණය]විද්‍යාව වර්ග කිරීම ටැක්සොනොමි යනුවෙන් හැඳින් වේ. මෙය ග්‍රීක භාෂාව තුලින් ඇතිවූ ව්‍යවහාරයකි. මෙම වර්ගීකරණයන්හීදී ධුරාන්වයික ඇතුලු උපදර්ශීන් සහ බොහෝ විස්තරාත්මක දෑ අඩංගු වේ.
සටහන්
[සංස්කරණය]|Linnaean_taxonomy Nomenclature
|-