ලිඛිත භාෂාව
ලිඛිත භාෂාව යනු ලිවීමේ ක්‍රමයක් උපයෝගී කොටගෙන භාෂාව නියෝජනය කිරිමයි. වාචික හෝ අභිනය බස දරුවන් විසින් ඉවෙන් මෙන් ඉගෙනගන්නා හෝ මවන අතර ලිඛිත භාෂාව නව නිමැවුමක් නිසා එය දරුවන්ට ඉගැන්විය යුතුය.
ලිඛිත භාෂාවක් පවතිනුයේ නිශ්චිත ලිඛිත හෝ අභිනය භාෂාවකට ඌණ පුරකයක් වශයෙන් පමණි. කිසිම ස්වභාවික භාෂාවක් හුදෙක් ලිඛිත නොවේ. නමුත් මළ භාෂාවත් ඒවා ලිඛිත ස්වභාවයෙන් පමණක් ඉතිරිව පවතින විට හුදෙක් ලිඛිත විය හැකිය.
ලිඛිත භාෂා විකාශනය වන්නේ ඊට අනුරූප වාචික භාෂාවන්ට වඩා අඩු වේගයකිනි. භාෂාවක ලේඛන එකක හෝ වැඩි ගණනක භාෂාවෙහි, වාචික භාෂාවට වඩා දැඩි විෂමතාවක් පවතී නම් ඉන් ඇතිවන තත්ත්වය ‘‘ද්විවහර’ නමින් හැඳින්වේ. කෙසේ වුව ද එවැනි දිව්වහරක්, විශේෂයෙන් ලිඛිත ක්‍රමය එහි උච්ජාරණය පිළිබිඹු කරන්නේ නම්, සාහිත්‍යමය භාෂාවේ සහ අනෙකුත් ලේඛනයන් අතර ඇතිවන්නක් ලෙස බොහෝවිට සැලකේ.
දේශිය පාඨකයන් සහ ඉංග්‍රීසි ලේඛකයින්, ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසයේ සංකිර්ණතාවයන් හේතුකොටගෙන, ලිඛිත ඉංග‍්‍රිසිය තරමක් කෘතිම නිර්මාණයක් බවට පත් කරන බව බොහෝවිට දැන නොසිටිති. කෘතිම නිර්මාණයක් බවට පත් කරන බව බොහෝවිට දැන නොසිටිති. ඉංග්‍රීසියේ අක්ෂර වින්‍යාසය, අඩු වශයෙන් උරුම කරගත් වචනවල, කිසිවකුගේ කථාකරන භාෂාව නොවන පශ්චාත් මධ්‍යතන ඉංග්‍රීසි ශබ්ද විද්‍යාවක් සුරකියි. වඩා පැරණි ලිඛිත භාෂා ස්වරූපය කෘතිමව ආරක්ෂා කර ගැනීම හේතු කොට ගෙන ‘චෝසර්’ ගේ භාෂිතය අපට තේරුම්ගත නොහැකි වුවත්, අප අද ලියන බොහෝ දේ ඔහුට අවබෝධනීය විය හැකිය. ලිඛිත හා වාචික ඉංග්‍රීසි භාෂාව දිව්වහරේ මට්ටමට ළගා වී ඇතැයි අඩු වශයෙන් තර්ක කළ හැකි බව ටෝම් මැක් ආතර් යෝජනා කරයි.
සටහන්
[සංස්කරණය]| Written Language |}