ලැස්වෙල්ගේ සන්නිවේදන ආකෘතිය

විකිපීඩියා වෙතින්

දේශපාලන විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙක් වන හැරල්ඩ්.ඩී. ලැස්වේල් විසින් 1948 දී ඉදිරිපත්ස කළ න්නිවේදනය පිලිබඳ අර්ථකථනය

" කිසියම් කෙනෙක්, යම් කිසිවක්, කිසියම් නාලියකින්, යම් කෙනෙකුට, යම් බලපෑමක් සඳහා ඉදිරිපත් කරන දෙය සන්නිවේදනයයි." මෙම අර්ථකනයට අනුව සන්නිවේදනයේ මූලික අංග 5ක් හඳුනාගත හැක.

යම් කිසිවෙක් - සන්නිවේදකයා

යම් කිසිවක් - සංදේශය

කිසියම් නාලියකින් - මාධ්‍ය

යම් කෙනෙකුට - ග්‍රාහකයා

යම් බලපෑමක් - බලපෑම

  • මෙය රේකීය ආකෘතියක් වේ.
  • ප්‍රතිපෝෂන හා බාධක සම්බන්ධයෙන් මෙයින් අදහස් නොකෙරේ.
  • සන්නිවේදන ක්‍රියාවලියේ ඇති බලපෑම සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් මෙමගින් යොමු කෙරේ.
  • විශේෂයෙන් මහජන මතය දැන ගැනීම සදහා මෙම ආකෘතිය භාවිත කරයි.