ලාහුගල මගුල් මහා විහාරය

විකිපීඩියා වෙතින්

ලාහුගල මගුල් මහා විහාරය හෙවත් රුහුණු මහා විහාරය නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පන්සල්ගොඩ ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටා ඇත. මෙම ස්ථානය පුරාණ පරිපාලන බෙදීමට අනුව අයත් වනුයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පානම පත්තුවටයි. මොණරාගල පොතුවිල් ඒ4 මාර්ගයේ ගමන් කළ විට හමුවන සියඹලාණ්ඩුව හන්දියේ සිට කිලෝ මීටර් 18 ක් පමණ ගමන් කළ විට හමුවන පන්සල්ගොඩ හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර භාගයක් පමණ ගිය විට මෙම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සිද්ධස්ථානයට ළඟාවිය හැකිය.

ඓතිහාසික තොරතුරු[සංස්කරණය]

මඟුල් මහා විහාරයේ ඉතිහාසය පිළිබඳ කරුණු විමසා බැලීමේදී මහාවංශය හා පූජාවලිය යන සාහිත්‍යමය මූලාශ්‍ර මඟින් ද පූජා භූමියෙහි තිබී හමුවී ඇති 14 වන සියවසට අයත් යැයි සැලකෙන පුවරු ලිපි දෙකක් ද ඇතුලු අවශේෂ පුරාවිද්‍යාත්මක නටබුන් මගින්ද ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිය. විශේෂයෙන් ඉහත දක්වන ලද මූලාශ්‍ර අතුරින් පුවරු ලිපි දෙකේ සඳහන් තොරතුරු මෙම විහාරය හැඳින්වීම සඳහා අතීතයේ භාවිතා කරන ලද නාමය පිළිබඳ විමසා බැලීමේදී ඉතා වැදගත් වේ. එම පුවරු ලිපි පිහිටුවීමේ මූලික අරමුණ වී ඇත්තේ එවකට නටබුන් අතර දමා තිබු පැරණි රූණු මහා වෙහෙර හෙවත් රුහුණු මහා විහාරය, පැරකුම්බා හෙවත් පරාක්‍රමබාහු යන නම දැරූ දෙබා රජවරුන්ගේ අගමෙහෙසිය වූ විහාර මහා දේවිය විසින් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන ලද බවත් එහි නඩත්තුව සඳහා ඊට ඉඩ කඩම් පූජා කළ බවත්ය. ඒ අනුව දාහතරවන සියවසේදී පමණ මෙම විහාරය රුහුණු මහා විහාරය යන නමින් හඳුන්වා ඇති බව පැහැදිලි කරුණකි. එහෙත් එම පුවරු ලිපි හෝ පූජා භූමියේ තිබී දැනට හමුවේ ඇති වෙනත් කිසිදු ශිලා ලිපියක හෝ මගුල් මහා විහාරය නැමති වර්තමානයේ දී එම විහාරය හැඳින්වීමට භාවිතා කරන නාමය සඳහන්ව නොමැත. එමෙන්ම වෙනත් කිසිදු පැරණි සාහිත්‍යමය මූලාශ්‍රය හෝ එම නාමය සඳහන් වී ඇති බවක් දකින්නට නොලැබේ.

මෙම විහාරයේ ඉතිහාසය පිළිබඳ තවදුරටත් කරුණු විමසා බැලීමේදී උක්ත පුවරු ලිපි දෙක අතුරින් මෙහි මතු දැක්වෙන පුවරු ලිපි අංක 1 යටතේ නම් කර ඇති ශිලා ලිපිය මගින් ඉතා වැදගත් කරුණක් අනාවරණය බව පෙනේ. එනම් එම ලිපියේ සඳහන් සිරිලක් හි රජ කළ දාසෙන් කැලි රජදරුවන්දැ කරවූ එම රූණු මහ වෙහෙර යන පාඨය මගින් ධාතුසේන රජු (ක්‍රි.ව. 516-526) විසින් මෙම විහාරය ප්‍රතමයෙන්ම ඉදිකරන ලද බවට අදහසක් ලබා දීමයි. එහෙත් මෙම විහාරයේ ආරම්භය පිළිබඳව මහාවංශය හා පූජාවලිය යන සාහිත්‍යමය මූලාශ්‍රවල සඳහන් ව ඇත්තේ වෙනත් කරුණකි. ධාතුසේන රජතුමා පිළිබද මහාවංශ විස්තරයේ එතුමා විසින් කරවන ලද අටළොස් විහාර අතුරෙන් රුහුණෙහි කල විහාරය දෑගම සල්වාන් වෙහෙර ලෙස දැක්වුවත් එමගින් රුහුණු මහා විහාරය පිළිබඳ පිළිබඳව අදහසක් ගම්‍ය නොවේ.

නමුත් මහාවංශයත්, පූජාවලියත් යන ග්‍රන්ථ දෙක ට අනුව රුහුණේ පාලකයකුවූ ක්‍රි.ව. 661 දී පමණ කෙටි කාලයකට අනුරාධපුර රජ වී සිටි පලවන දප්පුල රජු විසින් රුහුණු වෙහෙර නම් ආරාමයක් පිහිටවන ලද බවක් දක්නට ලැබේ. මහාවංශයට අනුව පාන දිවයින් වාසී මහ තෙරුන්ගෙන් බණ අසා පැහැදීමට ලක් වූ පලවන දප්පුල රජතුමා විසින් උන්වහන්සේට බුහුමන් පිණිස රුහුණු වෙහෙර කරවා දී ඇති අතර, එම තෙරුන් වහන්සේ විසින් සිව් දිගින් පැමිණෙන සංඝයාගේ ප්‍රයෝජනය පිණිස යළි එම විහාරය කැප කර ඇත. පූජාවලියෙහි මහාවංශයේ දැක්වෙන පරිදි ප්‍රධානය ලද භික්ෂූන් වහන්සේ පිළිබඳවත් සඳහන් නොවෙතත් පලවන දප්පුල රජතුමා විසින් කරවන ලද එකුන් විස්සක් (19) වූ විහාරස්ථානයන්ගෙන් රුහුණු වෙහෙර එක් විහාරයක් ලෙස නම්කර ඇත.

පුරාවිද්‍යාත්මක නටබුන්[සංස්කරණය]

පොකුණු[සංස්කරණය]

ප්‍රාකාරය[සංස්කරණය]

පොහොය සීමා මාලකය[සංස්කරණය]

ස්තූපය[සංස්කරණය]

බෝධිඝරය[සංස්කරණය]

ධාතු ගෘහය නොහොත් දම්සභා මණ්ඩපය[සංස්කරණය]

දාන ශාලාව[සංස්කරණය]

ශිලා ලිපි[සංස්කරණය]

නූතන තොරතුරු[සංස්කරණය]