ලාඕස්

විකිපීඩියා වෙතින්
tiny globe
             ජාතික කොඩිය
ආදර්ශ පාඨය ""සාමය, ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, සමගිය,සෞභාග්‍යය""
ජාතික ගීය Pheng Xat Lao
             සිතියම
ගොනුව:250px-Location Laos ASEAN.svg.png
අගනුවර සහ විශාලම නගරය වියන්ටිආනෙ
රාජ්‍ය භාෂාව ලාඕ භාෂාව
රාජ්‍ය සමාජවාදියා සමූහාණ්ඩුව, කොමියුනිස්ට්වාදි ඒක-පාර්ශව රජය
ජනාධිපති චොව්ම්මැලි සයසොනෙ
අගමැති තොන්ග්සින්ග් තැම්මවොන්ග්
නිදහස ප්‍රංශයේ සිට 19 ජූලි 1949
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 236,800
වර්ග සැතපුම් 91,428.991
ජලය (%) 2
            ජනගහනය
2009 තක්සේරුව 6.8 මිලියන
ඝනත්වය වර්ග කිලෝමීටර 26.7
වර්ග සැතපුම් 69.1
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් 14.447 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 2,266
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2010 තක්සේරුව
එකතුව ඩොලර් 7.412 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 1,126.1
ගිනි දර්ශකය(2008) 34.6 (මධ්‍යම)
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.619 (මධ්‍යම)
මුදල් කිප් (LAK)
අන්තර්ජාල "' .la
දුරකථන සංකේත 856

ලාඕස් රාජ්‍යයේ නිල නාමය 'ලාඕස් ජනතා ප්‍රජාතාන්ත්‍රවාදී ජනරජය ' වේ. මෙය අග්නිදිග ආසියාවේ අවශේෂ රටවලින් වට වී පිහිටි රටක් වෙයි. මෙහි මායිම් වනුයේ වයඹ දිගින් බුරුමය සහ මහජන චීන සමූහාණ්ඩුවද නැගෙනහිරින් වියට්නාමය ද, දකුණු දිගින් කාම්බෝජය ද සහ බටහිරින් තායිලන්තය ද වශයෙනි. ලාඕස්හි ඉතිහාසය, 14 වන සියවසේ සිට 18 වන සියවස දක්වා දිවයයි.එනම් එරට අතීතය 'දශ ලක්ෂ සංඛ්‍යාත හස්තීන්ගේ භූමිය' යනුවෙන් ද හඳුන්වනු ලැබු 'ලැන් ක්ෂැං' රාජධානිය දක්වා ඈතට විහිද යයි.


ප්‍රංශයේ ආරක්ෂිත රාජ්‍යයක්ව පැවති කාලපරිච්චේදයෙන් අනතුරුව 1949 වර්ෂයේ දී ලාඕසය ස්වාධීනත්වය ලැබීය. 1975 වසරේ දී 'පැ‍තේ ලාඕ කොම්යුනිස්ට් ව්‍යාපාරය' බලයට පත්වීමත් සමඟ දීර්ඝ කාලයක් පුරා පැවති සිවිල් යුද්ධය නිල වශයෙන් සමාප්ත විය. එනමුදු පාර්ශවයන් අතර අරගල වසර ගණනාවක් යනතුරුම අඛණ්ඩව පැවතිණි. 2006 වර්ෂයේ දත්තයන්ට අනුව ජනගහනයෙන් සියයට හතලිස් හතරක ප්‍රතිශතයක් දිවි ගෙවනුයේ දෛනික ජාත්‍යන්තර අවම ආදායම් මට්ටම වන ඇමෙරිකන් ඩොලර් 1.25 කට වඩා අඩු ආදායමක් ලබමිනි. මධ්‍යම ඔත්තු සේවයේ ලෝක ‍තොරතුරු වාර්තා පොතෙහි මෙම ජනගහන ප්‍රතිශතය දක්වා ඇත්තේ සියයට 26% ක් ලෙසය.

"https://si.wikipedia.org/w/index.php?title=ලාඕස්&oldid=471644" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි