ලලිත් ජයසිංහ

විකිපීඩියා වෙතින්

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ PWV, WWV, RWP, RSP, SF යුධ හමුදා විශේෂ බලකා 3 වන රෙජිමේන්තුවේ නිලධාරියෙකි ඔහු ශ්‍රී ලංකා යුද හමුදාව මගින් දෙවරක් "වීර වික්‍රම විභුෂනය" (WWV) සම්මානයෙන් පිදුම් ලැබු රනවිරැවාය, 2008 නොවැම්බර් 26 ඔහු මියයනවිට කිලෝ මීටර් තිහක් තම Eighth Man Team සමග කොටි අධි ආරක්ෂක කලාපයේ සැඟව ඉතා රහසිගත මෙහෙයුමක නිරතව සිටි වීර රනවිරැවෙකි...

ඔහු උපත ලබන්නේ වර්ෂ 1974 අප්‍රේල් 29 වනදා අවිස්සාවේල්ල උක්වත්ත යන ප්‍රදේශයේය. ලලිත් ජයසිංහ රනවිරැවා ශ්‍රී ලංකා යුධ හමුදාවේ දෙවන ලුතිනන් වරයෙකු ලෙස නිත්‍ය සේවය සඳහා බැඳෙන්නෙ 1997 ජනවාරි 22 වන දිනයි. බංග්ලාදේශයේ යුධ හමුදා ඇකඩමියේ විශේෂ පුහුනුවකින් (Course 3 training) පසු ඔහු දෙවන ලුතිනන්වරයෙකු ලෙස ප්‍රථමයෙන් බැඳෙන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 6 වන ගැමුනු රෙජිමේන්තුවටය.ඊට පසු ඔහු විශේෂ බලකා රෙජිමේන්තුවට අනුයුක්තව ඉතා අසීරැ විශේෂ පුහුනු සියල්ල හදාරා (Special Forces Training Course–24) අතිවිශිෂ්ඨ ලෙස ඒ පුහුනු සියල්ල නිම කරන ලදී. පසුව ඔහු විශේෂ බලකා 3 වන රෙජිමේන්තුවට අනුයුක්ත විය.ශ්‍රීලංකා යුධ හමුදාවේ පුහුනු පාසල්වල වන දියතලාව මාදුරැ ඔය, මින්නේරිය, ඌව කුඩාඔය ගනේමුල්ල අමතරව ඔහු විශේෂ ක්‍රියාන්විත පුහුනුවීම් සඳහා විදේශ රටවල් ගනනාවක විශේෂපුහුනුවක් ලැබු වීර සෙනෙවියෙක් විය, අමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, බංග්ලාදේශය මේ රටවල් අතරවිය,මේ අතරතුර කාලයේදි ඔහු යුධ හමුදා කැප්ටන් නිලයටත් දසවසරක් ගතවෙද්දි මේජර් නිලයටත් උසස්වීමද ලබාගත්තේය ,ක්‍රමානුකුලව ඔහු ප්ලැටුන් කමාන්ඩර්, කම්පැනි කමාන්ඩර්, සහ යුද හමුදාවේ අනදෙන උසස් නිලදාරියෙක් දක්වාම තම දක්ෂකම් මත මාවත හදාගත්තේය,මේ කාලය අතරතුර ඔහු තම මව්බිම වෙනුවෙන් ම ජීවිතයද නොතකා කල ඉතා අසීරැ අතිශය භයානක මෙහෙවුම් ගනනාවක් තම සගයන් සමගද, ඔවුන් නොමැතිවද විශාල වගකීමකින් සාර්තකව නිම කර ත්‍රස්තුවාදීන්ට ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවු මහසෝන් ප්‍රහාර එල්ලකොට සතුරාට දැඩි හානි කල වීර වික්‍රමයන්ට ඔහුව යුද හමුදාවක් මගින් ප්‍රධානය කරන දෙවන නිර්භීතම ගෙෳරව පදක්කම වන "වීර වික්‍රම විශුෂන" පදක්කම (WWV) දෙවරක් ලබාගත් එකම නිලධාරියාද විය.ඊට අමතරව ඔහු කල අති භායානක රහස්‍යය මෙහෙයවුම් නිසා ඔහුට "රනවික්‍රම" පදක්කම, "රන ශුර" පදක්කම "දේශ පුත්‍ර'' සම්මානය, උතුරැ/නැගෙනහිර මෙහෙයවුම් සඳහා වන සම්මානය,"පුර්න භුමි" පදක්කම, සහ ශ්‍රී ලංකා යුද හමුදාවෙ පනස්වන සංවත්සරයෙහි පදක්කම් වැනි බොහෝ සම්මාන වලින් පිදුම් ලැබු නිර්භීත වීර සෙනෙවියෙක් විය.

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ යුධ හමුදාවේ විශේෂ ඛණ්ඩයක් වන දිගු දුර විහිදුම් බලකායේ (LRRP) අතිදක්ෂ මෙහෙයවුම්වල විශේෂඥයෙක් විය, සතුරා සිටින ස්ථානවලට ඉතා රහසේ ඇතුලුවී දින සති මාස ගනන් නින්දක් නොමැතිව, කුසට අහරක් හරියට නොමැතිව ඝන වනාන්තරයේ සුතුරා සිටින සීමාවෙ රාජකාරි කිරීමෙන් අතිශය වැදගත් මරමස්ථාන විනාශ කිරීම, සතුරා මෙන් වෙස්වලාගෙන ඔත්තු බැලීම, පැති බෝම්බ, බිම් බෝම්බ ප්‍රහාරවලින් සතුරා අන්ද මන්ද කර ඉහලපෙලේ කොටි නායකයින් විනාශ කිරීම,ඒ මගින් විශාල පීඩනයක් ත්‍රාසයක් සතුරාට ඇතිකිරීම මෙම රාජකාරි අතර ප්‍රධාන රාජකාරි විය, එය ඉතා භයානක මෙන්ම අසුවුවහොත් මරනයද නියතම විය, මේ අතිශය භයානක මෙහෙයවුම් නිසා කර්නල් ලලිත් ජයසිංහ රනවිරැවාට සහ ඔහුගෙ කන්ඩායමට ඉතා අසීරැ ඉලක්ක ජයගත හැකිවිය ඒවා අතර,වෛත්‍යලිංගම් සෝනාලිංගම්, එලියස්, කර්නල් ෂංකර් යන ප්‍රධාන පෙලේ කොටි නායකයින්ද කොටි බුද්ධි අංශ ඉහල පෙලේ කොටි නායකයෙක් වන චාර්ල්ස් ( 2008 ජනවාරි මස ඝාතනය කරන ලදී ) සහ මුහුදු කොටි බලකායෙ දෙවන අනදෙන නිලධාරියා වන කන්ගායි අමරන්ද (2001 ජුනි මස) මේ අතර විය..කොටි නායක ප්‍රභාකරන් ඝාතනය සඳහාද මෙහෙයවුමක් ක්‍රියාත්මක කලද ඔහු ඉන් අනුනමයෙන් තම ජීවිතය බේරා ගන්න සමත්විය, මේ මහසෝන් ප්‍රහාරවලින් කොටි නායක ප්‍රභාකරන් ඇතුලු මුලු සංවිධානයම හෙල්ලු භීතියට පත්කල කර්නල් ලලත් ජයසිංහ නම් වීර සෙනෙවියා මෙවැනිම අතිශය රහසිගත ක්‍රියාන්විතයක් නිම කර තම බලසීමාවට පැමිනෙමින් සිටියදි ත්‍රස්තවාදීන්ගෙ බලාපොරොත්තු නොවු ප්‍රහාරයක් හමුවේ අප ශ්‍රීලංකා මව් බිම කම්පා කරවමින් 2008 නොවැම්බර් 26 වනදා ඔඩ්ඩුසුඩාන් කොටි බල ප්‍රදේශයකදී සදහටම තම ජීවිතය තමන් ඉපදුන මාතෳභුමිය වෙනුවෙන් පුජාකරන ලදී, 2008 ඔහු මියන විට ඔහුගේ දයාබර බිරිඳ වන කෙෳශල්‍යා රොඩ්රිගු මැතිනිය යන්තම් පස් මස් ගැබිනියක් වුවා පමනි, තම පියානන් නොදුටු සිඟිති දියනියකගේ දයාබර පියෙකු වු ඔහු මියයන විට තම වයස අවුරැදු තිස් හතර වන විය පසුකලා පමනි, ඔහු අප මව්බිමේ නිදහස වෙනුවෙන් ඔහුගේ ජීවිතය තම දරැපවුලද නොතකා කල බිහිසුනු කැපකිරීම ඇඟයීම වෙනුවෙන් 2012 වර්ෂයේ ශ්‍රී ලංකාවෙ නිදහස්දින සංවත්සර උත්සවයේදී එවකට ජනාදිපතිතුමා වු ගරැ මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ නම් ඒ උදාර නිර්භීත සොල්දාදුවාට , යුද සෙනෙවියාට කරන ගෙෳරවයක් ලෙස ඔහු "පරම වීර විභුෂනය" (PWV) නම් ඉහලම සම්මානයෙන් පිදුම් ලබන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ලලිත්_ජයසිංහ&oldid=470018" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි