ලයිට්වේව් 3D (මෘදුකාංගය )

විකිපීඩියා වෙතින්


ලයිට්වේව් 3D ලයිට්වේව් 3D 9.0 හි තිර ඡායාරූපයක් ( ආකෘතිය)

නිර්මාණය කරන ලද්දේ නිව්ටෙක් ආයතනය
අවසාන නිකුත් කිරීම 9.5/ 2008 පෙබරවාරි 20
OS ඇමීගා, වින්ඩෝස් , මැක් OS X
වර්ගය 3D පරිගණක ග්‍රැෆ්‍රික්ස්
බලපත්‍රය හිමිකාරිත්වය
වෙබ් අඩවිය www.Newtek.com

ලයිට්වේව් 3D යනු නිව්ටෙක් මගින් දියුණු කරන ලද උසස් ගණයේ පරිගණක ග්‍රැෆ්‍රික් වැඩසටහනකි. මෙහි නවතම නිකුත් කිරීම වින්ඩෝස් හා මැක් OS X මත ධාවනය වන අතර ඉන්ටෙල් මැක් මත ධාවනය වීමට තෝරා ගෙන ඇත. ලයිට්වේව්ගේ ජාල විදැහුම් පද්ධති, ස්ක්‍රීමර්නෙට් ද ඉනක්ස් වේදිකාවලට යවා ඇත.

දළ විශ්ලේෂණය[සංස්කරණය]

ලයිට්වේව් යනු එය තුළම නිෂ්පාදනය කර ඇති රේඩියෝසිටි (Radiosity) එන්ජිමක් සමග වූ කෝස්ටික්ස් සඳහා සහාය වීම පිණිස සංකීර්ණ ආලෝක ගණනය කිරීමේ ආකෘතියක් සහිත මුල්ම 3D පැකේජ අතරින් එකකි. ලයිට්වේව් තුළ ඇති බොහෙ‍ාමයක් අංග බහුපොට ආකාර වේ. එනම් එම සංරචකවලට සංකීර්ණ ගණනය කිරීම් සිදු කිරීමේදී එකම යන්ත්‍රය තුළ බහු පොසෙසර වෙන වෙනම යොදා ගත හැක. පරිගණක වැඩසටහන් ගත කරුවන්ට ලයිට්වේව්හි හැකියාවන් ඇතුළත් කර ඇති SDK භාවිතයෙන් මෙන්ම C භාෂාව මත පදනම් වූ L ස්ක්‍රිප්ට් නමින් හඳුන්වන විශේෂ භාෂාවක් භාවිතයෙන්ද වැඩිදියුණු කළ හැක. උප ඒකක ආකෘතීකරණය 3D පැකේජ මොඩෝට ඉතාමත් සමාන වේ. එම නිසා සමහරක් මිළදී ගැනීමේ ක්‍රමවලදී එම පැකේජ දෙක එකට බණ්ඩල ගත කර ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Lightwave