ලන්දේසි - පෘතුගීසි සටන්

විකිපීඩියා වෙතින්

ලන්දේසි - පෘතුගීසි සටන්


ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකාව සොයාගත් කාලයේ සිට ලෝකයේ විශාල ප්‍රදේශයක් කරා අයිබීරියන් ( ස්පාඤ්ඤය හා පෘතුගාලය සහිත අර්ධද්වීපය) අභියෝගයන් නිරතුරුව එල්ල විය. ස්පාඤ්ඤය හා පෘතුගාලය ලෝකයේ අනෙකුත් රටවල් යටත් කර ගැනීමෙහි යෙදී සිටියහ. පෘතුගීසිහු පෙරදිග ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ සහ දැනට ඉන්දුනීසියාව නමින් හැදින්වෙන පෙදෙස් වල විශාල ප්‍රදේශ යටත් කර ගත්හ. එම ප්‍රදේශ ඊස්ට් ඉන්ඩීස් ( East Indies) නැගෙනහිර ඉන්දීය දුපත් ලෙස හැදින්විනි.

1580 සිට 1640 දක්වා ස්පාඤ්ඤයේ හැබ්ස්බර්ග් රජවරු විසින් පෘතුගාලයේ පාලනය හිමිකර ගෙන සිටි අතර ඒ වන විට ස්පාඤ්ඤ‍ය විශාලතම යටත් විජිත හිමි අධිරාජ්‍යය බවට පත්විය. 1583 දි පෘතුගාලයේ 1වන පිලිප් වුද ස්පාඤ්ඤයේ II පිලිප් වුද , පිලිප් රජු ඔහුගේ ඒකාබද්ධ සයිබීරියන් හමුදාව පිටත් කර හරින ලද්දේ අසෝරස් වෙතින් ප්‍රංශ වෙළදුන් ඉවත් කිරීම පිණිසයි. ඔහු යුද සිරකරුවන් එල්ලා මරමින් කළ පුරාවෘත්තයට දායකත්ය සැපයීය. ‘ඇසෝරස්’ යනු පිලිප් රජුගේ පෘතුගාල පාලනයට එරෙහිව පැවති පෘතුගාලයේ අන්තිම ප්‍රදේශයයි.

අධිරාජ්‍යයන් දෙකක ප්‍රදේශ පාලනය කිරිමට සිදුවීමත් , ලන්දේසි , ඉංග්‍රීසි හා ප්‍රංශ ජාතීන් සමග තිබුණු තරගයක් හේතුවෙන් ලෝකය පුරා විසිරී තිබුණු පෘතුගීසීන්ට අයත් ප්‍රදේශ සමහරක ආරක්ෂාව කෙරේ සැලකිලිමත්වීමට හැබ්ස්බර්ග් රජවරුන ට නොහැකි විය. මෙම කාලය තුල තමන් අල්ලා ගෙන සිටි ප්‍රදේශ බොහොමයක් අනෙකුත් තරගකාරී යටත් විජිතවාදීන් සදහා අතහැරීමට පෘතුගාලයට සිදුවිය.

ඇමරිකාවේදී ටොර්ඩ්ස්ලාස් ගිවිසුමෙන් නියම කරන ලද අක්ෂාංශ සීමාව ඉක්මවමින් මැන්හැට්න් වලින් ඔබ්බට පෘතුගීසි ව්‍යාප්තිය නොකඩවා සිදුවිය. පාතුගීසීහු ප්‍රංශවරු ඉක්විනෝක්ෂල් වලින් පලවා හරින ලදහ. යුද්ධ චාරිකාවක සංවිධානය කොට 1615 දී ඉක්නෝසියල් වල ප්‍රංශ යටත් විජිතවාදීන් හා සටන් කර ඔවුන් පරාජය කර ( ඔවුන් එහි පැමිණ අවුරුදු හතරක් ගතවීමටත් පෙර) ඔවුන් පලවා හැරීමට සමත් වුහ. 1625 අප්‍රේල් 30 වැනි දින ෆැද්රික් ද ටොලෙංඩෝගේ මුලිකත්වයෙන් යුත් හමුදාවක් සැල්ව‍දොරේ ඩි බහියා නගරය ලන්දේසීන්ට නැවත අයිති කර දුන්නේය. මෙම බල සේනාව පෘතුගීසි නැව් 22කින්ද , ස්පාඤ්ඤ නැව් 34 කින් ද මිනිසුන් 12500 කින්ද සමන්විත විය. මෙයින් 3/4 ක් ස්පාඤ්ඤවරු වු අතර සෙසු පිරිස පෘතුගීසිහු වුහ.

කෙසේ වෙතත් 1627 දී කැස්ටිලියන් (ස්පාඤ්ඤ) ආර්ථිකය කඩා වැටුණි. ලන්දේසීහු අවුරුදු 12 ක යුධ විරාමය කාලය තුල ඔවුන්ගේ නාවික හමුදාවට ප්‍රමුඛත්වය දුන්හ. එසේ කොට ස්පාඤ්ඤ් මුහුදු වෙළදාම විනාශ කර දැමුහ. ස්පාඤ්ඤ ආර්ථිකය කඩා වැටීමෙන් පසු ස්පාඤ්ඤය රදා පැවතුනේ සම්පුර්ණයෙන්ම ඒ මුහුදු වෙළදාම මතයි. ජයග්‍රහණ කීපයකින් පසුව ස්පාඤ්ඤවරු ඔවුන්ගේ වෙළද නැව් ඉතාහොදින් සංවිධානය වු ලන්දේසී නාවික හමුදාවෙන් ආරක්ෂා කරගනිමින් , ඔවුන්ගේ බලපුළුවන්කාරකම් යුරෝපයේද - මුහුදේද විදහා දැක්වුහ. නෙදර්ලන්තය සහ එංගලන්තය වැනි ස්පාඤ්ඤයේ සතුරන් මුහුදින් එතෙර ස්පාඤ්ඤවරුන් සතු ධන සම්පත් කෙරේ ගිජු වුහ. බොහෝ අවස්ථාවලදී දුර්වල ආරක්ෂක තත්වයක තිබුණු පෘතුගීසි මුරපොලවල්වලට පහර දීම (ස්පාඤ්ඤ ඒවාට වඩා) පහසු බව ඔවුහු තේරුම් ගත්හ. ස්පාඤ්ඤවරු තමනට එල්ලවන නාවික තර්ජනයන්ට දිගු කලක් ඔරොත්තු දීමට අපොහොසත් වුහ. මෙපරිදි ලන්දේසි - පෘතුගීසි යුද්ධය ඇරඹුනි.

1638 සහ 1640 අතර කාලය තුල අගනුවර රිසයිෆ්හි තබාගෙන බ්‍රසීලයේ ඊසාන දිග පෙදෙසින් කොටසක් ලන්දේසීහු පාලනය කළහ. පෘතුගීසිහු 1649 දී ගුවාරරුපේස් හි දෙවැනි යුද්ධයෙන් සැලකිය යුතු ජයක් අත්පත් කරගත්හ. 1654 වන විට ඔවුන්ගේ පාලනය යටතේ තිබු සියලුම බ්‍රසීලයේ පෙදෙස් ලන්දේසීන් විසින් පෘතුගීසීන්ට පවරා දුන්හ. බ්‍රසීලයේ ලන්දේසි ජනපද 17 වෙනි සියවසේදී නැතිවු නමුත් ලන්දේසීන්ට ලංකාව , සුභ පැත්මේ තුඩුව සහ නැගෙනහිර ඉන්දිය දුපත් යටත් කර ගැනීමටද නාගසාකිහිදී ජපානය සමග වෙළද කටයුතු ආරම්භ කිරීමටද හැකිවිය. පෘතුගාලය සතු ආසියාවේ යටත් බිම් නැගෙනහිර ටිමෝරයේ මැකාවු හි කදවුරුවලටත් , පෘතුගිසි ඉන්දියාවටත් පමණක් සීමා විය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Dutch_Ceylon#Dutch-Portuguese_War