ලක්මිඩ් රාජධානිය

විකිපීඩියා වෙතින්

ලක්මිඩ් (lakmids), බානු ලක්ම් (Banu Lakhm),මුන්තෙරිඩ්ස් (Muntherids) දකුණු ඉරාකයේ ජීවත් වුණු ක්‍රිස්තියානි කණ්ඩායම් 3 කි.අල් -හීරා (al-ltirah) එහි එක නගරයකි.කවියා එය මිහිමත පාරාදීසයක් ලෙස විස්තර කරයි. ඔහු එහි ලස්සන හා වටපිටාව මෙලෙස විස්තර කරයි."අවුරුද්දක් ජීවත් වනවාට වඩා අල්-හීරාවල දවසක් ගත කිරීම සැපතකි." යුප්‍රටීස් ගංගාවේ වම් ඉවුරේ පිහිටි කුෆා වලට කිලෝමීටර් 3 ක් දකුණින් අල් - හීරාවල නටබුන් ඉතිරිව පවතී.


ඉතිහාසය[සංස්කරණය]

මෙම සිතුවමෙන් 15 වැනි ශතවර්ෂයේදී ලක්මිඩ් රාජධානියෙහි අගනගරය ඉදිකෙරෙන අයුරු පිළිඹිබු කරයි

ලක්මිඩ් රාජධානිය සොයා ගනු ලැබුවේ ලක්ම් ගෝත්‍රිකයන් විසිනි.ඔවුන් සංක්‍රමණය වුයේ යේමනයේ සිටය.ගෝත්‍ර නායක බානු ලක්ම් දෙවන සියවසයේ දී ලක්මිඩය පාලනය කළේය.මෙම රාජ වංශයේ ආරම්භකයා වුයේ ඉමෘ-අල්-කුයිස්ගේ පුත් Amr ය.(මෙහි සඳහන් ඉමෘ-අල්-කුයිස් 6 වැනි ශතවර්ශයේ විසූ කවියා නොවේ.) ඔහු ක්‍රිස්තියානුවෙක් නිසා මෙය ක්‍රිස්තියානි රාජධානියක් බවට පත්විණි.ඉමෘ-අල්-කුයිස් ගේ සිහිනය වුයේ එක්සත් නිදහස් අරාබි දේශයක් පිළිබඳවයි. ඔහු ඒ සිහිනය සැබෑ කර ගනු වස් අවට අරාබි රාජ්‍යයන් ඔහුගේ රාජ්‍යට ඈඳා ගන්න ලදී.ඉන් පසු ඔහු යුද්ධ හමුදවන් ඇති කොට තම රාජධානිය යුධමය අතින් ශක්තිමත් කළේය.බහරේනි (Bahareini) වෙරළ තීරයද ආරක්ෂා කරගනු වස් නාවික හමුද බළ ඇනියක්ද පිහිටුවන ලදී.මේ තත්ත්වයේ සිටිමින් ඔහු වෙරළ ආශ්‍රිත නගරවලට ප්‍රහාර එල්ල කරමින් ඊවා ප්‍රදේශය තම රාජධානියට ඈඳා ගත්තේය. ඔහු මෙලෙස සාසනිඩ් රජවරුන්ගේ උපන් බිම වූ ෆාර්ස් ප්‍රදේශයත්, ඉරානයේ පැරිසිය නගරයත් අත් පත් කර ගත්තේය.

පර්සියාවේ II වැනි ෂපූර් රජු මෙම අරාබි රාජධානිවලට එරෙහිව කැරැල්ලක් දියත් කළේය.60,000 ගෙන් පමණ යුත් ශක්තිමත් පර්සියානු හමුදාවක් තම රාජ්‍යය ආක්‍රමණයට සැරසෙන බව ඉමෘ-අල්-කුයිස් දැනගත් විට ඔහු රෝම අධිරාජ්‍යයේ සහාය පැතීය.රෝමයේ එවකට සිටි II වැනි කොන්ස්ටන්ටියුස් උදවු දීමට පොරොන්දු වුවද අවශ්‍යතම අවස්ථාවේ උදවු නොලැබීම නිසා අල්-හීරා නගරය හා ඒ අවට රාජ්‍යයවල පර්සියානුවෝ යුද්ධ ජය වාර්තා කළෝය.

සටහන්[සංස්කරණය]

Lakhmids
"https://si.wikipedia.org/w/index.php?title=ලක්මිඩ්_රාජධානිය&oldid=471460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි