ලංඩන් බෝම්බ ප්‍රහාරය ඓතිහාසික සංසන්දනයන්

විකිපීඩියා වෙතින්

1945 මාර්තු 27 වන දින V2 ප්‍රහාරයෙන් පුද්ගලයින් 131 ඝාතනය වීම ලංඩන් ඉතිහාසය තුළ එල්ලවන ලද දරුණුතම බෝම්බ ප්‍රහාරය ලෙස හදුන්වයි. 1952 මහ ධුමිකාව පුද්ගලයන් 4000ක් මිය යෑම වන තෙක් 11 ලෝක යුද්ධයෙන් පසුව ඇතිවු භයානකම අනතුර මෙයයි. ලොකර්බි වලට ඉහළින් ස්කොට්ලන්ඩ් හි Pan AmFlight 103 බෝම්බ පිපිරිමෙන් පුද්ගලයන් 270ක් මිය යෑම බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවු දෙවන භයානකම අනතුරයි. මෑත ඉතිහාසයේ තුළ සිදුවු ත්‍රස්ත බෝම්බ අනතුරැ අතරට 1998 ඕමග් (Omagh) බෝම්බ පිපිරිම (29 මිය යන ලදී) 1974 බර්මිහැම් අවහන්හල් බෝම්බය (21 මිය යන ලදි) ඇතුලත් වේ. 2005 ඇති වු ප්‍රහාර ලංඩන්ඉතිහාසය තුළ මුස්ලිම් මුලධර්මවාදීන් විසින් සම්බන්ධීකරණයකළ ප්‍රථම මරාගෙනමැරෙන බෝම්බ ප්‍රහාරය ලෙස හැදින්වේ. 39 දෙනෙකු මිය ගිය දුම්රිය බෝම්බ ප්‍රහාර තුන ලංඩන් සාමකාමි ඉතිහාසය තුළ ඇතිවු භයානකම අනතුරක් ලෙස හැදින්වේ. එය 1987 නොවැම්බර් මස ඇතිවු ක්ග්ස් ක්‍රොස් ගින්නට වඩා මරණ සංඛ්‍යාවක් (මරණ 31) ඇති කරන ලදී. එහෙත් මූර්ගේට් උමං මාර්ග අනතුර සිදුවු 1945 පෙබරවාරි‍හිදි (මරණ 43) වඩා අඩු පිරිසක් මෙම අනතුරින් මරණයට පත් විය. 1940 ඔක්තෝම්බර් 14 වන දා බැල්හැම් දුම්රිය පොළ අනතුරින් 05 දෙනෙකු මරණයට පත් විය. එමෙන්ම 1941 ජනවාරි 11 වන දින ˝ බෑන්ක් ස්ටේෂන්හි˝ ඇතිවු යුධ කාලීන බෝම්බ පිපිරිමෙන් 56 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය 1943 මාර්තු 3 බෙන්නල් ග්‍රීන් දුම්රිය පොලේ දී ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 173 ගේ ජිවිත අහිමි විය.


ලංඩන් උමං දුම්රිය බෝම්බ ප්‍රහාර ලංඩන් උමං දුම්රිය බෝම්බ කරුවන්ගේ ඉලක්කයක් බවට ඊට ප්‍රථමදී පත්වී තිබුණි. 1885 ජනවාරි හිදී ˝ මෙට්‍රොපොලිටන් ලයින්˝ දුම්රියේ දී පිපිරි ගිය බෝම්බයෙන් හානි සිදු වු අතර ( දැන් ˝ඉයුස්ටන් චතුරස්‍රය˝ නම් වේ.) 1913 දී වේස්ටන්බර්න් පාක් දුම්රිය පොලේදී බෝම්බයක් සොයා ගන්නා ලදී. එය සත්‍යවශයෙන්ම කාන්තා ජන්ද අයිතීන් වෙනුවෙන් කැපවු වැඩක් බවට විශ්වාස කරයි. අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාව විසින් වළදැමු බෝම්බ ටොටන්හැම් කෝට් වීදීයේ හා ලෙයිසෙස්ටර් චතුරස්‍රයේ දී 1939 පෙබරවාරි 03 වැනිදා පුපුරැවා හරින ලදී. 1973 අගොස්තු හා දෙසැම්බර් හිදි අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාව විසින් උමං මාර්ග වල පුපුරණ ද්‍රව්‍යය කිහිපයක් තබා ගිය අතර එවැනිම සිදුවීමක් 1976 පෙබරවාරි හා මාර්තුවේදී සිදු විය. 1976 මාර්තු 04 වනදා කැනන් මාවතේ දී පුද්ගලයන් අට දෙනෙකු බෝම්බ පිපිරුමකින් අනතුරට පත් විය.



ඊට දින 11කට පසුව ˝වෙස්ට් හැම් ˝ උමං දුම්රිය පොළේදී එතරම් දරැණු නොවන බෝම්බ පිපිරිමක් හේතුවෙන් පුද්ගලයන් 09 දෙනෙකුට තුවාල සිදු විය. එම සිදුවීමෙන් තත්පර කිහිපයකට පසුව එම දුම්රියේ රියදුරා විසින් එක් සැකකාර බොම්බකරුවෙකු හඹා යාමේ දී වෙඩි තබා ඝාතනය කරන ලදී. එදිනම ඔක්ස්ෆර්ඩ් වටරවුම් දුම්රිය පොලේදී තවත් බෝම්බයක් සොයා ගන්නා ලද අතර එය නිෂ්ක්‍රීය කරන ලදී.මාර්තු 18 වනදා තවත් බෝම්බ ˝වුඩ් ග්‍රින් ˝ දුම්රිය පොලේ හිස් දුම්රියක් තුළ පුපුරා යන ලදී.

2005 බෝම්බ ප්‍රහාරය තනි ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් නැඩිම පිපිරවීම් ප්‍රමාණයක් කළ දෙවන අවස්ථාව ලෙස සළකයි. පළමු අවස්ථාව 1972 ජුලි මාසයේදී බෙල්ෆාස්ටි හිදි සිදු වු සිදු වීමයි. එහිදී බෝම්බ 22ක් වළ දමා තිබුණි. ලැඩ්රිඩ් දුම්රිය අනතුර වු 2004 මාර්තු 11 (191 මිය යන ලදී.) පෙර වාර්තා වු දරුණුතම ප්‍රහාරය වන්නේ පොදු ප්‍රවාහන පද්ධතියකට එල්ල වු ප්‍රහාරයකි. එහෙත් 1995 මාර්තු ටෝකියෝ උමං මාර්ගයේ සාරින් විෂ ප්‍රහාරයෙන් මීට වඩා පිරිසක් තුවාල ලබන ලදී.

මෑත කාලීනව ලංඩන් බස් රථ බෝම්බ පිපිරිමක් සිදුවු තවත් අවස්තාවක් ලෙස 1996 පෙබරවාරි 18 වන දනි ඇල්ඩ්විච් ට ආසන්නයේ වෙලිංටන් මාර්ගයේ දී සිදුවීමයි. IRA සාමාජිකයෙකු බෝම්බයක් ප්‍රවාහනය කරමින් සිටින විට අනපේක්ෂිත අයුරින් බෝම්බය පිපිරි යන ලදී. එය වෙනත් ස්ථානයක පිපිරිම පිණිස රැගෙන යමින් තිබුවක් බවත් එම සිථානයේදී සිදුවුයේ මාරගෙන මැරෙන ප්‍රහාරයක් නොවන බවත් සදහන් වේ.

2005 ප්‍රහාරය 1999 අප්‍රේල් 30 වන දින සමලිංගිකයන්ට එරෙහිව ˝ඇඩ්මිරල් ඩන්කන් පබ්˝ හි නව නාසි සාමාජිකයෙකු වන ඩේවිඩ් කෝප්ලන්ඩ් විසින් එල්ලකරන ලද අතර ඉන් පුද්ගලයන් තිදෙනෙක් මිය ගියහ. බටහිර යුරෝපය තුල ඕනෑම ස්ථානයක ඇතිවු පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය මෙයයි.

1995 දී පොදු ප්‍රවාහන සේවය ඉලක්ක කර ගනිමින් මහජන ප්‍රංශයේදී GIA ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම විසින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ලකරන ලදී. මෙම ප්‍රහාර වලින් 8ක් මිය ගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබන ලදී. මෙම ප්‍රහාරය පැරණි ප්‍රංශ කොළොනියක් වු ඇල්ජිරියා යුද්ධයට සහයෝගයක් ලෙසින්ය