ලංකා ඉතිහාසය-බෙදුම්වාදයේ නැගීම

විකිපීඩියා වෙතින්

පළමුවෙන්ම ෆෙඩරල් පක්ෂය තුළින් දෙමළ දේශපාලනඥයෝ ෆෙඩරල් ක්‍රමයක් කරා තල්ලූ වූහ. බොහෝ සිංහලයින්ට මෙය සැකයට හා විරෝධයට කාරණයක් විය. 1960 වර්ෂවල සිරිමාවෝ බණ්ඩාරනායක රජය මිෂනාරී පාසැල් බොහොමයක් රජය සතු කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කළේ එම පාසැල්වල පැවති ආගමික ස්වරූපය ඉවත් කිරීමේ සහ ඉගැන්වීමේ භාෂාව වූ ඉංග්‍රීසිය, සිංහල හා දෙමළ බසටද හැරවීමේ අදහසිනි. මින් පසු සිංහල හා දෙමළ සිසුන් එකට එක්ව පාසැල්වලට පැමිණීම විරළ කරුණක් විය. ඉංග්‍රීසි දැනුම ලබා ගැනීමේ වාසිය අහිමිවීම නිසා දෙමළ තරුණයන්ට ඔවුන් මහත් ආශාවක් දැක් වූ රජයේ පරිපාලන සේවයට ඇතුළත් වීමේ අවස්ථා අහිමි වූ අතර විරැකියාව ඉහළ ගියේය.

1970 දී රටේ එතෙක් භාවිතා වූ සිලෝන් යන්න ශ්‍රී ලංකාව ලෙසට වෙනස් විය. මෙය සිංහල නාමයක් වූ අතර දෙමළ ජනතාව එයට එරෙහි වූහ.

1976 දී බෙදුණු ජාතියක් පිළිබඳ සංකල්පය ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) විසින් ඉදිරිපත් කරන ලදී. එම පක්ෂය 1977 දී පැවැත්වූ මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ස්වාධීන රාජ්‍යයක් ලබා ගැනීමේ අරමුණින් ඡන්ද ව්‍යාපාරයෙහි යෙදුණු පක්ෂ කිහිපයක් සන්ධානගත වීමෙන් සෑදුනකි. ඔවුහු දෙමළ ප්‍රදේශවල වැඩි ආසන ගණනක් හිමි කරගත් නමුත් වෙනම රාජ්‍යයක් ඉල්ලීම හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කරන ලදී.

1981 යාපනය පුස්තකාලය විනාශ කිරීම

මැයි 31 සිට ජුනි 2 දක්වා රාත්‍රී කාලයේදී කලහකාරී පිරිස් යාපනයේ වෙළඳපොල ප්‍රදේශය ද, දෙමළ පුවත්පත් කාර්යාලය ද, යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවස ද, යාපනය මහජන පුස්තකාලය ද, ගිනි තැබූ අතර හතර දෙනෙකු ඝාතනය කළහ. යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය යාපනය දෙමළ ජනතාවට මහ විපතක් සේ දැණුනු කාරණයක් විය. පොත් කාණ්ඩ 95000 ක්ද අප්‍රමාණ සංස්කෘතික වටිනාකමින් යුත්, නැවත සොයා ගත නොහැකි, ලබා ගත නොහැකි අත් පිටපත් ද එම ගින්නෙන් විනාශ විය. මෙම කළහකාරී පිරිසේ නිල ඇඳුම් ලා ගත් පොලිස් නිලධාරීන් සිටි බවත්, ඉහත කී සිව්දෙනාගේ මරණ සම්බන්ධයෙන් ඔවුන්ද සම්බන්ධ බවත් සාක්ෂි මගින් වාර්තා විය.

http://en.wikipedia.org/wiki/Origins_of_the_Sri_Lankan_civil_war#Rise_of_separatism