ලංකා ඉතිහාසය-නායකයෝ

විකිපීඩියා වෙතින්

1848 දි දිවයින නිදහස් කර ගැනීම සඳහා ක්‍රියා මාර්ගයක් ආරම්භ විය. එයට නායකත්වය දුන්නේ ගොංගාලේගොඩ බණ්ඩා, පුරන් අප්පු, දිනෙස්, සහ ඩිංගි රාළ වැනි අයයි. මාතලේ ප්‍රදේශයේ ගම් ප්‍රධානීන් සහ ජනතාව ඊට සහය දැක්වූහ. මෙම පිරිස පහතරටට සම්බන්ධකමක් තිබුණු කම්කරුවෝ වූහ. එමෙන්ම ඔවුනට නායකත්වය දුන් උඩරට ජනතාවට වඩා පෘථුල දැක්මක් ඇති අය වූහ.

ගොංගාලේගොඩ බණ්ඩා

වංශපුරන දේවගේ සින්චියා ප්‍රනාන්දුගේ පුතා වූ ගොංගාලේගොඩ බණ්ඩා 1848 කැරැල්ලේ නායකයා විය. එමෙන්ම සිහසුනට උරුමකමක්ද ඔහුට තිබුණි. ඔහු පොලිසියේ සේවය කළේය. ඔහු උඩරට මාර්ගයේ ප්‍රවාහන කටයුතු හා සම්බන්ධව සිට උඩුනුවර ගොංගාලේගොඩ පදිංචි විය. එහිදි ඔහු උඩරට ජනතාව අතර ජනප්‍රිය විය. 1848 කැරැල්ල ආරම්භ වීමට ආසන්නයේ ඔහු දළදා මාළිගාව අසල සිටියේය. 1848 ජුලි 6 දින ගොංගාලේගොඩ බණ්ඩා නුවර කච්චේරිය ඉදිරිපිට අසාධාරණ බදු පැනවීම්වලට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් මෙහෙය වුයේය.

වීර පුරන් අප්පු

හැන්නදිගේ ෆ්‍රැන්සිස්කු ප්‍රනාන්දු නොහොත් වීර පුරන් අප්පු යනු ශ්‍රි ලංකා ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයන් අතරින් එක් අයෙකි. ඔහු 1812 වසරේ වෙරළ බඩ නගරයක් වූ මොරටුවේදි ජන්ම ලාභය ලැබීය. අවුරුදු 13 දි ඔහු මොරටුව අතහැර රත්නපුරයට ගොස් එහි සිටි පළමු සිංහල නිතිඥයෙකු වූ ඔහුගේ මාමා සමග නැවතුනේය. ඉන් පසු ඌවට ගොස් 1847 දි ඔහුට මුණ ගැසුණු බණ්ඩාර මැණිකේ නම් කාන්තාව සමග විවාහ වුයේය. ඇය නුවර ගුන්නෑපාන ආරච්චි නම් අයගේ දියණිය වුවාය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Matale_Rebellion#Leaders

"https://si.wikipedia.org/w/index.php?title=ලංකා_ඉතිහාසය-නායකයෝ&oldid=471896" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි