ලංකා ඉතිහාසය-දේශපාලන නිදහස
ඩොමීනියන් තත්වය, නිදහස් තත්වය දක්වා ඉහළ නැංගේය. ඒ සමගම 1948 පෙබරවාරි 4 දින බ්‍රිතාන්‍ය සමග ඇති කර ගත් හමුදා ගිවිසුම හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් හා නාවික හමුදා කඳවුරුවලට බලපෑමක් නොවීය. (හමුදාවල ඉහළ තනතුරු මුලදී දැරුවෝ බ්‍රිතාන්‍යයන් වූහ) 1949 දි 'සිලෝන් ටැමිල්ස්' නායකයින්ගේ ද සහයෝගය ලද සේනානායක අගමැති ලෙස පත් විය. එක්සත් ජාතික පක්ෂ රජය ඉන්දියන් වතු කම්කරුවන්ගේ ඡන්ද අයිතිය අහිමි කළේය. එය උඩරට සිංහලයින්ගේ සහයෝගය ලබා ගැනීමට සේනානායක විසින් ගෙවිය යුතු වන්දිය විය. උඩරට සිංහලයින් තේ වතුවල ජනගහනය තමන්ට තර්ජනයක් වෙතැයි බිය වූහ. ඉන්දියන් දෙමළ ජනතාව ඊට ඇතුළත් වීමෙන් උඩරට නායකයන් ඡන්දයෙන් පරාජය වෙතැයි උඩරට ජනතාව සිතූහ. 1952 දී සේනානායක අසු පිටින් ඇද වැටීමෙන් මිය ගියේය. ඔහුගෙන් පසු අගමැති හැටියට පත්වූයේ කෘෂිකර්ම ඇමතිවරයාව සිටි ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායකයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වීමේ පක්ෂ සංවිධානය කරන ලද මහා වැඩ වර්ජනයක් නොහොත් හර්තාලය හේතුවෙන් ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්වීය. ඔහුගෙන් පසු ප්‍රවීන දේශපාලනඥයෙකු වූද ඩඩ්ලිගේ මාමා කෙනෙකු වූද ජෝන් කොතලාවල අගමැති ලෙස පත් විය. ඔහුට පෞද්ගලික ගෞරවයක්, ක්‍රියාවෙහි නිපුණතාවයක් හෝ ඩී.ඇස්.සේනානායකට මෙන් විචක්ෂණභාවයක් නොතිබුණේය. ඔහු ඩී.ඇස් සේනානායක විසින් විචක්ෂණශීලීව පසෙක තැබුණු ජාතික භාෂා ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනාවේය. සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා තත්වයට පත්කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වීම නිසා ඔහු දෙමළ සහ සිංහල ජනතාවගේ අවමානයට බඳුන් විය. බණ්ඩාරනායකගේ උදව්කරුවන් වූ ක්‍රියාකාරී බෞද්ධ භික්ෂුන් වහන්සේලාට පහර දීමෙන් බෞද්ධ පෙරමුණද අමනාප කර ගත්තේය.
1956 දී මහජන එක්සත් පෙරමුණ සහ ඊට එක් වී සිටි බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය යනාදී පක්ෂ විසින් එක්සත් ජාතික පක්ෂය මැතිවරණයෙන් පරාජය කරනු ලැබීය.(ඔවුනට නව පාර්ලිමේන්තුවේ හිමි වූයේ ආසන 8 ක් පමණි) බණ්ඩාරනායක 1930 සිට සිංහල ජාතික පෙරමුණ නම් පක්ෂය පෝෂණය කරගෙන ආ දේශපාලනඥයෙකි. ඔහු ඉංග්‍රීසි වෙනුවට සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළේය. පී.ජී.පොන්නම්බලම් විසින් දියත් කරන ලද ජාතිවාදී දේශපාලනය සමග ගැටුණු එකම ප්‍රධාන සිංහල ප්‍රකාශකයා වූයේ බණ්ඩාරනායකයි. 1957 දී බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ශ්‍රී ලංකාවෙන් ඉවත් කරන ලදුව ශ්‍රී ලංකාවට නොබැඳුණු රටක් බවට පත් විය. පිලිප් ගුණවර්ධනගේ සංකල්පයක් වූ කුඹුරු ඉඩම් පනත සම්මත වීමෙන් අඳ ගොවීන්ට විශාල ලෙස අයිතිවාසිකම් ලැබුණේය.
දෙමළ ජනතාව මූලික කර ගත් පක්ෂයක් වූ තමිල් අරසු කච්චි පක්ෂය සමග බණ්ඩාරනායක ගිවිසුමක් අත්සන් කළේ දෙමළ ජනතාවට වැඩි අයිතිවාසිකම් දීමේ අරමුණෙනි. එහෙත් මෙයට පී.ජී.පොන්නම්බලම් සහ එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්.ජයවර්ධන විරුද්ධ විය. ජේ.ආර්.ජයවර්ධන ඊට එරෙහිව මහනුවරට පාගමනක් සංවිධානය කළේය. මෙය දෙමළ සුළු ජාතිය අතර එදිරිවාදිකම් අවුළුවන්නක් විය. මෙම වෛරය කැළඹිලි සහිත තත්වයක් කරා යොමු වූ අතර එය උච්චස්ථානයකට පත් වූයේ 1958 දී හර්තාලයක් ඇති වීමෙනි.
පිලිප් ගුණවර්ධන රජය තුළ සිටිමින් කොළඹ වරායේ වැඩ වර්ජන සංවිධානය කිරීම දිගටම කරගෙන ගියේය. පවතින රජයේ දක්ෂිණාංශ කොටස්වලින් නැගුණු විරෝධතාවයන් උච්චස්ථානයකට පත්වීම නිසා පිලිප් ගුණවර්ධන රජයෙන් ඉවත් කිරීමට සිදු විය. තවද එම දක්ෂිණාංශ කොටස් රජයට විරුද්ධව කුමන්ත්‍රණය කළහ. මැකාර්තිවාදය එක්සත් ජනපදය තුළ ව්‍යාප්ත වූයේ මේ කාලයේදීය ඉරානයේදී මොසාඩෙක් ඝාතනය කරනු ලැබීය. 1959 සැප්තැම්බරයේදී බණ්ඩාරනායක ඝාතනය කරන ලදී. ඔහුගෙන් පසුව හිටපු සම සමාජ පාක්ෂිකයෙකු වූ ගාල්ලේ විජයානන්ද දහනායක අගමැති ධූරයට පත් වූ නමුත් රජය පවත්වාගෙන යාමට ඔහු අපොහොසත් විය. 1960 මාර්තුවලදී පවත්වන ලද මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වී ඩඩ්ලි සේනානායක අගමැති පදවියට නැවත පත් විය. එහෙත් පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් ඇතිව නොවේ.
ජූලියේදී පවත්වන ලද නව මැතිවරණයෙන් බණ්ඩාරනායකගේ වැන්ඳඹු බිරිඳ වූ සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවා ලෝකයේ ප්‍රථම දේශපාලන නායිකාව බවට පත් වූවාය. ඇයගේ රජය තව දුරටත් දෙමළ ජාතිය සමග අර්බුද ඇතිකර ගැනීමෙන් වැළකී සිටියේය. එහෙත් එම රජයේ ජනසතු කිරිම් වැනි සමාජවාදී ප්‍රතිපත්ති හේතු කොට ගෙන එක්සත් ජනපදයේ ආධාර නැවතුණේය. ආර්ථික අර්බුද වැඩි විය. දක්ෂිණාංශික හා අබෞද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් එක්සත් ජාතික පක්ෂය බලයට පත් කිරීමේ අරමුණෙන් දියත් කළ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසු බණ්ඩාරනායක තෙල් කොම්පැණි ජනසතු කළේය. මේ නිසා තෙල් නිෂ්පාදන රටවල් විසින් ලංකාව කොන් කරන ලදී. එහෙත් කැන්සාස් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ උදව්වෙන් එය නවතා දැමුණේය. 1964 දී ඇය ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් වූ ලංකා සම සමාජ පක්ෂය සමග සභාග රජයක් පිහිටුවා ගත්තේ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මුදල් ඇමති ලෙස පත් කර ගනිමිණි.
ආර්ථික තත්වයේ අතෘප්තිකර තත්වය හේතු කොට ගෙන 1965 දී සේනානායක යටතේ එක්සත් ජාතික පක්ෂය නැවතත් බලයට පත් විය. එහෙත් වෙළඳ කටයුතු පහත වැටීම, ජනගහණය වැඩි වීම යනාදී සාධක, සමාජ සුභ සාධන කටයුතු සහ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් සැළසීම ආදී කරුණු කෙරෙහි බලපෑම නිසා එම රජයද අසාර්ථක විය. ලංකාවේ ප්‍රධාන අපනයන ද්‍රව්‍ය වූ රබර්, තේ සහ කෝපිවලින් ලැබෙන ආදායම පිටරටින් ආහාර ගෙන් වීමට සහ සුභ සාධන ආර්ථිකයක් පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් නොවීය. 1968 දී බණ්ඩාරනායක ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග සමගි පෙරමුණ නමින් සංධානගත වී 1970 දී සමාජවාදී පදනමක් දැමීමේ අපේක්ෂාවෙන් ජයග්‍රහණය කළහ.