ලංකාවේ ළමා ශ්‍රමිකයන්

විකිපීඩියා වෙතින්

පෙළගැස්ම. ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමිකයන්ට අදාළ නීති තත්වය

1. හැඳින්වීම

2. රෙගුලාසීන් මඟින් ළමා ශ්‍රමිකයන් සම්බන්ධව පනවා ඇති සීමා කිරීම් ෙදර දොර මෙහෙකාර සේවය

3. 1956 කාන්තාවන්, යෞවනයන් හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනත තුළ ඇති නීතිමය ප්‍රතිපාදන

. කර්මාන්ත ආයතන වල ළමයින් සේවයෙහි යෙදවිම සම්බන්ධ නීති තත්වය . යෞවනයින් කර්මාන්ත ආයතනයක සේවයේ යෙදවීම . කර්මාන්තමය නොවන ආයතන වල ‍ළමුන් හා යෞවනයින් සේවයේ යෙදවීම




ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමිකයන්ට අදාළ නිති තත්වය[සංස්කරණය]

හැඳින්වීම[සංස්කරණය]

1956 දී පනවන ලද කාන්තාවන්. යෞවනයන් හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනත විසින් මෙන්ම, එම පනත යටතේ පනවා ඇති රෙගුලාසීන් විසින් ළමා ශ්‍රමිකයන්ට අදාළ නිතිය දැක්වේ. 1956 පනත පනවා ඇත්තේ කාන්තාවන්. යෞවනයන් හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳව විධි විධාන සැළැස්වීම සඳහාය. ළමයින් සේවයෙහි යෙදවිම තහනම් කරන විධි විධානයක් හෝ ළමයින් හා යෞවනයින් සේවයෙහි යෙදවිම සඳහා අලවි කිරීම පිළිබඳ විධි විධාන කිසිවක් ඒ අනුව පනතෙහි ඇතුළත් නොවේ. ළමයින් හා යෞවනයින් සේවයෙහි යෙදවීම සම්බන්ධ සීමාවන් ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ පනත යටතේ පනවා ඇති රෙගුලාසි වලය. පනත යටතේ ඇමතිවරයා විසින් පනවන ලද රෙගුලාසි මාලාවන් 04 කි. 01. 1957 ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ රෙගුලාසි 02. 1957 යෞවනයින් සේවයෙහි යෙදවීම පිළිබඳ රෙගුලාසි 03. 1957 යෞවනයින් කර්මාන්ත ආයතනයන්හි රාත්‍රී කාලයේ සේවයෙහි යෙදවීම පිළිබඳ රෙගුලාසි 03. 1957 යෞවනයින් මුහුදු සේවයෙහි යෙදවීම පිළිබඳ රෙගුලාසි මෙහි 'ළමයා' යනු වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයින්ය. 'යෞවනයා' යන්නේ අදහස් කෙරෙන්නේ, අවුරුදු 14 සම්පූර්ණ වී ඇති වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ය.


රෙගුලාසීන් මඟින් ළමා ශ්‍රමිකයන් සම්බන්ධව පනවා ඇති සීමා කිරීම්[සංස්කරණය]

අ) වයස අවුරුදු 12 ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්ය. - 2 වන රෙගුලාසිය අවුරැදු 12 ට අඩු ළමුන් බෙහෝ විට සේවයේ යොදවා ගනු ලබන්නේ, නිවෙස් වල මෙහෙකාර සේවයේය. ගෙදර දොර වැඩ කටයුතු කිරීම රැකියාවක් නොවේය යන්න මත තර්ක කිරිමට " වයස අවුරුදු 12 ට අඩු පුද්ගලයකු කිසිම 'රැකියාවක' යෙදවීම තහනම් වන්නේය " ලෙස දැක්වීම තුළින් අවකාශ සැළසේ.

ආ) වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයින් 3 න් වන රෙගුලාසියට අමුණා අති උපලේඛණයේ සඳහන් රැකියා 26 හි සේවයෙහි යෙදවිය නොහැක. මෙහි අර්ථය වන්නේ, අවුරුදු 12 ත් 14 ත් අතර ළමයින් ඉහත රැකියා 26 ට නොගැනෙන, එහෙත් ළමයින්ට අනතුරැදායක හෝ ඔවුන්ගේ සදාචාරයට හානිකර එවැනිම වෙනත් රැකියාවල යෙදවීම කළ හැකි බවයි. නිදසුනක් වශයෙන් ගත හොත් 1957 යෞවනයින් කර්මාන්ත ආයතනයන්හි රාත්‍රී කාලයේ සේවයේ යෙදවීම පිළීබඳ රෙගුලාසිවල උපලේඛණයන්හි සදහන් යම් යම් කර්මාන්ත වල යෙදවීමට මෙමඟින් අවකාශ ලැබෙනු ඇත.

ඇ) කම්කරු කොමසාරිස්වරයාගේ ලිඛිත අවසරය නොමැතිව ළමයකු සිනමා චිත්‍රපටියක හා ටෙලි නාට්‍යයක රඟපෑමෙහි යෙදවිය නොහැක. 4.1 රෙගුලාසිය නමුත් චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිෂ්පාදකයන් මෙම රෙගුලාසියට අනුව කටයුතු කරන්නේද යන්න ගැටළු සහගතය.

. ගෙදර දොර මෙහෙකාර සේවය

ළමයෙක් කිසිම දිනයක උදේ 6.00 සහ රාත්‍රී 8.00 අතර කාලය තුළ පැය 4 ක වත් විවේකයක් නොලැබෙන ආකාරයට ගෘහ සේවයේ නොයෙදවිය යුතුය. (5(අ) වගන්තිය) මෙයින් අදහස් වන්නේ සෑම ළමා ගෘහ සේවයෙකුටම උදෑසන 6.00 හා රාත්‍රී 8.00 අතර පැය 4 ක විවේකයකට අවකාශ ඇති බවයි. යෞවනයෙකුගේ නම් විවේක කාලය පැය 3 කි.

ඈ) ගෘහ සේවයේ යෙදෙන ළමයෙකුට රාත්‍රී 8.00 සිට උදෑසන 6.00 දක්වා නොකඩවා පැය 10 ක විවේකයක් ලැබීමේ අයිතිය ඇත. ( 6 වන රෙගුලාසිය) නමුත් මෙම තත්වය නිරීක්ෂණය කරන්නේ කෙසේද යන ප්‍රශ්ණය මතුවේ.

ඉ) සෑම තුන් මසක කාලයක් තුළම අවම වශයෙන් පිට පිට දින 7 ක් නිවාඩු ලබා ගැනීමේ අයිතිය සෑම ළමා ගෘහ සේවකයෙකුටම ඇත. යෞවනයකුට එසේ නිවාඩු ලබා ගත හැකි වන්නේ සිව් මසකට වරක් පමණි. මෙම විවක කාලය ගත කළ යුත්කත් ළමයාගේ පවුලේ සාමාජිකයින් සමඟද නැත්නම් වෙනත් කෙනෙකු සමගද යන්න පැහැදිලි නැත. මේ නිසාම මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම ප්‍රශ්ණයක්ව පවතී.

රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ පිළිවෙළ හෝ රෙගුලාසි කඩ කිරිම පිළිබඳ දඬුවම් හෝ රෙගුලාසි වල දක්වා නැත. නමුත් රෙගුලාසි කඩ කරමින් ළමයකු සේවයේ යෙදවීම, රුපියල් දහසකට නොවැඩි දඩයකින් හෝ හය මසකට නොවැඩි සිර දඬුවමකින් හෝ ඒ දෙකම මඟින් දඬුවම් කළ හැකි වරදක් බව පනතේ 14 (බී) වගන්තින මඟින් දක්වයි.

කාන්තාවන්, යෞවනයින් හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනත[සංස්කරණය]

ඉහත දක්වන ලද්දේ ළමයින් හා යෞවනයින් සේවයේ යෙදවීම සම්බන්ධ සීමාවන් දැක්වෙන රෙගුලාසීන් පිළීබඳවය. මෙම රෙගුලාසීන් වලට අමතරව 'කාන්තාවන්, යෞවනයින් හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනතේද ළමුන් හා යෞවනයින් සේවයේ යොදවා ගැනීමට අදාළ නීති තත්වයන් දක්වයි. මෙම ප්‍රතිපාදන දක්වන්නේ, කොටස් 2 ක් යටතේය. එනම්, 1) කර්මාන්ත ආයතන වල සේවයෙහි යෙදවීම සම්බන්ධ නීති තත්වය 2) කර්මාන්තමය නොවන ආයතන වල සේවයේ යෙදවීම සම්බන්ධ නීති තත්වය වශයෙනි.

. කර්මාන්ත ආයතන වල ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධ නීති තත්වය.

අ) කිසිම පොදු හෝ පෞද්ගලික කර්මාන්ත ආයතනයක ශාඛාවන්හි කිසිම ළමයකු සේවයෙහි යෙදවිය නොහැකිය. (7.1 වගන්තිය)

ආ) කර්මාන්ත ආයතනයක ළමයකු සේවයෙහි යෙදවිය හැක්කේ එම ආයතනය එකම පවුලේ සාමාජිකයන් පමණක් සේවය කරන ආයතනයක් වන්නේ නම් පමණකි. ( 7.2 (අ) වගන්තිය )

. යෞවනයන් කර්මාන්ත ආයතනයක සේවයේ යෙදවීම. ඇ) යෞවනයෙක් කර්මාන්ත ආයතනයක සේවයේ යෙදවිය හැකිය. වයස අවුරුදු 16 ට අඩු යෞවනයෙක් කිසිම දිනයක ( අතිකාල සහ විවේකය හෝ ආහාර විවේකය ඇතුළුව) පැය 8 ට වැඩි කාලයක් හෝ කිසිම සතියක් තුළ පැය 50 කුත් අඩ පැයකට වැඩි කාලයක් සේවයෙහි යෙදවිය නොහැකිය. වයස අවුරුදු 16 ට වැඩි යෞවනයකු නම් කිසියම් දිනකදී වැඩ කළ යුතු කාලය පැය 10 කටද, සතියක් තුළ වැඩ කළ යුතු පැය ගණන පැය 55 1/2 කටද වැඩි නොවිය යුතුය. (කෘෂි කර්මය හෝ ගෘහ සේවය හැර ) වෙනත් කිසියම් රැකියාවක නියුතු යෞවනයෙකුට ඔහු වැඩ කරන කාල සීමාව උදෑසන 11 සිට සවස 2.00 හෝ රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 අතර යෙදෙන්නේ නම් විවේකය හෝ ආහාර පාන ගැනීම වෙනුනවන් අඩුම වශයෙන් පැයක විවේකයක් ගැනීමේ අයිතිය ඇත. ඔහුගේ සේවා කාලය සවස 4.00 හා 6.00 අතර හෝ උදෑසන 7.00 සහ 9.00 අතර වන්නේ නම් පැය 1/2 ක විවේකයක් ගැනීමේ අයිතිය ඇත.

ඈ) කර්මාන්ත ආයතන වල සේවයේ නියුතු සියලු යෞවනයන්ගේ නම් සහ උපන් දින සඳහන් වන රෙජිස්ටර් පවත්වා ගෙන යාමේ වගකීමෙන් සේවා යෝජකයෝ බැඳී සිටිති. මෙම වගන්තිය කඩ කරනු ලැබුවහොත් රු. 50 කට නොවැඩි දඩයකින් දඬුවම් කිරීමකට ලක් කළ හැකිය. ( 8.1 වගන්තිය )

ඉ) වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයකු රාත්‍රී කාලය ඇතුළත පොදු හෝ පෞද්ගලික කර්මාන්ත ආයතනයක සේවයේ යෙදවිය නොහැකිය.

ඊ) වයස අවුරුදු 14 හා 18 අතර වන යෞවනයන්, ' 1958 කර්මාන්ත ආයතන වල රාත්‍රී කාලයෙහි සේවයේ යෞවනයන් සේවයේ යෙදවීම' පිළිබඳ රෙගුලාසි වලට අයත් උප ලේඛණයන්හි නියමිතව සදහන් කර ඇති කර්මාන්ත ව්‍යාපාර 20 හි, එම ව්‍යාපාර පවුලේ අය වැඩ කරන ආයතන වන්නේ නම්, සේවයෙහි යෙදවිය හැකිය.

උ) වයස අවුරුදු 16 හා 18 අතර යෞවනයින් හදිසි අවස්ථාවකදී කර්මාන්ත ආයතනයක රාත්‍රී කාලයේ සේවයේ යෙදවිය හැකිය. එම හදිසි අවශ්‍යතාවයන් මතු වීමට දින 76 කට පෙර කම්කරැ කොමසාරිස් තුමා වෙත ඒ පිළිබඳව දැනුම් දිය යුතුය.


.කර්මාන්තමය නොවන ආයතන වල සේවයෙහි යෙදවීම ළමයින් හා යෞවනයින් කර්මාන්තමය ආයතන වල හා මුහුදු සේවය හැර වෙනත් රැකියාවන්හි යෙදවීමේදී මතු දැක්වෙන නීතීන් බලපවත්වයි.

වැඩ කරන කාලය. 1. කිසිම ළමයකු, අ) ඔහු පාසල් යා යුතු දිනයක පාසල් වේලාව අවසන් වීමට පොරොතුව හෝ, ආ) රාත්‍රී 8.00 සහ උදෑසන 6.00 අතර කාලය තුළ හෝ ඈ) ඔහු පාසල් යා යුතු කිසියම් දිනයක පැය 2 කට වැඩි කාලයක් හෝ කිසියම් ඉරැ දිනෙක පැය 2 කට වැඩි කාලයක් හෝ, ඉ) ඔහුගේ කායික තත්වය සැළකිල්ලට ගැනීමේදී ඔහුගේ ජීවිතයට සෞඛ්‍යට හෝ අධ්‍යාපනයට හානිකර විය හැකි අන්දමේ රැකියාවක හෝ සේවයෙහි නොයෙදවිය යුතුය. ( 13.1 වගන්තිය )

2. කිසිම ළමයකු මඟතොට වෙළඳාමෙහි යෙදීම හෝ යෙදවීම නොකළ යුතුය. ( 13.2 වගන්තිය )

3. වයස අවුරුදු 16 ට අඩු යෞවනයකු කිසියම් දිනයක (අතිකාල සහ විවේකය හෝ කෑම වේලාව ඇතුළුව) පැය 9 කට වැඩි කාල සීමාවක් සහ කිසියම් සතියක් තුළ පැය 50 කුත් අඩ පැයකට වැඩි කාල සීමාවක් හෝ සේවයේ නොයෙදවිය යුතුය. අවුරුදු 16 ට වැඩි යෞවනයකු නම් දවසක් තුළ වැඩ කරන කාලය පැය 10 කට නොවැඩි ද, සතියක් තුළ වැඩ කරන කාලය පැය 55 1/2 කටද නොවැඩි ද විය යුතුය.

4. වැඩ කරන කාලයට අදාළ මෙම සීමා කිරීම් කෘෂිකර්මාන්.යෙහි හෝ බඩු හෝ මගී ප්‍රවාහනයේදී හෝ චිත්‍රපට ප්‍රදර්ශනයේදී හෝ ගෘහ සේවයෙහි නියුතු යෙවනයන්ට බල නොපවත්වයි.

5. (කෘෂිකර්මාන්තය හෝ ගෘහ සේවය හැර) වෙනත් කිසියම් කර්මාන්තයක සේවයෙහි නියුතු යෞවනයකුට ඔහුගේ සේවා කාලයට උදෑසන 11.00 සිට සවස 2.00 දක්වා හෝ රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා හෝ අයත් වන්නේ නම්, අවම වශයෙන් විවේකයක් හෝ ආහාර ගැනීමේ කාලයක්ද, ඔහුගේ සේවා කාලයට සවස 4.00 සිට 6.00 සක්වා අයත් වන්නේ නම් පැය 1/2 ක විවේක කාලයක්ද ලැබීමට හිමිකම ඇත.

6. තවත් රෙගුලාසි මාලාවකින් කෘෂිකර්මාන්තයෙන්, වාණිජ කර්මාන්තයෙන් හා වෙනත් කර්මාන්ත නොවන රැකියාවන්ගෙන් කර්මාන්ත වෙන් කොට දක්වයි. 1958 දී පනවන ලද මෙම රෙගුලාසි එවක පැවති ප්‍රධාන කර්මාන්ත 3 වූ තේ, පොල්, රබර් යන කර්මාන්තයන්ට අදාළ විධි විධාන සළස්වයි. වැඩ කිරීමේ කාල සීමාව පිළිබඳ සීමා කිරීම කර්මාන්තමය නොවන රැකියාවන්හි සේවයේ නියුතු ළමයින්ට හා යෞවනයින්ට බල නොපවත්වන හෙයින් මේ බෙදීම වැදගත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ලංකාවේ_ළමා_ශ්‍රමිකයන්&oldid=471203" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි