රෝලෝ

විකිපීඩියා වෙතින්
රෝලෝ
ෆලේස් නගර චතුරස්‍රයෙහි ආදිපාදිවරු සයදෙනාගේ ප්‍රතිමාවෙහි රෝලෝ දැක්වෙන අයුරු.
නෝර්මන්ඩියෙහි ආදිපාදවරයා
රුවෝන්හී කවුන්ට්වරයා
රාජ්‍ය සමය911–927
පූර්වප්‍රාප්තිකයානොමැත
අනුප්‍රාප්තිකයාවිලියම් ලෝංස්වෝඩ්
උපතප. 846
මරණයප. 930
නෝර්මන්ඩි
භූමදානයරුවෝන් ආසන දෙව්මැදුර
වල්ලභයාබැයර්හී පොප
ප්‍රංශයෙහි ගිස්ලා (අභිප්‍රේත වූ නමුදු ස්ථීර නොකල)
දරුවන්
තවත්
විලියම් ලෝංස්වෝඩ්
ගර්ලොක්
වංශයනෝර්මන්ඩි රජ පෙළපත
ආගමනෝර්ස් මිථ්‍යාදෘෂ්ටිය
පසුව රෝමානු කතෝලික ආගම

රෝලෝ (ප. 846 – ප. 930 ක්‍රිව) යනු, ප්‍රංශයෙහි පළාතක් වන නෝර්මන්ඩියෙහි පළමුවන පාලකයාවූ වයිකිංවරයෙකි. ඔහු සමහරවිට නෝර්මන්ඩියෙහි පළමුවන ආදිපාදවරයා ලෙසින්ද හැඳින්වෙයි. පහළ සෙනී ගංගාවෙහි නිම්නයෙහි ෆ්‍රෑන්ක්වරුන්ගේ භූමියෙහි ස්ථීර ඉඩකඩ හිමි කර ගත් නෝර්ස්වරුන් අතර කැපී පෙනෙන පුද්ගලයෙක් ලෙසින් රෝලෝ ඉස්මතු විය. බටහිර ෆ්‍රැන්සියාහී රජු වූ සාමාන්‍ය චාල්ස් රජ විසින්, සෙනී ගංගාවහි මෝය සහ වර්තමාන රුවෝන් නගරය අතර වූ මෙම භූමිය රෝලෝ වෙත පවරා දෙන ලද්දේ, ඔහුගේ කොල්ලකෑම කෙලවර කරන බවට සහ ඉදිරි වයිකිං ආක්‍රමණ වෙතින් ෆ්‍රෑන්ක්වරුන් ආරක්ෂා කරන බවටත් වූ පොරොන්දු මතය. [1]

මෙම වයිකිං පදිංචිකාරයන්ගේ නායකයා වශයෙන් රෝලෝ පළමුවෙන් වාර්තාවන්නේ 918 වසරෙහි අධිකාර පත්‍රයක් තුල වන අතර, අවම වශයෙන් 928 වසර දක්වා නෝර්මන්ඩි ප්‍රදේශය තුල පාලනාධිකාරිය ඔහු විසින් මෙහෙයවන ලදි. ඔහු විසින් පිහිටුවන ලද නෝර්මන්ඩියෙහි ආදිපාද වසම තුල ඔහුගේ පුතු විලියම් ලෝංස්වෝඩ් ඔහුගේ අනුප්‍රාප්තිකයා විය. රෝලෝගේ ප්‍රජනිතයෝ සහ ඔහුගේ අනුචරයෝ, නෝර්මන්වරු ලෙසින් හැඳින්වීම ඇරඹිණි.

  1. ඩේවිඩ් බේට්ස් නෝර්මන්ඩි බිෆෝ 1066 (ලෝංමන් 1982), පිටු. 8–10.
"https://si.wikipedia.org/w/index.php?title=රෝලෝ&oldid=397492" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි