රෝම සමුහාණ්ඩුව

විකිපීඩියා වෙතින්

රෝමයේ අවසන් අධිරාජ්‍යයා වු Torqin the proud මිය ගිය පසුව වාර්ෂිකව පත්කර ගන්නා ලද මහේස්ත්‍රාත්වරුන් හා විවිධ නියෝජිතයන් කොට්ඨාසයක් විසින් රාජ්‍යය පාලනය කරන ලදි. රාජතන්ත්‍රිකයන් දෙදෙනෙක් සිටි අතර ඔවුන් ප්‍රධානතම මහේස්ත්‍රාත්වරැන් ලෙස විධායක බලතල තුළින් රාජ්‍යය පාලනය කරන ලදි. රාජතාන්ත්‍රිකයන් දෙදෙනා හට සෙනට් මඩුල්ල හා කටයුතු කිරිමට සිදුවේ. මෙම සෙනේට් මඩුල්ල රාජ්‍යයේ සිටින ප්‍රබලතමයන්ගෙන් නිර්මාණය වී ඇති අතර කාලයක් සම සෙනෙට් මඩුල්ලේ ප්‍රමාණය සහ ප්‍රබලත්වය ද වැඩි විය. අනෙකුත් මහේස්ත්‍රත්වරුන් ලෙස Praetors, Quediles සහ Quastors p අයත් වු අතර රෝමයේ ජීවත් වු අඩු කුල පුරවැසියන්ට මෙම තනතුරු දැරීම මුල් කාලීනව තහනම් වුවද පසුව සාමාන්‍ය ජනයාට සහ Plebeians හට මෙම තනතුරු දැරිමේ හැකියාව ලැබුණි. ජනරජයේ නිළධාන් පත්කර ගැනිම ඡන්ද විමසිමක් සිදු විය.

ක්‍රි.පු. 5 වන සියවසේ දී රෝමය ගෝල් දේශයක් අත්පත් කර ගැනිමේ සටනින් පසුව ක්‍රි.පු තුන්වන සියවසේදී පැවති Punic Hispania Macdonian සහ Selcid දේශයන් රෝමය විසින් අත්පත් කර ගැනිණි. මෙම නිසා ක්‍රි.පු. 2 වන සියවසේ දි මධ්‍යධරණි මුහුදේ බලවත්ම දේශය බවට රෝමය පත්විය.

විදේශ රාජ්‍යයන් යටතේ කර ගැනිමක් සමග අභ්‍යන්තර ගැටුම් ඇතිවිය. සෙනෙට් මණ්ඩලයට සාමාන්‍ය ජනයාගේ මුදලින් පොහොසත් වු අතර සාමාන්‍ය ජනයා සිටින තත්ත්වයට වඩා තවත් දුප්පත් විය. මෙම සමයේදි නව වෙළදද සමාජයක් බිහි වු අතර ඔවුන් Equestrians ලෙස හදුන්වනු ලැබිය. ක්‍රි.පු. 2 වන සියවසේදි මහජනයා ඉඩස් ප්‍රතිසංස්කරණය නීති ඉල්ලමින් කැරලි ගැසු අතර සටන් කරන ලද සහර ඉඩම් ප්‍රතිසංස්කරණය නිති ඔවුන්ට ලබා ගැනිමට හැකි විය. මෙහි දී සිදු වු විශේෂි සිදුවිමක් නම් සමාන්‍ය ජනතාවගේ කැමැත්ත සහ පක්ෂපාතිත්වය සෙනට් මඩුල්ලට වඩා Gaius Marius නම් සේනාධිනායකයා හට ලැබිමයි.

මෙයින් පසුව එවකට සිටි ප්‍රබලතම සේනාධිනායකයන් තිදෙනෙකු වන ජුලියස් සීසර් පොම්පේ සහ ක්‍රාසස් :First Triumuirate" නම් රහසිගත කණ්ඩායමක් ආරම්භ කරන ලදි. රෝමයේ පාලන බලය තමන් අතරට ගැනීම මෙම කණ්ඩායමේ අරමුණ විය. මේ අතර තුරු පොම්පේගේ නායකත්වයෙන් සෙනෙට් සභාව සීසර්ට එරෙහිව සිවිල් යුද්ධයක් ආරම්භ කරන ලදි. පොම්පේ මෙහිදි පරාජයට පත් වු අතර සීසර් ඒකාධිපති පාලකයා බවට පත් විය. නමුත් ක්‍රි.පු. 44 දී සෙනට් මණ්ඩලය සීසර්ව මරණයට පත් කර නව ජනරජයක් බිහි කිරිමට උත්සහ දරණ ලදි. ඉන්පසු ඔක්ටේපියස් සීසර් බලයට පැමිණ මාර්ක් ඇනතනි හා ලෙපිඩස් හා එක්ව රොම්යේ බලය නැවතත් තමන් සතු කර ගත්තේය. සමම තිදෙනා අතර ඇති වු ගැටුම් හේතුවෙන් පසුව ලෙපිඩන් රටෙන් පිටුවහල් කරනු ලැබු අතර ක්‍රි.පු 31 දී ඇක්ටියම් හි පැවති සටනින් ක්ලියෝපැට්රා සහ මාර්ක් ඇන්තනි පරාජයට කොට ඔක්ටේපියස් නැවතත් ඒකාධිපති නායකයා බවට පත්විය.

"https://si.wikipedia.org/w/index.php?title=රෝම_සමුහාණ්ඩුව&oldid=464328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි