රෝමානු නීතිය

විකිපීඩියා වෙතින්

Digesta හි 16 වන සියවසේ පසුභාගයේ සංස්කරණයක මුල් පිටුව. ජස්ටීනියන් අධිරාජ්යයාගේ Corpus Juris Civilis හි කොටසකි.

රෝමානු නීතිය යනු පුරාතන රෝමයේ නෛතික පද්ධතියයි. බටහිර ලෝකයේ යොදා ගන්නා පරිදි මෙම වදන මඟින් හැඳින්වෙන්නේ රෝමානු / බයිසන්ටියානු රාජ්යයන් ඒවායේ නිල භාෂාව ලෙස 7 වන සියවසේ දී ග්‍රීක භාෂාව තෝරා ගැනීමට පෙර වූ නෛතික දියුණුවීම්ය. එවැනි දියුණුවක් තිබූ රෝමානු නීතිය වසර 1000කට වඩා වැඩි කාල පරිච්ඡේදයක් ආවරණය කරන අතර එය Twelve Table නීතියේ සිට (449BC සිට) පළවන ජස්ටීනියන් අධිරාජ්යයාගේ Corpus Juris Civilis දක්වා දිවේ. ජස්ටීනියන් කේතවල සංරක්ෂණය වී ඇති පරිදි රෝමානු නීතිය බයිසන්ටයින් අධිරාජ්යයේ නෛතික ක්‍රියාකාරකම්වල පදනම වූ අතර පසුව යුරෝපානු මහාද්වීපයේ මෙන්ම ඉතියෝපියාවේ නෛතික ක්‍රියාකාරකම්වල පදනම ද විය.

වඩා පුළුල් අර්ථයකින් ගත් කළ රෝමානු නීතිය පුරාතන රෝමයේ නෛතික පද්ධතියට පමණක් පරිශීලනය නොවන අතර එමඟින් 18 වන සියවසේ අවසානය දක්වා බටහිර යුරෝපයේ බොහෝමයක් කොටස් පුරාවට යෙදී තිබූ නීතිය පරිශීලනය වේ. ජර්මනිය වැනි සමහරක් රටවල්වලදී රෝමානු නීතියේ ප්‍රායෝගික යෙදීම් 18 වන සියවසෙන් එපිටද පැවතුණි. මෙම හේතුව නිසා යුරෝපයේ හා වෙනත් ප්‍රදේශවල ඇති නූතන සිවිල් නීති පද්ධති රෝමානු නීතිය මඟින් අතිශය බලපෑමකට ලක්වී ඇත. මෙය පුද්ගලික් නීති ක්ෂේත්‍රයේ විශේෂයෙන් වේ. රෝමානු නීතිය මඟින් ඉංග්‍රීසි නෛතික පද්ධතිය මත මහද්වීපයෙහි නෛතික පද්ධතිවලට වඩා අඩු බලපෑමක් එල්ල කළත් ඉංග්‍රීසි හා උතුරු ඇමරිකානු සාමාන්‍ය නීතිවල රෝමානු නීතියට යම් නැඹුරුතාවක් ඇත. රෝමානු නීතියෙහි බලපෑම සියළු නෛතික පද්ධතිවලින් පාහේ යොදා ගන්නා නෛතික වාග් මාලාවේ පොහොසත්කමින් හොඳින් දර්ශනය වේ. මේ සඳහා උදාහරණ ලෙස Stare Decisis, Culpa In Contrahendo හෝ Pacta Sunt Servanda යන වදන් දැක්විය හැක. වඩාත් විශේෂිත දෙය වන්නේ Corpus Juris Civilis පැමිණි බයිසන්ටයින් අධිරාජ්යයේ නැඟෙනහිර යුරෝපානු රටවලට අධික බලපෑමක් එල්ල වුවත් ඒවා Corpus මඟින් සැලකිය යුතු ලෙස බලපෑමකට ලක් නොවීමයි. කෙසේ නමුත් ඒවා රෝමානු ගොවිතැන්කරුවන්ගේ නීතිය මඟින් යම්තාක් දුරකට බලපෑමට පත් වී තිබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=රෝමානු_නීතිය&oldid=464204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි