රොබින් හුඩ්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ක්‍රි.ව 1189-1199 දක්වා බ්‍රිතාන්‍ය කිරුළ දැරූ පළමුවැනි රිචඩ් රජුගේ කාල පරිච්ඡේදය සහ නෝමන් වරුන්ගේ යටතට පත් වූ, කුරුස යුද්ධය පැවති සමයේ මධ්‍යතන එංගලන්තයයි. thumb වැඩවසම් ක්‍රමය බලපැවැත්වුණු  ඒ සමයේ මහත් ජනකායක්  ඉඩම් හිමි ධනපතියන් ගේත්  ධන සම්භෝගය ප්‍රිය කළ පූජක පක්ෂයේත් දාසයන් හැටියට ජීවත් වූහ. මහරජුගෙන් තමාට රිසි පරිදි  ඉඩම් භුක්ති විඳීමේ ඒකාධිකාරය ලබා ගත් අධිපතින් පීඩිත පන්තියේ ගොවි ජනතාවගේ ශ්‍රමය සූරා කෑහ. රොබින් හුඩ් ජීවත් වූයේ මෙබඳු අවිචාර කාලයක ය. මුල් කාලයේදී රිචර්ඩ් රජු, යහපත් ගති පැවතුම් වලින් හෙබි විය. නමුත් කුරුස යුද්ධය සමයේදි රිචර්ඩ් රජුගේ සොයුරු ජෝන් කුමරු පාලනයට පැමිණෙන අතර රජුගේ බලය පූජකයන්ගේ බලයට නතු වි පැවැත්තේ ය. දුප්පතුන් සූරා කමින්, අහිංසක ජනයා ගසා කමින් වැජඹෙන පූජකයන්ගේ කෲර ක්‍රියා කලාපයට තදින්ම විරුද්ධ වුනු රොබින් හුඩ්, යහපත් රාජ්‍ය පාලකයෙකු ලබා ගැනීම වෙනුවෙන් සටන කළ නිර්භීත වීරයෙක් විය. එකල පැවති පාලන යන්ත්‍රයට විරුද්ධව ප්‍රබල සටනක් කිරීම හේතු කොට ගෙන රොබින් හුඩ් ධනවතුන්ගෙන් කොල්ල කා දුප්පතුන්ව රජ කරවන අනීතිකයකු ලෙස ප්‍රකට විය.

"https://si.wikipedia.org/w/index.php?title=රොබින්_හුඩ්&oldid=487179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි