රේඩාර් උපාංග

විකිපීඩියා වෙතින්
මෙහි දැක්වෙන දිගු දුර රේඩාර් ප්‍රතිග්‍රාහකය ALTAIR ලෙස හැඳින්වෙන අතර ක්වජලීන් දිවයිනෙහි පිහිටි රොනල්ඩ් රේගන් පරීක්ෂණ මධ්‍යස්ථානයෙහි සිදු කෙරෙන ABM පරීක්ෂා කිරීම් සමග එක්ව අභ්‍යවකාශයේ පවතින වස්තූන් හඳුනා ගැනීමට සහ ඒවායේ ගමන් මග නිර්ණය කිරීමට භාවිතා වේ.

රේඩාර් යනු පරාසය ඌනතා අංශය දිශාව හෝ වේගය හඳුනා ගැනීම සඳහා විද්‍යුත් චුම්භක තරංග භාවිතා කරන පද්ධතියකි. මෙමගින් සචල මෙන්ම නිසල වස්තූන් ද නිරීක්ෂණය කළ හැකි අතර මේ සඳහා ගුවන් යානා, නැව්, මෝටර් රථ, කාලගුණ සැකසුම් සහ භූමි සැකසුම් උදාහරණ වෙයි. රේඩාර් උපාංග හැඳින්වීම සඳහා භාවිතා කරන ඉංග්‍රීසි වදන වන RADAR යන්න 1941 වසරේ දී නිර්මාණය වූවක් වන අතර එය radio detection and ranging නම් පදයෙහි මුලකුරු ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි. එතැන් පටන් මෙම වදන සම්මත යෙදුමක් ලෙස ඉංග්‍රීසි භාෂාවට එක් වූ අතර එය කැපිටල් අකුරු භාවිතයෙන් තොරව ලිවීම ද සිදු කෙරෙයි. මුල් කාලයේදී රේඩාර් උපාංග බ්‍රිතාන්‍යයේදී RDF (radio direction finder) ලෙස හඳුන්වන ලදී.

රේඩාර් පද්ධතියකට රේඩියෝ තරංග විමෝචනය කරන විමෝචකයක් ද අදාළ වස්තූන් මගින් පරාවර්තනය කරන රේඩියෝ තරංග අණාවරණය කෙරෙන අණාවරකයක් ද පවතින අතර සාමාන්‍යයෙන් විමෝචකය සහ අණාවරකය එකම ස්ථානයේ පිහිටයි. සාමාන්‍යයෙන් මෙසේ පරාවර්තනයෙන් ලැබෙන රේඩියෝ සංඥා ඉතා දුර්වල වන නමුත් මෙම සංඥා වර්ධනය කළ හැක. මේ හේතුවෙන් ශබ්ධය සහ දෘෂ්‍ය ආලෝකය වැනි විමෝචන ඇසුරෙන් අණාවරණය කරගත නොහැකි තරම් දුරකින් පවතින වස්තූන් හඳුනාගැනීමේ හැකියාව රේඩාර් උපාංගවලට ලැබෙයි. රේඩාර් උපාංග විවිධ භාවිතයන් ගණනාවක් සඳහාම යොදා ගැනේ. මෙවැනි භාවිතයන් අතරට හමුදාමය භාවිතයන් හැරුණු විට වර්ෂාපතනය අණාවරණය කර ගැනීම, සාගර මතුපිට තරංග මැනීම, ගුවන් යානා හැසිරවීම සහ පොලිස් නිළධාරීන් මගින් වේගසීමාව ඉක්මවා යන මෝටර් රථ හදුනාගැනීම යනාදිය ද අයත් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=රේඩාර්_උපාංග&oldid=496104" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි