රූපවාහිණිය - තාක්ෂණික ප්‍රවනතා

විකිපීඩියා වෙතින්

රූපවාහිණිය එහි ආරම්භයේදී අල්පකාලීක මාධ්‍යයක් විය. ක්‍රමික වැඩසටහන් වල ලෝලීන් විසින් ඔවුන්ගේ දින සටහන එම වැඩසටහන විකාශනයේ දී නැරඹිය හැකි පරිදි සැලසුම් කර ගන්නා ලදී. මෙය හැඳින්වීම සදහා වෙළෙඳපොළ කරුවන් විසින් අවස්ථාවක් වෙන්කර ගැනීමේ රූපවාහිණිය (Appointment Television) යන වදන ඇති කරන ලදී.

වැඩසටහන් පෙලගැස්ම මත නරඹන්නාගේ පරාධීනත්වය, වීඩියෝ කැසට් පටිගත කරනය හා ඩිජිටල් වීඩියෝ පටිගතකරණය වැනි වැඩ සටහන් ගත කළ හැකි වීඩියෝ පටිගත කිරීමේ උපකරණ වල හදුන්වාදීම සමගම අඩුවිය. පාරිභෝජකයන්ට අදාල වැඩ සටහන් විකාශය කිරීම හා පටිගත කිරීම සිදු කළ පසුව ඔවුන්ට අවශය ඕනෑම වේලාවකදී ඒවා නැරඹිය හැක. රූපවාහිණි සේවා සපයන්නන් විසින් ඉල්ලුම මත වීඩියෝ (Video on demand) යන නමින් සේවාවක් සපයන අතර එය ඕනෑම අවස්ථාවකදී නැරඹිය හැකි වැඩසටහන් එකතුවක් වෙයි.

ජංගම දුරකතන ජාල හා අන්තර් ජාලයද වීඩියෝ ප්‍රවාහ රැගෙනයාමේ පහසුකම් වලින් යුක්ත වෙයි. වර්තමානයේදී අන්තර් ජාල TV විශාල ප්‍රමාණයක් පවතින අතර ඒවා සජීවි ලෙස හෝ භාගත කරගත හැකි‍වැඩසටහන් ලෙස පවතියි. තවද වීඩියෝ හුවමාරු කර ගැනීමේ වෙබ් අඩවි විශාල වශයෙන් ජනප්‍රිය වී ඇත.

ජපාන නිෂ්පාදකයෙකු වන Scalar විසින් අක්ෂි වීදුරුවට ඇමිනි ඇති ඉතා කුඩා රූපවාහිණි පද්ධතියක් නිර්මාණය කර ඇති අතර එය Teleglass T3 – F ලෙස නම් කොට ඇත.