රූත් බෙනඩික්ට්
රූත් බෙනඩික්ට | |
|---|---|
Ruth Benedict in 1937 | |
| උපත | ජුනි 5, 1887 |
| මරණය | සැප්තැම්බර් 17, 1948 (වයස 61) |
| අධ්‍යාපනය | Ph.D. in anthropology, Columbia University (1923) |
| වෘත්තිය | Anthropologist |
| වල්ලභ | Stanley Benedict |
| මව්පියන්(s) | Frederick Fulton and Beatrice Fulton |
රූත් බෙනඩික්ට් අමෙරිකානු මානව විද්‍යාඥවරියකි. නිව්යෝර්ක් නගරයේ උපත ලද ඇය වසාර් විද්‍යාලයයේ අධ්‍යාපනය ලබා 1909 දී උපාධිය දිනාගත්තාය. වර්ෂ 1919 දී කොලොම්බියා විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශවූ ඇය ප‍්‍රාන්ස් බෝස් යටතේ අධ්‍යාපනය ලබා සිය ආචාර්ය උපාධිය ලබාගත් අතර 1923 දී එම පීඨයට සම්බන්ධ විය. මාග‍්‍රට් මීඞ් නමැති සුප‍්‍රකට මානව විද්‍යාඥවරිය සමග ඇය එක්ව කටයුතු කළාය. ඇයගේ සිසුන් සහ සහෘදයින් අතර මර්වින් ඔප්ලර් ද වේ.
ඇයගේ ආචාර්යවරයා වන අමෙරිකානු මානව විද්‍යාවේ පියා ලෙස සැලකෙන ප‍්‍රාන්ස් බෝස් ගේ අදහස් බෙනඩික්ට් ගේ කෘතීන්වල ද දක්නට ලැබේ. බෝස් “ජාතිය, භාෂාව සහ සංස්කෘතිය” යන ජාතිවාදයට එරෙහි වූ ග‍්‍රන්ථයේ කතුවරයා විය. එය එකල ශාස්තී‍්‍රය ලෝකය තුළ බිහිවූ මහත් බලපෑමක් ඇති කළ කෘතියක් විය. ජාතිය, භාෂාව සහ සංස්කෘතිය එකිනෙකින් ස්වාධීන බව පෙන්වා දීමට එමඟින් හෙතෙම උත්සහ කළේය. කිසිදු ජාතියක් පහත්කොට සැළකිය නොහැකි බව ද සංස්කෘතික වශයෙන් දියුණු වීමට හැකියාවක් ඒවාට නැතැයි සැලකිය නොහැකි බවට ද බෝස් ගේ අදහස්වලින් පැහැදිලි විය. සැම මනුෂ්‍යයෙකුටම සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුය යන බෝස් ගේ අදහස්වල ආභාෂය රූත් බෙනඩික්ට් ට ද ලැබිණ.