රුවන්ඩා ජන සංහාරය
මෙම ලිපිය විකිපීඩියාවේ ශෛලිය සමග අනුකූල වීමට නැවත ලිවීමට අවශ්‍ය විය හැක. (ජනවාරි 2025) |
රුවන්ඩා විදේශීය අවධානයට යොමු වෙමින් වඩාත් කතාබහට ලක් වුණා. එයට ප්‍රධානම හේතුව වන්නේ 1994 වසරේදී සිදු වූ මෙම ජනසංහාරයයි. මේ සඳහා මූලික වූ කාරණාව වන්නේ ප්‍රධාන ජනවර්ග දෙකක් අතර වූ විරසකය යි. මෙරට ජනතාව ප්‍රධාන ලෙස ගෝත්‍ර දෙකකින් යුක්ත වන අතර, බහුතරයක් (85%) වූ හුටු ගෝත්‍රිකයන් හා ටුට්සි, තාවා යන සුළුතරය එම කණ්ඩායම් තුන වනවා.රුවන්ඩා ජන සංහාරය ආරම්භ වන්නේ 1994 අප්‍රියෙල් 7 සිට ජුනි 19 අතර කාලය තුළයි. දින 100ක් ඇතුළත ටුටිසි සහ තවා ජාතිකයන් ලක්ෂ 5ත් 662,000ත් අතර ප්‍රමාණයක් මරණයට පත් වී ඇති අතර අතුරුදහන් වූ ප්‍රමාණය ඊටත් වැඩි වේ ඇස්තමේන්තු ගත මරණ මිලියන 1ට වැඩි බව සොයාගෙන ඇත. ඒ අතර ස්ත්‍රී දුෂණ ලක්ෂ 5ට වැඩිය.[1] රුවන්ඩාවේ ටුටසි ජනගහනය 60%ක්ද තවා (පිග්මී) ජනගහනය 90%ද ජනසංහාරය නිසා නැති වී ඇති.[2]
ඉතිහාසය
[සංස්කරණය]සියල්ල ආරම්භ වන්නේ රුවන්ඩා රාජධානිය 1897 ජර්මානු කොළනීකරණයට ලක්වීමත් පසුවයි. ජර්මන් පාලනය සමයේ රජයේ උසස් තනතුරු ප්‍රදානය කළේ සුළුතරයක් වු ටුට්සි ජනතාවට පමණයි. ඔවුන් උසස් අධ්‍යාපනය වගේම, රජයේ වරප්‍රසාද ද බුක්තිවින්දේය. පලවෙනි ලෝක යුද්ධයෙන් පරාජයක් සමඟ ජර්මනියේ පාලනය බෙල්ජියම වෙත මාරු වුයේය. ඒ වකවානුවේ ඉතා කෘර පාලනයක් සිදු වු අතර රටේ බහුතරක් හුටු ජාතිකයන් වදබන්දනයට ලක්වුවද ටුට්සි ජාතියන් බෙල්ජියම් රජයේ පීඩන වලට ලක් නොවිය. කෙසෙ නමුත් 1959-1961 ආරම්භ වන රුවන්ඩා විප්ලවය නිසා ඉහළ වරප්‍රසාද ලැබු සුළුතරය වූ ටුට්සිවරුන්ට පාලන බලය ගිලි හෙව්වා. ඒ අනුව 1959 දී මෙම පාලනය පෙරළා දැමීම සිදු කරනවා. ඒ හුටුවරුන් විසිනි. මේ නිසා ටුට්සි වරුන් අසල්වැසි රට වලට පලා ගොස් ‘ රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ’ පිහිටුවා ගනු ලබනවා.විප්ලවයෙන් වසරකට පසු 1962 බෙල්ජියම් පාලනයෙන් නිදහස් වී රුවන්ඩා ජනරජය පිහිටුවනවා. රටේ පළමු ජනපති වන්නේ ගෙගෝරි කයිබන්ඩා. පලමු ජනපති කාලයේ ජාතිවාදී අදහස් එතරම් තිබුනේ නැනි වුවද කයිබන්ඩාව ධුරයෙන් පහ කරනවා ආරක්ෂක ඇමති ජුවිනාල් හබාරිමානා විසින්. කයිබන්ඩාව කුසගින්නේ තමා මරා දමනවා හබාරිමානා විසින්.1960 දශකයේ සිටය ටුට්සි සහ තුවා ජනතාවට සිදුවු ප්‍රචන්ඩ ක්‍රියා ජුවිනාල් පාලන සමයේ ඉතා දරුණු විය. ජුවිනාල්ගේ MRND පක්ෂ මගින් ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීම මගින් හුටු ජනතාව අවුස්සන්න ලදි. විටින් විට රුවන්ඩා ආණ්ඩුවේ ආශිර්වාදයෙන් ටුට්සි ධනවතුන් සහ උගතුන්ව මරා දමන ලද අතර ගෙවල්, ව්‍යාපාර මංකොල්ල කන ලදි. මෙහි උච්චතම අවස්තාව 80 දශකයේ ආරම්භ වන අතර ටුට්සි සහ තුවා තරුණ තරුණියන් එක්වී රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ ලෙස 1987 දී ගරිල්ලා සංවිධායක් ආරම්භ කරන ලදි.1980 දශකයේ සිට හුටු ආණ්ඩුවට එරෙහිව සටන් කළ ෆ්‍රෙන්ඩ් රවිගෙමා, සමඟ පොල් කන්ගාමේ 1987 රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ (RPF) ආරම්භ කරන ලදි. මුල් කාලීනව සුළු සුළු ගරිල්ලා ප්‍රහාර සිදු කළද 1990 ඔක්තෝබර් 1 සිට මහා පරිමාණයෙන් ප්‍රහාර එල්ල කරන ලදි. එමගින් රුවන්ඩා සිවිල් යුද්ධය ආරම්භවිය. කෙසේ වෙතත් ඔක්තෝම්බර් දෙවෙනිදා ප්‍රහාරයක් අතරතුර මරණයට ලක්විය. ඉන්පසු RPF පොල් කන්ගාමේ යටතේ යුද්ධය දිගටම පවත්වා ගන්නා ලදි. කෙසේ නමුත් 1993 දී RPF සමඟ රජය ඇතිකරගත් සාම ගිවිසුම අරූෂා ගිවිසුම පැවතුනේ 1994 අප්‍රියෙල් 6වන දින දක්වා පමණි.රුවන්ඩා ජන සංහාරය ආරම්භ වන්නේ 1994 අප්‍රියෙල් 6දින රුවන්ඩා ජනපති ජුවෙනාල් සමඟ බුරුන්ඩි ජනපති සයිපිරින් නතරයාමිරා ගමන් ගත්හ පෞද්ගලික ජෙට් යානයට මිසයිලය ප්‍රහාරයක් එල්ලවී දෙදෙනාම මිය යෑමත් සමඟයි. ඒත් සමඟම ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ මේ සඳහා RPF එල්ල කළ ප්‍රහාරයක් බවයි. කෙසේ වෙතත් අදටත් ප්‍රහාරය එල්ල කළේ RPF ද? හුටු ආණ්ඩුවද යන්න පැහැදිලි නැත. මන්ද යත් මිසයිලය එල්ල කළ බල ප්‍රදේශය පාලනය වුයේ ජනපතිගේ ආරක්ෂක බලකාය මගිනි.[3]
ජනපති මියයෑමෙන් පසුව රජය මගින් සහ ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කළේ තුත්ටිසින් විසින් ජනපති ඝාතනය කළ බවයි. ඒත් සමඟම හුටු දේශපාලඥයන්, හමුදාව, පොලිස්සිය, පැරා මිලිටරි විසින් ටුට්සි ධනවතුන්, දේශපාලඥයන් දඩයම් කිරිම ආරම්භ කරන ලදි. ඒ සමඟම ආණ්ඩුව විසින් ඔවුන්ගේ මාධ්‍යජාල මගින් හුටු සාමාන්‍ය ජනතාව ද උසි ගන්වන ලදි. එමගින් අසල්වැසියන් වන ටුටසින්, ටුවා ජනතාව අමු අමුවේ ඝාතනය කර, ගැහැණුන් සහ ළමයි දුෂණය කර මරා දමා, ගෙවල් මංකොල්ල කා, ගිනි තිබැමී මෙන් බලහත්කාරයෙන් දෙපළ පවරා ගැනීම් සිදුවිය. තම හොදම යහළුවා, බිරිඳ, සැමියා, පෙම්වතිය, පෙම්වතා ද ටුට්සි, බුවා නම් ඔවුන්ව ඝාතනය කරන ලදි. RPF රජය පවසන අන්දමට මියගිය ගණන 1,074,017 විය. කෙසෙ නමුත් ජාත්‍යන්තර සංවිධාන ප්‍රකාශ කරන පරිදි මියගිය ටුට්සි ජනතාව 500,000 සිට 800,000ක් ද, ටුවා ජනතාව 10,000කට ඉහළ බවයි. සිදුවු ස්ත්‍රී, ළමා දුෂණ ප්‍රමාණය 250,000 සිට 500,000කට ඉහළ බවයි. ටුවා නොහොත් පිරිමි ජනතාව රුවන්ඩාවේ 1% ජන ප්‍රතිශතයක් නියෝජනය කරන අතර බහුතරයක් කෑලෑ ආශ්‍රීතව ජීවත් වුවද ජනතාවගෙන් 90% නොහොත් 10,000 හෝ 30,000ක් මරා දමන ලදි. වසර 30 පසුවද සමුහ මිනීවලවල් සොයාගන්නා බැවින් මියගිය ගණන තවත් ඉහළ යා හැකිය.[4]
ජාත්‍යන්තර මැදිහත්වීම
[සංස්කරණය]එක්සත් ජාතීන්ගේ සංවිධානය 1993 සිට සාමසාදක හමුදාව කදවුරු ලා සිටියේය. එක්සත් ජාතීන්ගේ හමුදාවේ අණදෙන නිලධාරි කැනඩා ජාතික රොමියෝ දලාරිස් එක්සත් ජාතීන්ගේ සංවිධානයට 1993 පටන් අනතුරු ඇඟවීම් සිදු කල අතර හුටු නැගිටිමක් සිදුවන බව පෙර සිටම පවසන ලදි. කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සාම සාධන හමුදාවේ ඉහළ පුද්ගලයන් එය විශ්වාස නොකළ අතර ජන සංහාර සිදුවන විටද රොමියෝ දලාරිස් එක්සත් ජාතින්ගේ අනට පරිබාහිරව ටුටසින් සහ ටුවා ජනතාව බෙරා ගත්තද එක්සත් ජාතින් පැවසුවේ රටින් පිටවෙන ලෙසයි. රොමියෝ දලාරිස් පවසන පරිදි එක්සත් ජාතීන්ට වුනමනවා තිබ්බා නම් ජීවිත ලක්ෂ ගානක් බෙරා ගැනීමට හැකි බව පවසයි. එසෙම රුවන්ඩා සිවිල් යුද්ධය පවතින අවස්ථාවේ සිට රටේ සිටි ප්‍රංශ හමුදාව හුටු රජයට පක්ෂපාතී වු අතර ජන සංහාරය සිදුවන විටත් කිසිදු සහයක් සුළුතර ජනතාවට සහයක් නොදැක්වීම ජාත්‍යන්තර වශයෙන්ද චෝදනාවලට ලක්විය. සුළුතර ජනතාව ජීවිත බෙදාගැනීමට ප්‍රංශ හමුදාව වෙත් පැමිණිය ද ඔවුන්ව හරවා යැවීමට ප්‍රංශ හමුදා නිලධාරින් ක්‍රියා කිරීම ජාත්‍යන්තරයේ දෝෂාරෝපණයට ලක්විය. ජන සංහාරය සිදුවන විට ප්‍රංශ හමුදාව 2,500කට වඩා සිටි බවට පැවසේ. ඇමරිකාවේ සහය සුළු ජනතාවට ලැබුනද ඔවුන්ගේ හමුදාකණ්ඩ රටට එනවිට සිවිල් යුද්ධය අවසන් වී තිබිණි. සෝමාලියානු මොගඩිෂු සටනෙන් පසු ඇමරිකාව අප්‍රිකාවේ දේශපාලනට ඇත නොගැසිමට ක්‍රියා කිරීම නිසාද රුවන්ඩාවේ සිවිල් යුද්ධය දෙසට ඇමරිකාවේ අවදානය අඩුව ලැබිණි. කෙසේ නමුත් යුද්ධය අවසානේ අනථා ජනතාවට ඇමරිකාවේ සහය නොවඩුව ලැබිණි. හියුමන් රයිට්ස් වොච් පවසන පරිදි රුවන්ඩා ජන සංහාරය සිදුවන අවස්ථාවේදී සයරේ, ප්‍රංශය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව හුටු රජයට සමඟ අවි ගණුදෙනු සිදු කල අතර සයරේ නොහොත් වත්මන් කොංගෝ ජනරජයේ ගොමා ගුවන්තොටුපළ සිට කෙලින්ම හුටු රජය අවි ආයුධ ආනයනය කරන ලදි. කතෝලික පල්ලිය සහ දෙවන ජොන් පොල් පාප් වහන්සේ ජාත්‍යන්තර වශයෙන් උදව් ඉල්ලු අතර දින 100ක් යනතුරු ජාත්‍යන්තර ප්‍රතිචාරයක් නොවිය. කෙසේ වුවද රුවන්ඩාවේ කතෝලික පල්ලිය මගින් ටුට්සි, ටුවා ජනතාව ආරක්ෂාව සහ රැකවරණය දුන් අතර එම නිසා කතෝලික පුජකයන්ද හුටු ජනතාව විසින් මරා දමන ලදි.[5]
සංහාරය අවසානය
[සංස්කරණය]රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ 1994 ජුලි 19 කීගලි නගරය අල්ලා ගැනිමත් සමඟ ජන සංහාරය අවසන් විය. පැන යන ටුට්සි සහ ටුවා ජනතාවට රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ සහය දැක්වු අතර කීගලි නගර අල්ලා ගැනිමත් සමඟ හුටු ජනතාව මිලියන ගණනක් අසල්වැසි සයරේ රාජ්‍ය වත්මන් කොංගෝ ජනරජයට පලා යන ලදි. පොල් කංගානම් ජනපති සාමය කැදවු පසු එලෙස පලා යන ලද හුටු බහුතරයක් ජනතාව තම මව් බිමට පැමණි අතර දවමත් සුළුතර අපරාද වළට සම්බන්ද ජනතාවක් කොංගෝ ජනරජයේ වාසය කරයි. කොංගෝ යුද්ධයත් සමඟ පලායන හුටු ජනතාව විවිධ වසංගත වළට ලක්වු අතර කොංගෝ ජනරජයේ යුද්ධය නිසාද එලෙස සරණාගතයන් විදියට සිටි හුටු 232,000ක් මිය යන ලදි. පොල් කංගානම් රජය ජන සංහාරයෙන් පසු යුක්තිය පසිඳලීම කමිටුව මගින් යුක්තිය ඉටු කිරිම වශයෙන් අපරාධකරුවන්ට දඩුවම් දීම ආරම්භ කල අතර ජාත්‍යන්තර සහය සහ ජාත්‍යන්තර පිලිගත් ක්‍රමයට 1998 ලක්ෂයකට වැඩි වැරදිකරුවන් බන්ධනාගාර ගත කල අතර ඒ අතුරින් 20% මරණ දඩුවම ද 32% ජීවිතාන්තය දක්වා සිර දඩුවම ද දෙන ලදි. 2001 රුවන්ඩා රජය ගකාකා උසාවිය පිහිටුවන අතර මිලියන ගානක් ජනතාව ප්‍රශ්න කිරිම් කර සැගැවුණු අපරාධකරුවන් නිතිය ඉදිරයට ගෙන එන අතර ගකාකා උසාවිය 2012 ජුනි මස 18 නිල් වශයෙන් අවසන් කල අතර ඒ වනවිට එහි ජීවිත කාලය තුළ නඩු 1,958,634 ක් සහ පුද්ගලයන් 1,003,227 ක් නඩු විභාගයට පෙනී සිටියහ. එසේම ජාත්‍යන්තර වශයෙන් මේ අතර, එක්සත් ජාතීන් විසින් ටැන්සානියාවේ අරුෂා හි පිහිටි රුවන්ඩාව සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICTR) පිහිටුවන ලදී. එක්සත් ජාතීන්ගේ විනිශ්චය සභාව රජයේ සහ සන්නද්ධ හමුදාවන්හි ඉහළ මට්ටමේ සාමාජිකයින්ට නඩු විභාග කළ අතර රුවන්ඩාව පහළ මට්ටමේ නායකයින්ට සහ ප්‍රදේශයේ ජනතාවට නඩු පැවරීය. මෙම නඩු විභාග 2014දි අවසන් විය.[6] [7]
වර්තමානය
[සංස්කරණය]වර්තමානය වන විට රුවන්ඩාව සීඝ්‍රයෙන් දියුණුවන රටක් වන අතර ජාත්‍යන්තර පවසන පරිදි අප්‍රිකාවේ සිංගප්පූරුව ලෙස සැලකේ. වසර 30කට පෙර රුවන්ඩාව ලෝකයේ දුප්පත්ම රටක් වු අතර වර්තමානයේ අප්‍රිකාවේ දියුණු රටවල් අතර වෙයි. රට රටවල් ගානක් අතර සිර වීමද ජාත්‍යන්තර මුහුදු සීමාවක් නොමැති කමින්ද අවට රටවල් දේශපාලන සේම අර්ථික පරිහානියට ලක් වු රටවල් බැවින් රුවන්ඩාවට ආර්ථික වාසි හීන විය. ගතවු අවුරුදු 30ට රටේ සිවිල් යුද්ධයක් හෝ ජාතිවාදී ආගම්වාදී ගැටුම් සිදු නොවු අතර මුළු නගරයම ලෝකයේ පිරිසිදුම රටවල් වලින් ඉහලින්ම පවති.[8]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ [1]රුවන්ඩා ජන සංහාරය: "සිය දෙනෙකුට වඩා මාව දූෂණය කළා"
- ^ [2]ඉ ඒත් සමඟම රට පුරා ජාතිවාදී අදහස් ප්‍රකාශ කරිමත් සමඟ කෝලහල උච්චතම අවස්තාව පැමිණියේය. ඒ සමඟම සාමාන්‍ය ජනතාවද අසල්වැසි ටුට්සි, ටුවා ජනතාව ඝාතනය කරන්න, දුෂණය කරන්න, ගෙවල් මංකොල්ල කෑමට, ගිනි තැබීමට පෙළඹිණි. ගතවු දින 100 තුළ සිය ගිය ටුට්සි ජනතාව ලක්ෂ 5 සිට 8 දක්වාද, ටුවා ජනතාව 10,000ට වඩා මිය ගියේය. දින 100 තුළ සිදුවු ස්ත්‍රී, ළමා දුෂණ ප්‍රමාණය 250,000 සිට 500,000 වැඩිය. රුවන්ඩා වත්මන් ආණ්ඩුවට අනුව මිය ගිය ගණන මිලියන 1 හෝ ඊට වැඩි අතර, සමුහ මිනීවලවල් තවමත් හමුවේ. RPF අනුව මිය ගිය ටුට්සිවරුන් තිහාසයේ මිනිසාට එරෙහිව සිදුවු අමානුෂිකම අපරාධයක මතකය සමරයි
- ^ [3]රුවන්ඩා ජන සංහාරයට සිදුවී වසර විස්සයි
- ^ [4]ජනසංහාරයක විනාශය පරදා නැගී සිටි රුවන්ඩාව
- ^ [5]රුවන්ඩා ජන සංහාරයේ කෙටි ඉතිහාසයක්
- ^ [6]දින සියයක් තුල මිලියනයකට ආසන්න ජීවිත බිලිගත් ‘රුවන්ඩා ජනසංහාරය’
- ^ [7]රුවන්ඩාවේ ජන සංහාරයේ අතුරු ඵලය – පළමුවන කොන්ගෝ යුද්ධය
- ^ [8]රුවන්ඩාව අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්වන්නේ රටේ පිනට පහළ වෙච්ච එරට ජනාධිපති Paul Kagame නිසාය