රිටි පැනීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රිටි පැනීමේ ඉසව්වේදී ක්‍රීඩකයෙකු දිග, නැමෙන සුලු රිටක් භාවිත කරනු ලැබේ. මෙම රිට ෆයිබර් ග්ලාස් හෝ කාබන් ෆයිබර් වලින් තනන ලද්දකි. මෙම ක්‍රීඩාව පුරාණ ග්රීසියේ භාවිත වී ඇත. මෙම ක්‍රීඩා ඉසව්ව 1896 සිට පිරිමි සඳහාද 2000 දී ගැහැණු සඳහාද ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වක් විය.

ඉතිහාසය[සංස්කරණය]

පුරාණ කාලයේ උතුරු මුහුද ආශ්‍රිතව නෙදර්ලන්තයේ ෆ්‍රයිස්ලන්ඩ් වැනි පඳුරු වලින් ගහණ ගොහොරු බිම් සහ කේම්බ්රිජ්ෂයර්, හන්ටින්ඩන්ෂයර්, ලින්කන්ෂයර්, නෝෆෝක් ප්‍රදේශ වල වූ විශාල වගුරු බිම්ද තරණය කිරීම සඳහා රිටි භාවිතා කරන ලදි. මෙම වගුරු බිම් වල වතුර බැස යාම සඳහා නිර්මාණය කරන ලද කෘතිම ක්‍රම නිසා ප්‍රදේශයේ ඇල මාර්ග ජාලයක් නිර්මාණය වූ අතර හැම එකක්ම වාගේ එකට එකක් සම්බන්ධ විය. මේවා තරණය කිරිම සඳහා රිටි යොදා ගත් අතර, එවැනි රිටි එකතුවක් සෑම නිවසකම ගොඩ ගසා තිබුනි. වැනිසියානු ඔරු පදින්නන් ද ඔරුවේ සිට ගොඩ බිමට පැනීම සඳහා මෙම රිටි යොදා ගත්හ. මෙම ක්‍රමය ජනතා ක්‍රියාකාරකමක් දක්වා වර්ධනයවූ අතර අවසානයේ වාර්ෂිකව පවත්වනු ලබන තරඟයක් බවට පත් විය. මෙම ක්‍රීඩාවේ මුල් ස්වරූපය හරහට පැනීම වූ නමුත් එම ක්‍රමය ක්‍රීඩා තරඟ වලට කිසි දිනෙක යොදා නොගැනුනේය. ඒ වෙනුවට ඉහළ පැනීම පමණක් ක්‍රීඩාවෙහි දක්නට ලැබේ.

ජෙහාන් සී.එෆ්.ගට්ස්මුත් සහ ෆෙඩ්රික් එල් ජාන් විසින් මෙය ජිම්නාස්ටික් අභ්‍යාස වලට හඳුන්වා දීමෙන් පසු 1850 දී පමණ ජර්මනිය තුල මෙහි නවීන තරඟ ඇරඹුනේය. දහනම වෙනි ශත වර්ෂය අවසානයේ එක්සත් ජනපදයේ නවීන රිටි පැනීමේ තාක්ෂණය වර්ධනය විය. බ්රිතාන්යයේ මෙය පළමු වරට භාවිතා වූයේ කැලිඩෝනියන් ක්‍රීඩා වලදී ය. ආරම්භයේදී රිට සඳහා උණ ලී හෝ අලුමිනියම් භාවිතා විය. රිටි පැනීමේ සාර්ථකත්වය මුලින්ම තීරණය කරන ලද්දේ උස අනුව නොව පනින ලද දිග ප්‍රමාණය මැනීමෙනි. පසු කාලයේදී ෆයිබර් ග්ලාස් සහ කාබන් ෆයිබර් කොටස් යොදා තැනුනු වඩාත් නම්යශීලී රිටි හේතුවෙන් ක්‍රීඩකයින්ට නව උස ප්‍රමාණයන් කරා ළඟා වීමට හැකි විය. රිටි පැනීම සඳහා ක්‍රීඩකයාගේ වේගය සහ ජවය අත්‍යාවශ්‍ය වන අතර තාක්ෂණික දක්ෂතාවන්ද ඒ හා සමානවම වැදගත් වේ. රිටි පැනීමේදී කෙළින් අතට සිටුවා ඇති කණු දෙකක් මත ඉහළ කොනේ රඳවා ඇති හරස් පොල්ලක් මතින් එම පොල්ලේ නොගෑවෙන ලෙස පැනීම කළ යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=රිටි_පැනීම&oldid=374750" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි