රැකිරක්ෂා නීතිය - (තනි පුද්ගල කම්කරු නීතිය)
තනි පුද්ගල කම්කරු නීතිය සේවා සඳහා ගිවිසුම් ඇති කර ගන්නා කම්කරුවන්ගේ සේවා ස්ථානයේ අයිතීවාසිකම් සම්බන්ධ කටයුතු කරනු ලබයි. පෙර අවස්ථාවල දී වෘත්තීය සංගම් සේවා ස්ථනයේ ශුභසාධන කටයුතු වල ආරක්ෂකයන් වූ අතර බොහෝ රටවල මෙම තත්වය බැහැර කර සෘජුවම අධිකරණමය තීන්දු හරහා බලාත්මක කල හැකි තනි පුද්ගල නෛතික අයිතිවාසිකම් ප්‍රදානය කොට ඇත.
සේවා ගිවිසුම්
[සංස්කරණය]කම්කරු නීතියේ මූලික ලක්ෂණය වන්නේ සෑම රටකම පාහේ කම්කරුවාගේ සහ සේවා යෝජකයාගේ ඔවුනොවුන් අතර අයිතිවාසිකම් සහ බැඳීම් දෙපාර්ශවය අතර සේවා ගිවිසුම මඟින් බේරුම් කර ගත හැකි වීමයි. මෙම තත්වය වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමත් සමඟම ඇති වූවක් වන අතර මෙය නවීන ආර්ථික සබඳතාවන් වල හරාත්මක යථාර්ථය ද වේ. ගිවිසුමේ කොන්දේසි පනවනු ලබන්නේ ව්‍යවස්ථා සහ පොදු නීතිය වන අතර එමඟින් යම් කරුණු සම්බන්ධයෙන් ජනතාවගේ නිදහස සීමා කිරීමේ ක්‍රමයකට එකඟ වීම සඳහා සේවකයන්ගේ ආරක්ෂාව සඳහා සහ ගලායන ශ්‍රම වෙළඳ පලට පහසුකම් සැලසීමක් සිදුවේ. බොහෝ රටවල සේවකයාට රැකියා ගිවිසුමේ මූලික කොන්දේසි අඩංගු වන ලිඛිත තොරතුරු විස්තරාත්මකව සැපයීම ප්‍රධාන වගකීමක් කොට සලකනු ලබයි. මෙහි අරමුණ වන්නේ සේවකයාට තමන් බලාපොරොත්තු වන දෑ සහ තමනගෙන් බලපොරොත්තු වන දෑ කුමක්දැයි නිභ්චිතවම දැන ගැනීමට සැලැස්වීමයි. වැටුප් නිවාඩු දින අයිතීන් සේවයෙන් නෙරපීමේ දී දැනුම් දීම රැකියාව පිලිබඳ විස්තර මීට ඇතුළත්ය.
අවම වැටුප
[සංස්කරණය]කම්කරුවෙකු ට පැයකට ගෙවිය හැකි අවම වැටුප සඳහන් වන නීති තිබිය හැක. ඔස්ටේ්‍රලියාව, කැනඩාව, චීනය, බෙල්ජියම, ප්‍රංශය, ග්‍රීසිය, හංගේරියාව, ඉන්දියාව, අයර්ලන්තය, ජපානය, කොරියාව, ලක්ස්ම්බර්ග්, නෙදර්ලන්තය, නවසීලන්තය, පෘතුගාලය, පෝලන්තය, රුමේනියාව, ස්පාඤ්ඤය, තායිවානය, එක්සත් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල මෙවැනි නීති දක්නට ලැබේ. අවම වැටුප විවෘත වෙළඳ පලේ ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය වන අඩුම වැටුපෙන් වෙනස් වේ. අවම වැටුප් නීති 1938 දී ප්‍රථම වරට ඇමරිකා එක්සත් ජනපදයේ දී හඳුන්වා දුන් අතර 1948 දී ඉන්දියාවේ ද 1950 දී ප්‍රංශයේ ද 1999 දී එක්සත් රජධානියේ ද සඳුන්වා දෙන ලදී. යුරෝපා සංගමය තුළ සාමාජික රටවල් 25 ක් අතුරින් 18 ක ජාතික අවම වැටුප නීති සම්මත කර ඇත.
රාජකාරී වේලාව
[සංස්කරණය]කාර්මීක විප්ලවයට පෙර වැඩ දිනයක් පැය 11 සිට 14 ක් අක්වා විය. කාර්මීකරණයේ වර්ධනයත් සමඟ සහ යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීමත් සමඟම දිගු වේලාවක් වැඩ කිරීම සාමාන්‍යය දෙයක් බවට පත්වූ අතර පැය 14-15 වැඩ කිරීම සම්මතය වූ අතර පැය 16 ක් වැඩ කරන අවස්ථා ද සුලභ විය. නිරතුරුවම කර්මාන්ත ශාලා වල ළමා ශ්‍රමය භාවිතය ද සුලභ විය. 1788 වන විට එංනලන්තයේ සහ ස්කොට්ලන්තයේ ජල බලයෙන් ක්‍රියා කරන ඇඟලුම් කර්මාන්ත ශාලා වල වැඩ කරන ලද ශ්‍රමිකයින් ගෙන් තුනෙන් දෙකක් ම ළමයින් විය. පැය අටේ ව්‍යාපාර අරගලය අවසානයේ දී දිනක වැඩ කරන කාලය සම්බන්ධ ප්‍රථම නීතිය 1833 දී සම්මත වීමට මුල්වූ අතර එම කාලය පතල්කරුවන්ට පැය 12 ක් වූ අතර ළමයින් සඳහා පැය 8 ක් විය. 1802 දී සම්මත කරන ලද කරමාන්ත ශාලා පණත ප්‍රථම කම්කරු නීතදය විය. එංගලන්තයට පසුව කම්කරු නීති සම්මත කල පළමු යුරෝපීට රට ජර්මනි වූ අතර 1841 දී ප්‍රංශය දී ද කම්කරු නීිති සම්මත කරන ලදී.
සෞඛ්‍යය සහ ආරක්ෂාව
[සංස්කරණය]අනෙකුත් කමකරු නීති කම්කරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ නීති විය. 1802 දී සම්මත කරන ලද මුල් කාලීන ඉංගී්‍රසි කර්මාන්ත ශාලා නීතිය ළමා ඇඟලුම් ශ්‍රමිකයන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් විය. අසාධාරණ ලෙස සේවයෙන් නෙරපීම 158 වන ජාත්‍යන්තර කම්කරු සංවිධාන සමළුවේ සඳහන් වන්නේ සේවකයකු නීතිමය හේතුවක් නොමැතිව සහ තම නිදහසට කරුණු දැක්වීමට අවස්ථාවක් දීමට පෙර කම්කරුවකු සේවයෙන් නෙරපිය නොහැක යන්නයි.
ළමා ශ්‍රමය
[සංස්කරණය]මෙයින් අදහස් වන්නේ නීතිය හෝ ව්‍යාහරයන් මඟින් තීරණය කරනු ලබන වයස් සීමාවන්ට පහල වයසේ ළමයින් සේවයේ යෙදවීම යි. මෙම ක්‍රියා මාර්ගය බොහෝ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන ශ්‍රම සූරා කෑමක් ලෙස සලකනු ලබයි. ළමා ශ්‍රමය ඉතිහාසයේ බොගෝ කාලයක් පුරාවටම ප්‍රශ්ණයක් ලෙස දිස්නොවූ අතර පොදු පාසල් ඇරඹීමත් සහ කම්කරුවා සහ ළමා අයිතිවාසිකම් සමඟම කරලියට පැමිණියේය. ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීමට උදාහරණ ලෙස කර්මාන්ත ශාලා වල වැඩ කිරීම කැණීම්, කෘෂි කර්මාන්තය, දෙමාපියන්ගේ ව්‍යාපාර වලට සහය වීම, ස්වකීය කුඩා පරිමණයේ ව්‍යාපාරයක නිටත වීම හෝ නියමයක් නොමැති වැඩවල නිරත වීම දැක්විය හැකිය.