රාජිනි තීරණාගම
ආචාර්ය රාජනී රාජසිංහම් තීරණාගම (1954 පෙබරවාරි 23 – 1989 සැප්තැම්බර් 21 ) දමිල ජාතික මානව හිමිකම් ක්‍රියාකාරිනියක් හා ස්ත්‍රීවාදිනියකි. දමිළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම හේතුවෙන්, 1989 සැප්තැම්බර් මස 21 වන දින, එම සංවිධානය අතින් ඝාතනයට ලක්විය. ඒ වන විට ඇය යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ව්‍යුහ විද්‍යා අධ්‍යයන අංශයේ පිඨාධිපතිනිය වූවාය. එමෙන්ම ඇය මානව හිමිකම් පිළිබඳ වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සන්ධානයේ සමාරම්භක සාමාජිකාවක් ද වූවාය.
චරිතාපදානය
[සංස්කරණය]තරුණ විය හා අධ්‍යාපනය
[සංස්කරණය]යාපනයෙහි දමිල ක්‍රිස්තියානි මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ රාජනී රාජසිංහම් සොහොයුරියන් සතර දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා විය. ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය යාපනයේදී හැදෑරූ ඇය 1973 දී කොළොඹ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨයට ඇතුළු වූ අතර එහිදී ක්‍රියාකාරී ලෙස ශිෂ්‍ය දේශපාලනය වෙත නැඹුරු වූවාය.
විවාහය හා දරුවන්
[සංස්කරණය]විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරතුර ඇයට මුණගැසුනු, ඒ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ දයාපාල තීරණාගම සමග 1977 දී ඇය විවාහ වූවාය. එය ඒ වන විට ලාංකීය සමාජය තුල වූ ජාතිකත්ව හා ආගමික බාධකයන් බිඳ දමා සිදු කෙරුණු විවාහයක් විය. 1978 දී හා 1980 දී ඔවුන්ට නර්මදා හා ශාරිකා නමින් දරුවන් දෙදෙනෙකු ලැබුණු අතර 1989 දී සිදුවූ රාජනී ගේ මරණයෙන් පසු මේ වන විට ඔවුහූ බ්‍රිතාන්‍යය තුල ජීවත් වෙති.
වෛද්‍ය වෘත්තිය
[සංස්කරණය]1978 දී යාපනය මුලික රෝහලේ වෛද්‍යවරියක් ලෙස පත්වන ඇය 1979 දී ඉන් ඉවත්ව ග්‍රාමීය රෝහලක් වූ හල්දෙමුල්ල රෝහල කරා පත්වීමක් ලබන අතර නැවතත් 1980 දී යාපනයට පැමිණේ. එවර ඇය යාපනය වෙත පැමිණෙන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ අලුතින් ආරම්භ කෙරුණු වෛද්‍ය විද්‍යා පීඨයේ ව්‍යුහ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යයවරියක් ලෙසයි. මේ වන විට යාපනය තුල දැඩි ගැටුම්කාරී තත්වයක් පැන නැගී පැවතුනි. ඒ හේතුවෙන් යාපනයේවූ බොහෝ අය කොළොඹට හෝ විදේශ රටකට විශේෂයෙන් බ්‍රිතාන්‍යය, කැනඩාව වැනි යුරෝපීය රටවල් වලට සංක්‍රමණය වෙමින් පැවැතුනි.
LTTE ය සමග
[සංස්කරණය]ඒ වන විට දමිළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) සමඟ සම්බන්ධව සිටි ඇයගේ සොහොයුරියක් වූ නිර්මලා රාජසිංහම් ගේ සම්බන්ධකම් මත LTTE සංවිධානය සමඟ සම්බන්ධ වන ඇය, 1983 දී පොදුරාජ්‍යය මණ්ඩලයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා ලිවර්පූල් සරසවිය වෙත පිටත් වෙයි. එහිදී ඇයගේ සොහොයුරිය සමඟ එක්වන ඇය ඒ වන විට ලංකාවේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී මර්ධන පනතට එරෙහිවූ ජාත්‍යන්තර ව්‍යාපාරය වෙත එක්වෙයි. අනතුරුව නැවතත් LTTE සංවිධානයේ ලන්ඩන් කමිටුව හා සම්බන්ධ වන ඇය දමිළ සන්නද්ධ ව්‍යාපාරය වෙත ජාත්‍යන්තර සංවිධාන ජාලයක් ඇතිකර ගැනීම වෙනුවෙන් ක්‍රියා කරයි.
මානව හිමිකම් ක්‍රියාකාරිනියක් ලෙස
[සංස්කරණය]සිය අධ්‍යයන කටයුතු අවසානයේ ලංකාවට නැවත පැමිණෙන ඇය, උතුරේ දමිළ සන්නද්ධ ව්‍යාපාරය විමුක්තිකාමී ස්ථාවරයෙන් බැහැරව පටු ජාතිවාදී ඉසව්වක් වෙත ගමන් කරන බව වටහා ගන්නා අතර ඒ වන විට බිහිවෙමින් පැවති තත්වය අනුව ඇයට සිය ස්ථාවරය කෙරෙහි නැවත සිතන්නට පෙළඹවීමක් ඇති කළේය. අවසානයේ පවතින තත්වය ගැන විශ්ලේෂණය කල ඇය අර්බුධය ගැඹුරින් වටහා ගත්තාය. ඉන් අනතුරුව ඇය උත්සාහ කරන්නේ යාපනය තුල සිදුවන මානව හිමිකම් උල්ලංඝණයන් ගැන, විශේෂයෙන්ම LTTE හා ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF) සංවිධානයන් මගින් යාපනයේ සිදුකෙරන හිංසාවන් ගැන කරුණු එකු රැස් කරන්නටය. ඒ සමගම ඇය යාපනය විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතුව සිටි කථිකාචාර්යයවරුන් හා එක්ව මානව හිමිකම් පිළිබඳ වූ විශ්වවිද්‍යාල ආචාර්යයවරුන්ගේ සන්ධානයේ යාපනය ශාඛාව ආරම්භ කෙරීය. 1980 දී ඇයගේ සම-කතෘත්වයෙන් එළිදැක්වුණු 'බිඳුනු තල්රුක' 'The Broken Palmyra' මගින් ඒ වන විට තීව්‍ර වෙමින් තිබුණු LTTE ප්‍රචණ්ඩත්වය හා දමිළ ජනතාව පිළිබඳ වූ සැබෑ ගැටලුව පිළිබඳ නිවැරදි විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරුණි.
මරණය
[සංස්කරණය]'බිඳුනු තල් රුක' කෘතිය පිට වී සති කිහිපයකට පසු යාපනය තිරුණුවේලි හීදි, සේවය නිමවී බයිසිකලයකින් නිවස බලා යමින් සිටියදී ඇය LTTE පිස්තෝල කරුවෙකුගේ වෙඩි පහරකින් මරණයට පත්විය.
සමරු හා සිහිවටනයන්
[සංස්කරණය]No More Tears Sister: An Anatomy of Hope and Betrayal වාර්තා චිත්‍රපටිය 2005 දි National Film Board of Canada මගින් ඇයගේ ජීවිතය අලලා නිර්මාණය කෙරිණි.
උපුටන
' One day some gun will silence me and it will not be held by an outsider but by the son born in the womb of this very society, from a woman with whom my history is shared,'
1989 දී මිය යාමට මාස කිහිපයකට පෙර ...