Jump to content

රසායනික ගුණවල ආවර්තිතාව

විකිපීඩියා වෙතින්

ආවර්තිතා වගුවේ ප්‍රධාන ප්‍රයෝජනයක් වන්නේ මුලද්‍රව්‍යයක් වගුවේ පිහිටා ඇති ස්ථානය අනුව එහි ගති ගුණ අනුමාන කළ හැකි වීමයි. සිරස්ව තීරු දිගේ චලනය වන විට හා තිරස්ව පේළි දිගේ චලනය වන විට ගතිගුණ වෙනස් වන්නේ දෙආකාරයකට බව සැලකිය යුතුය.


කාණ්ඩ හා ආවර්ත

[සංස්කරණය]
  • ආවර්තිතා වගුවේ සිරස් තීරු කාණ්ඩ ලෙස හදුන්වනු ලබයි.

මුලද්‍රව්‍ය වර්ගීරණයේ වඩාත්ම වැදගත් ක්‍රමය ලෙස කාණ්ඩ දැක්විය හැකිය. සමහරක් කාණ්ඩවල මුලද්‍රව්යවලට අතිශයින් සමාන ගතිගුණ තිබෙන අතර කාණ්ඩය පහළට යම් කිසි පැහැදිලි ප්‍රවණතාවයක් ද දක්නට ලැබේ. මේ නිසා මෙම කාණ්ඩවලට සරළ නම් (ක්‍රමානුකූල නොවන) දී ඇත. උදා : ක්ෂාර ලෝහ, ක්ෂාරීය පාංශු ලෝහ , හැලජන හා උච්ච වායු , සමහරක් කාණ්ඩ අඩු සමානතා සහ සිරස් ප්‍රවණතා දක්වයි. (උදාහරණ ලෙස 14 හා 15 කාණ්ඩ) මේවාට සරළ නම් නොමැති අතර කාණ්ඩ අංකයෙන් හදුන්වනු ලබයි.

  • ආවර්තිතා වගුවේ පේළි ආවර්ත ලෙස හදුන්වනු ලැබේ.

කාණ්ඩ මුලද්‍රව්ය වර්ගීකරණයට සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමය වුවත් සමහර කොටස්වල දී තිරස් සමානතා හා ප්‍රවණතා සිරස් කාණ්ඩ ප්‍රවණතාවලට වඩා කැපී පෙනෙන අවස්ථා ඇත. මෙය d ගොණුවේදී (ආන්තරික ලෝහ ) හා f ගොණුවේදී තහවුරු වෙයි. එහිදී ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ තිරස් මුලද්‍රව්‍ය ශ්‍රේණි 2ක් නිර්මාණය කරයි.


කාණ්ඩවල ආවර්තිත ප්‍රවණතා

[සංස්කරණය]

පරමාණුක ව්‍යුහය පිළිබද නුතන ක්වොන්ටම් යාන්ත්‍රණ සිද්ධාන්ත කාණ්ඩ ප්‍රවණතා විස්තර කරන්නේ එකම කාණ්ඩය තුළ ඇති මුල ද්‍රව්‍යවල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රොනික සැකැස්ම ඒවායේ සමාන ගති ගුණ සදහා වැදගත් සාධකයකි. එකම කාණ්ඩයේ මුලද්‍රව්‍යවල පරමාණුක අරය , අයනීකරණ ශක්තිය හා විද්‍යුත් ඍණතාව විචලනය වන්නේ යම් කිසි රටාවකට අනුකූලවය. කාණ්ඩයේ ඉහළ සිට පහළට මුලද්‍රව්‍යවල පරමාණුක අර වැඩිවේ. න්‍යෂ්ටියට වඩා ඈතින් පිහිටයි. එමනිසා ඉහළ සිට පහළට ලිහිල්ව බැදී ඇති නිසා ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම පහසුය. කාණ්ඩයක ඉහළ සිට පහළට සංයුජතා ඉලෙක්ට්‍රෝන හා න්‍යෂ්ටිය අතර දුර වැඩිවන නිසා විද්‍යුත් සෘණතාව ද අඩු වේ.


ආවර්තවල ආවර්තික ලක්ෂණ

[සංස්කරණය]

එකම ආවර්තයේ මුලද්‍රව්‍යය පරමාණුක අරය, අයනීකරණ ශක්තිය , ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය හා විද්‍යුත් සෘණතාවයේ දී යම් ප්‍රවණතා පෙන්වයි. ආවර්තයක වමේ සිට දකුණට සාමාන්‍යයෙන් පරමාණුක අරය අඩු වේ. මෙසේ වන්නේ දකුණට යන විට මුලද්‍රව්‍යවලට අලුතෙන් ප්‍රෝටෝනයක් හා ඉලෙක්ට්‍රෝනයක් එකතුවීම නිසා ඉලෙක්ට්‍රෝන වඩාත් න්‍යෂ්ටිය දෙසට ඇදීමයි. මෙය පරමාණුක අරය අඩු වීමට මෙන්ම අයනීකරණ ශක්තිය වැඩිවීමට ද හේතුවේ. මුලද්‍රව්‍ය වඩාත් තදින් බැදී ඇති විට ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට වැඩි ශක්තියක් අත්‍යවශ්‍ය වේ. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට වැඩි ශක්තියක් අත්‍යවශ්‍ය වේ. ඉලෙක්ට්‍රෝන මත න්‍යෂ්ටිය මගින් ඇති කරන තල්ලුව නිසා විද්‍යුත් සෘණතාව ද අයනීකරණ ශක්තිය මෙන්ම ඉහළ යයි. උච්ච වායු හැරුණු කොට ලෝහ (ආවර්තයේ වම්පස) සාමාන්‍යයෙන් අඩු ඉලෙක්ට්‍රෝන බන්ධුතා දක්වන අතර අලෝහ (ආවර්තයේ දකුණ පස) වැඩි ඉලෙක්ට්‍රෝන බන්ධුතා දක්වයි.


උදාහරණ

[සංස්කරණය]

උච්ච වායු

[සංස්කරණය]

18 කාණ්ඩයේ සියලු මුලද්‍රව්‍යය (උච්ච වායු)වල සංයුජතා කවචය සම්පුර්ණ වී ඇත. එනම් ඒවාට සංයුජතා කවචය සම්පුර්ණ කර ගැනීම සදහා වෙනත් මුලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කළ යුතු නොවේ. එමනිසා අනෙක් කාණ්ඩවලට වඩා ප්‍රතික්‍රියාශීලිත්වයෙන් අඩුය. හීලීයම් හා නියෝන් උච්ච වායු වල වඩාත්ම නිෂ්ක්‍රීය මුලද්‍රව්‍ය වේ. මෙම කාණ්ඩයේ ප්‍රතික්‍රියාශීලීත්ව ආවර්ත සමග වැඩිවේ. බර උච්ච වායුවල ඉලෙක්ට්‍රෝන කවච විශාල නිසා ඒවා ප්‍රතික්‍රියා කරවීම පහසුය. නමුත් ඒවායේ ද ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අඩුය.


හැලජන

[සංස්කරණය]

හැලජන ලෙස හදුන්වන 7වන කාණ්ඩයේ මුලද්‍රව්‍ය වලට ඒවායේ කවච පුරවා ගැනීම සදහා අවශ්‍ය එක් ඉලෙක්ට්‍රෝනයක් පමණි. එමනිසා ප්‍රතික්‍රියාවල දී ඒවා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට පෙළඹේ. (ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ප්‍රවණතාව විද්‍යුත් සෘණතාව ලෙස හදුන්වයි) මෙම ගුණය ෆ්ලුවොරීන්හි (වඩාත්ම විද්‍යුත් සෘණ මුලද්‍රව්‍යය) වඩාත් හොදින් විද්‍යාමාන වේ. ආවර්ත‍ය වැඩි වන විට මෙය ක්‍රමයෙන් අඩුවේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සියලු හැලජන හයිඩ්‍රජන් සමග අම්ල සාදයි. හයිඩ්‍රොෆ්ලූවොරීන් අම්ලය , හයිඩ්‍රොක්ලෝරික් අම්ලය , හයිඩ්‍රොබ්‍රෝමික් අම්ලය හා හයිඩ්‍රොඅයඩික් අම්ලය මේ සදහා නිදසුන් වන අතර ඒ සියල්ල HX ‍ආකාර ‍වේ. ඒවායේ ආම්ලිකතාව කාණ්ඩය පහළට වැඩි වේ. අයඩීන් හා ෆ්ලුවොරීන් සැලකීමේ දී විශාල I- අයන ජලීය ද්රවණයක දී කුඩා F- අයනයට වඩා ස්ථායීවන නිසා ආරෝපණය විසිරුවා හැරීමට ඇත්තේ කුඩා පරිමාවකි.


ආන්තරික ලෝහ

[සංස්කරණය]

ආන්තරික ‍ලෝහවල ද (3 කාණ්ඩයේ සිට 12 දක්වා) ආවර්ත හරහා තිරස් ප්‍රවණතා මෙන්ම කාණඩ හරහා සිරස් ප්‍රවණතාව ද එක ලෙස වැදගත් ‍වේ. මෙහි යාබද කාණ්ඩ අතර වෙනස්කම් ක්‍රමානුකූල නොවේ. මේවා වැඩි වශයෙන් සංගත විශේෂ ලෙස ප්‍රතික්‍රියා සදහා එක්වේ.


ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ්

[සංස්කරණය]

ලැන්තනයිඩ් (57 -71 දක්වා මුලද්‍රව්‍යය) හා ඇක්ටිනයිඩ (89 -103 දක්වා මුලද්‍රව්‍යය) ආන්තරික මුලද්‍රව්‍යවලටත් වඩා එකිනෙකට සමානකම් පෙන්වයි. මෙම මුල ද්‍රව්ය මිශ්‍රණයක් වෙන් කිරීම ඉතා පහසුය. මෙය යුරේනියම් රසායනිකව පිරිසිදු කර ගැනීමේ දී වැදගත් වේ. යුරේනියම් න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් වැදගත් ප්‍රභවයකි.


http://en.wikipedia.org/wiki/Periodic_Table_of_the_Elements#Periodicity_of_chemical_properties